IMG-LOGO

2025 මැයි මස 01 වන බ්‍රහස්පතින්දා


‘ වරාය ලාබ ලබන තත්ත්වයකට ගේනවා‘

 

(ඩයනා උදයංගනී)

හම්බන්තොට වරාය කිසිම රටකට හෝ සමාගමකට විකුණන්නේ නැති බවත්, එය ප‍්‍රතිව්‍යුහකරණයෙන් බලාපොරොත්තු වන්නේ රාජ්‍ය හා පෞද්ගලික අංශ ඒකාබද්ධ වැඩපිළිවෙළකට ගොස් ලාභ ලබන තත්ත්වයට පත්කරගැනීම බව මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා ඊයේ (23) පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා එක්සත් ජාතික පක්‍ෂය යන දෙපාර්ශවයටම එක`ග විය හැකි ක‍්‍රමවේදයකට අනුව ක‍්‍රම ක‍්‍රමයෙන් රජයේ කොටස වැඩිවන ආකාරයට අනූ නව අවුරුදු බදු ක‍්‍රමය යටතේ මේ සඳහා වූ ගිවිසුමකට ඉදිරියේදී අත්සන් තැබෙනු ඇතැයි ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ මුදල් අමාත්‍යාංශයේ පිහිටි සිය කාර්යාලයේදී ඊයේ (23) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා මෙසේ ද කියා සිටියේය.

‘‘හම්බන්තොට වරාය ප‍්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ සාකච්ඡාවක් පසුගිය දිනවල ඇතිවුණා. ජනාධිපතිතුමා සහ අගමැතිතුමා ද පසුගිය දිනෙක මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වූවා. එයට අපේ පක්‍ෂයෙන් සුසිල් ප්‍රේමජයන්ත, ආචාර්ය සරත් අමුණුගම අමාත්‍යවරුන් මම සහ එක්සත් ජාතික පක්‍ෂයෙන් මලික් සමරවික‍්‍රම ඇමතිතුමාත් සහභාගී වුණා. ජනාධිපතිතුමා ඉතා පැහැදිලිව කීවේ වරාය මොනම හේතුවකටවත් විකිණීමේ අදහස සම්පූර්ණයෙන් බැහැර කළ බවයි. ඒ නිසා කිසිම රටකට හෝ සමාගමකට මේ වරාය විකිණීමක් වෙන්නේ නැහැ.

වරාය පිළිබඳ ගිවිසුම අපි පිළියෙළ කරන්නේ පක්‍ෂ දෙකේම පොදු එකඟතාවක් මතයි. අපි මූලික වශයෙන් කරුණු කිහිපයක් ශ්‍රී.ල.නි.පයේ නිරීක්‍ෂණ මේ සඳහා ඉදිරිපත් කර තිබෙනවා. ඒවා තවත් විධිමත් ආකාරයෙන් සකස් කරගත යුතුයි. එමෙන්ම ප‍්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළේ මූලික ලක්‍ෂණවලට අනුව අපි අපේ නිරීක්‍ෂණ ඉදිරිපත් කළා. මේ මූලික ලක්‍ෂණ එකඟතාවලට ගැළපෙන තත්ත්වයකට ආ පසු තව අංශ කිහිපයකට යා යුතු වෙනවා.

මූලිකවම 1979 අංක 51 දරන ශ්‍රී ලංකා වරාය අධිකාරියේ පනත වෙනස් නොකර ගිවිසුමක් අත්සන් කරන්න බැහැ. අපේ සියලූම වරාය වලින් 2016 වසරේ ණය සහ පොලිය ලෙස මිලියන 16,700ක් ගෙවා තිබෙනවා. හම්බන්තොට වරායෙන් පමණක් මිලියන 7,100ක් ගෙවා තිබෙනවා. අපි ප‍්‍රතිව්‍යුහකරණයෙන් බලාපොරොත්තු වෙන්නේ රාජ්‍ය හා පෞද්ගලික අංශ ඒකාබද්ධ වැඩපිළිවෙළකට ගොස් මෙය ලාභ ලබන තත්ත්වයටත්, ක‍්‍රම ක‍්‍රමයෙන් රජයේ කොටස වැඩිවන ආකාරයටත් ගිවිසුම්ගත වීමයි.

මෙහිදී ශ්‍රී.ල.නි.පයේ හා එ.ජා.පයේ ස්ථාවරයත් සමඟ පොදු එකඟතාවකට පැමිණ ඒ අනුවයි මේ සම්බන්ධ ගිවිසුමකට එන්නේ. ඒ හැර කවුරුන් හෝ වෙනත් මත ප‍්‍රචාරය කරනවා නම් එය වැරදියි. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සම්පූර්ණයෙන්ම පෞද්ගලීකරණයට විරුද්ධ දේශපාලන පක්‍ෂයක්. අපිට අපේ දර්ශනය මෙන්ම වගකීමකුත් තිබෙනවා. ඒ වගකීම වන්නේ මේ ආයතන අලාභ නොලබන අයුරින් පවත්වාගෙන යාමයි. මෙහි ණය ගෙවීමේ මූලික වගකීම භාණ්ඩාගාරයට පවරන්නත් බැහැ. මේ අනුව අපි ඉදිරි කාලයේදී වරාය පිළිබඳ තීන්දුවක් ගත යුතුයි.

ඉදිරියේදී අපි මෙය සාර්ථකව ගිවිසුම්ගත කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ වන විට ඒ ගැන කටයුතු කිරීමට කැබිනට් අනුකමිටුවකුත් පත් කර තිබෙනවා. එම කමිටුවට අපේ කරුණු ඉදිරිපත් කිරීමෙන් පසු ඒ ගැන ගිවිසුමකට  එළඹීමට අපි බලාපොරොත්තු වෙනවා.

පසුගිය වසර දෙක ගත්විට අපිට සතුටු විය හැකි හා සතුටු විය නොහැකි කාරණා සිදුවී තිබෙනවා. අද මේ රටේ ඇති වී තිබෙන ප‍්‍රජාතන්ත‍්‍රවාදී පිළිවෙත පිළිබඳව අපට සතුටු වෙන්න පුළුවන්. දැන් රට තුළ  ඕනෑම කණ්ඩායමකට, පාර්ශවයකට තමන්ගේ අදහස් ප‍්‍රකාශ කිරීමට, අරගල කිරීමට නිදහස ලැබී තිබෙනවා.

ඒ වගේම අපිට අසතුටු වීමට සිදුවන දේ ගත් විට ඒ කාලයේදී අපේ අපනයන ආදායම වැඩි වී නැහැ. රාජ්‍ය ආදායම වැඩිවීම සිදුවුණත් රාජ්‍ය වියදමත් වැඩි වී තිබෙනවා. වැටුප් වැඩිවීම එයට හේතුවක්. ලෝක ආර්ථික අර්බුදයකුත් තිබෙනවා. ඒ තුළ අනාගතයේ අපිට ප‍්‍රශ්න කිහිපයකට මුහුණ පෑමට සිදුවෙනවා. මෙයින් සහනයක් ලැබීමට නම් අපි අපනයන ආදායම වැඩි කරගත යුතුයි. ඒ සමඟම විදේශීය ආයෝජනයත් වැඩිකරගත යුතුයි. ඒ නිසා ඉදිරි වසර දෙක තුළ මේ කරුණු ගැන තීන්දු ගැනීමට රජයට සිදුවෙනවා.

ජනාධිපතිතුමා ඉදිරි සති කිහිපය ඇතුළත දේශපාලන සහ ආර්ථික වශයෙන් වැදගත් තීන්දු කිහිපයක් ගන්නවා. සමහරුන්ට මෙය තිත්ත වෙන්නත් සමහරුන්ට හොඳ වෙන්නත් පුළුවන්. ඒ වුණත් ජනාධිපතිතුමා වසර දෙකක් හැමදේටම ඉඩ දී තමන්ගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ස්වරූපය පවත්වාගෙන ගියා. නමුත් එතුමාට තමන් භාරගත් දේ ඉදිරි වසර හතර ඇතුළත ඉටුකිරීමේ වගකීමක් තිබෙනවා. ඒ නිසා එතුමා ඉදිරි කාලයේදී දේශපාලන හා ආර්ථික වශයෙන් ශක්තිමත් තීන්දු කිහිපයක් ගන්නවා.

ඒ වගේම මේ කාලය තුළ බැඳුම්කර වංචාව ගැන පැහැදිලි ක‍්‍රියාදාමයක් සිදුවෙනවා. මේ සම්බන්ධයෙන් ක‍්‍රියාමාර්ග ගැනීම ප‍්‍රමාද ඇයිද යනුවෙන් පසුගිය කාලයේ බොහෝ දෙනෙක් අපෙන් ප‍්‍රශ්න කළා. නමුත් නියම වෙලාවට මේ ගැන නිසි තීන්දු ගත් නිසා දැන් විනිවිද භාවයකින් යුතුව බැඳුම්කර කොමිසමේ කටයුතු සිදුවෙනවා.

පවතින ප‍්‍රජාතන්ත‍්‍රවාදය තුළ ඇතැමුන්ගේ හැසිරීම රටේ ආර්ථිකයට හා ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ගැටලූවක් වෙලා. ගොඩින් විසඳාගත හැකි දේ පාරේ දී විසඳාගන්නට ඇතැමුන් උත්සාහ කිරීම තුළ මහජනතාවට පීඩාකාරී තත්ත්වයක් ඇතිවෙලා.  යැයි ද රාජ්‍ය අමාත්‍යවරයා කීවේය.

මෙහිදී මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්න සහ ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා ඒවාට ලබාදුන් පිළිතුරු මෙසේය.

ප‍්‍රශ්නය: ඔබතුමා නොකියා කියන්නේ ඉදිරියේදී කැබිනට් සංශෝධනයක් සිදුවන බවද?

පිළිතුර: කැබිනට් සංශෝධන කරන්නේ ජනාධිපතිතුමායි. එතුමා ගන්නා තීන්දු ගැන ඇමැතිවරයෙක් ලෙස මට කියන්න බැහැ. නමුත් යම් යම් දේ සිදුවෙන්න පුළුවන්.

ප‍්‍රශ්නය: එ.ජා.පය වැරදි පාරක යන බවද කියන්නේ?

පිළිතුර: මෙය සම්මුතිවාදී ආණ්ඩුවක් නිසා දෙපාර්ශවයෙන්ම වැරදි සිදුවෙන්න පුළුවන්. නිසි කලට, නිසි ලෙසට, නිසි විලස තීන්දු ගන්නවා. මිනිසුන් අතින් වැරදි සිදුවෙනවා.

ප‍්‍රශ්නය: ආර්ථිකය ගැන තීන්දු ගන්නවා නම් එම වැඩපිළිවෙළේ යම් යම් අඩුපාඩු තිබිය යුතුයි නේද?

පිළිතුර: අඩුපාඩු තිබෙනවා. ඒවා නිවැරදි කරගත යුතුයි. ඒ සඳහා අපට වගකීමක් තිබෙනවා.

ප‍්‍රශ්නය: මුදල් අමාත්‍යධූරය වෙනස් වෙනවාද?

පිළිතුර: එය මට කියන්න බැහැ.

ප‍්‍රශ්නය: අපනයනය වැඩිකිරීමට හෝ ආයෝජන වැඩිකරන්න රජයට වැඩපිළිවෙළක් තිබෙනවාද?

පිළිතුර: ප‍්‍රජාතන්ත‍්‍රවාදය වැඩිවීම තුළ ඇතිවී තිබෙන යම් යම් අස්ථාවරභාවයන් නිසා ආයෝජන අඩු වී තිබෙනවා. යම් යම් කරුණු නොසලකා තද තීන්දු ගත්තා නම් ආයෝජන වැඩිවෙනවා. වර්ජන, පිකටින් නිසා අස්ථාවරභාවයක් ඇති බව ආයෝජකයන්ට පෙනෙන්නට පුළුවන්.

ප‍්‍රශ්නය: ශ්‍රී.ල.නි.ප.යට බලපාන තීන්දුත් ගන්නා බව කීවා. ඒ මොනවාද?

පිළිතුර: පක්‍ෂයේ ප‍්‍රතිසංවිධාන කටයුතු ඉදිරි මැයි දිනයෙන් පසුව ඉතා ඉක්මනින් සිදුකරන්න බලාපොරොත්තු වෙනවා.

ප‍්‍රශ්නය: ජනාධිපතිතුමාගේ හිතවතුන්ට නව පත්වීම් ලැබේවිද?

පිළිතුර: අපිත් ජනාධිපතිවරණයේදී එතුමාට හිතවත්ව සිටියේ නැහැ.  ඒ නිසා හිතවතුන්ට පත්වීම් දෙනවා කීම වැරදියි. අපට අවශ්‍ය පක්‍ෂය එක්කරගෙන ඉදිරියට යාමයි. පක්‍ෂයකට බෙදිලා කැඩිලා ඉදිරියට යන්න බැහැ.

ප‍්‍රශ්නය: පෞද්ගලීකරණය, විකිණීම මුල්කරගත් එ.ජා.පය සමඟ ඉදිරියට යන්න පුළුවන්ද?

පිළිතුර: පුළුවන්. ජාතික ආණ්ඩුවේ අරමුණ එයයි. කමිටු දමන්නේ, සාකච්ඡා කරන්නේ ඒ සඳහායි. රටට ආයෝජන, ලාභ අවශ්‍යයි. ඒත් අපි වෙන්දේසිකරුවන් බවට පත්වෙන්නේ නැහැ. ශ්‍රී.ල.නි.ප. ය ෂොක්මන් හා සමරවික‍්‍රම පෞද්ගලික සමාගම නෙවෙයි.

ප‍්‍රශ්නය: කල්කුඩා මත්පැන් කම්හලට බදු සහන දීම ගැන ඔබතුමා දන්නවාද? මෙය බැඳුම්කර වංචාවට සම්බන්ධ සමාගමෙන් කරන එකක්. ඒ සමාගම යටතේ ඇති මෙන්ඩිස් සමාගමට මීට පෙරත් විශාල සහන දී තිබෙනවා.

පිළිතුර: මම ඒ ගැන හරියට දන්නේ නැහැ. බදු සහන දී ඇත්නම් ඒ කුමන පදනම යටතේද යන්න මා දන්නේ නැහැ. ඉදිරි මාධ්‍ය හමුවේදී මේ ගැන සොයා තොරතුරු ලබාදෙන්නම්.

ප‍්‍රශ්නය: එ.ජා.ප.ය හා ආණ්ඩු හදනවාට ඒකාබද්ධ විපක්‍ෂයේ අය විරුද්ධයි. ඒ අය සමඟ එක්විය හැකිද?

පිළිතුර: එ.ජා.ප.ය සමඟ 2006දීත් ආණ්ඩු කළා. එදා ඒ අය විරුද්ධ වුණේ නැහැ. එදා ගිවිසුම් ගහද්දී කිරිබත් කෑ අය දැන් බැහැ කියන්නේ ඇයි? පසුව 18 දෙනෙක් ආණ්ඩුවට සම්බන්ධ කරගත්තා. ප‍්‍රශ්නය තිබෙන්නේ එතන නෙවෙයි. මේ ගමන යන්න බැරිකමක් නැහැ. ජනතාවට හානිකර නොවන අයුරින් සම්මුතියකට එන්න අපිට හැකිවිය යුතුයි. ඒ හැකියාව තමයි නිදහස් පක්‍ෂය අතට ගන්න හදන්නේ. යම් යම් තීන්දු ගන්නා විට ගැටලූ ඇතිවිය හැකියි. පොහොර දෙන ආකාරය වෙනස් කරන විට ගැටලූ ආවා. නමුත් දැන් දී ඇති ප‍්‍රමිතියෙන් යුතු පොහොර නිසා අස්වැන්න වැඩිවෙලා.

ප‍්‍රශ්නය: වරාය ගිවිසුම අත්සන් කරන්නේ 99 අවුරුදු බදු ක‍්‍රමයටද?

පිළිතුර: ඔව්.

ප‍්‍රශ්නය: ජිනීවා හි ඇති තත්ත්වය ගැන මොකද කියන්නේ?

පිළිතුර: ජාත්‍යන්තර විනිසුරුවන් අවශ්‍ය නැති බව ජනාධිපතිතුමා මෙන්ම අගමැතිතුමා පැහැදිලිව ප‍්‍රකාශ කර තිබෙනවා. අපට අපේ ක‍්‍රමවේදය විශ්වාසයි.

ප‍්‍රශ්නය: මුදල් ඇමතිතුමාට ලැබෙන සම්මාන ගැන මොකද හිතන්නේ?

පිළිතුර: එය හොඳයිනේ. ඒ ගැන සතුටුයි.

ප‍්‍රශ්නය: බැඳුම්කර සිද්ධිය ගැන ශ්‍රී.ල.නි.පයේ මතය කුමක්ද?

පිළිතුර:- මෙය හොරකමක්. මංකොල්ලයක්. ඉදිරියේදී ඒ ගැන ක‍්‍රියාමාර්ග ගැනේවි.

ප‍්‍රශ්නය: පක්‍ෂයට නව සංවිධායකවරුන් පත්වීම ගැන අදහස කුමක්ද?

පිළිතුර: ඉන්න සංවිධායකවරයා වැඩ කරන්නේ නැත්නම් නව සංවිධායකවරයෙක් පත්කර හෝ කටයුතු කරගෙන යා යුතුයි.



අදහස් (2)

‘ වරාය ලාබ ලබන තත්ත්වයකට ගේනවා‘

lusena Friday, 24 March 2017 02:16 PM

මේ මනුස්සය ඉන්නේ ලංකාවේ නෙමේද? මොනවද මේ කියවන්නේ. ලුසේන

:       9       0

siri Sunday, 26 March 2017 08:31 PM

මේ මිනිහා තවත් අන්දරේ කෙනෙක් වෙලා.විකුණගෙන කාපුවම මොන ලැබෙයි ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

‘‘ආර්ථිකය ආරක්ෂා කරන්න අපි සහාය දෙනවා‘‘
2025 මැයි මස 01 460 1

වේදිකාවල බොරුවට කෑ මොර නොදී ඇමරිකා බදුවලින් රටේ කම්කරුවාට වන බලපෑම්වලට සහනයක් ලබාදෙමින් ශ්‍රමිකයන් ඇතුළු, රටේ ආර්ථිකය ආරක්ෂා කරන්න අපේ සහාය ලබාදෙනවා



වර්තමාන ආණ්ඩුව ජනතාවට බරක් නොවන බව ඔප්පු කළා
2025 අප්‍රේල් මස 17 943 9

වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය


පච දේශපාලනය රජ වෙලා
2025 අප්‍රේල් මස 17 1194 23

මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


ජනපතිට ජපානයෙන් ආරාධනයක්
2025 අප්‍රේල් මස 11 7417 8

මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.


පිරිසිදු පුංචි ආණ්ඩු ටිකක් හදාගන්න
2025 අප්‍රේල් මස 11 892 3

අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා⁣ ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 360 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 96 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1122 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site