IMG-LOGO

2025 මැයි මස 05 වන සඳුදා


තරුණයන් දේශපාලකයන් පසුපස නොයවන ස්වාධීනව නැඟී සිටිය හැකි රටක් බිහිකරනවා

යොවුන්පුර සමාප්ති උළෙලේදී ජනපති කියයි

අංජුල මහික වීරරත්න ත්‍රිකුණාමලයේ සිට


“දේශපාලකයන්ගේ පසුපස නොයා තාරුණයයට ස්වාධීනව නැගී සිටිය හැකි රටක් නිර්මාණයකරන බව” ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ත්‍රිකුණාමලයේදී පෙරේදා (1) පැවැසීය. සෑම ආණ්ඩුවක්ම කළ වැරදි නැවතත් කරනවාදැයි නම හදවත්වලින්
ඇසිය යුතු බව කී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දේශපාලන දැන හැඳුනුම්කම නොව දැනුම හැකියාව මත පමණක් තාරුණ්‍යයට ඉදිරියට යෑමේ දොරටු විවෘත විය යුතු බව කීය.


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව කීවේ අටවැනි යොවුන් පුරය සමාප්ති උත්සවය ප්‍රධාන ආරාධිත ලෙස සහභාගි වෙමිනි. තරුණ තරුණියන් හය දහසකගේ සහභාගිත්වයෙන් ත්‍රිකුණාමලය මැක්නෙයිෂර් ක්‍රීඩාංගණයේදී අති උත්කර්ෂවත් අයුරින් සමාප්ති උළෙල පැවැත්විණි.


අටවැනි යොවුන් පුරයේ හොඳම දිස්ත්‍රික් ශූරතාව ගම්පහ දිස්ත්‍රික්කයට හිමි වූ අතර මොනරාගල දිස්ත්‍රික්කය නිර්මාණාත්මක ඉදිරිපත් කිරීම් තළ දිස්ත්‍රූික්කය ලෙස තේරිණි. ඩිජිටල් අලෝකරණයෙන් හැඩවූ දැවැන්ත වේදිකාවක්ද සමාප්ති උළෙල වෙනුවෙන් ඉදිකර තිබිණි. උත්සවයේදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේද කීය.


පසුගිය වසරේ සීගිරියේ යොවුන් පුරයෙන් වසරකට පසුව අද ත්‍රිකුණාමලයේදී හමුවීමට සතුටක් වනවා. විවිධ අදහස් ඇති හය දහසකට
ආසන්න තරුණ දරුවන් ලෙස ඔබ අධිතාක්ෂණික ලෝකය නියෝජනය කරනවා.ලෝකය සමග ගත්විට ශ්‍රී ලංකාව කුඩා
රටක් වනවා. නමුත් අපේ රටට මහා ශිෂ්ඨාචාරයක් තිබෙනවා. මහා සංස්කෘතියක් තිබෙනවා. එහි උප සංස්කෘතීන් රැසක්
තිබෙනවා. අපේ කුඩා රට පළාත් නවයකට අයිතියි. ඒ පළාත් නවයෙන් විවිධ සංස්කෘතීන් තිබෙනවා. දකුණේ සිංහල ජනතාවගේ සංස්කෘතිය වඩා කන්ද උඩරට සිංහලයන්ගේ සංස්කෘතියේ වෙනස්කම් තිබෙනවා. උතුරේ දෙමළ ජනතාවගේ සංස්කෘතියේ සහ නැගෙනහිර දෙමළ ජනතාවගේ සංස්කෘතියේ වෙනස්කම් තිබෙනවා. බෞද්ධ, හින්දු, ඉස්ලාම්, ක්‍රිස්තියානි ආදී හැම ආගමක්ම මෙරට
ජනතාවගෙන් නියෝජනය වෙනවා. රටක් ලෙස ඉදිරියට යනවිට ශක්තිමත්ම බලවේගය වන්නේ තරුණ පිරිසයි. ප්‍රඥාවෙන් ගුණවත්කමින් පොහොසත් තරුණපිරිසයි. යෞවනත්වය යනු ජීවිතයේ පිංවන්තමකාලයයි. ඒ යෞවන බව නැවත
කෙනෙකුට ගන්න පුළුවන්කමක් නැහැ. යෞවන සිතුම් පැතුම්වලට ඉඩදීමරාජ්‍ය මෙහෙයවන්නන්ගේ යුතුකමයි.


තරුණ පරපුරේ අදහස් යෝජනා ගෙන රජයක් ලෙස ඒවා ක්‍රියාත්මක කිරීමට මෙවැනි තරුණ කඳවුරු මහෝපකාරී වෙනවා. 1971දී අප රටේ තරුණ කැරැල්ලක් ඇතිවුණා. 1988-89 යුගයේදීත් එවැනිම තරුණ කැරැල්ලක් පැමිණියා. උතුර - නැගෙනහිර පැවැති යුද්ධය තරුණ කැරැල්ලක් නොවුනත් දෙපිරිසේම ජීවිත අහිමි වුයේ තරුණයන්ගේයි. අප නැවත තරුණ කැරළිවලට ඉඩතැබිය යුතුද? නැවත
තරුණයන්ට ආයුධ අතට ගැනීමට ඉඩ තැබිය යුතුද? රජයේ වගකීම වහවහා ඒ තත්ත්වය ඉවත් කිරීමයි. රටක් ලෙස අප තරුණයන්ට යායුතු මාවත සකස් කර දිය යුතුයි. තරුණයන්ට අවශ්‍ය සමාජ පිළිගැනීම දිය යුතුයි.


අද මෙරට තිබෙන තත්ත්වය කුමක්ද? දරුවකු පාසලට ඇතුළු කිරීමට මැති ඇමැතිවරුන් පස්සේ යා යුතුයි. ඇතැම්විට ජනාධිපති
ළඟට පැමිණිය යුතුයි. දරුවන් පාසලට දමා ගැනීම සඳහා උදේට මගේ නිවසටත් එනවා. තරුණධයන්ට රැකියා ගැනීමට දේශපාලකයන් පසුපස යා යුතුයි.බැංකුවකින් තරුණයකුට ණයක් ගන්නෙත් දේශපාලකයකුගෙන්ලිපියක්
අවශයයි. ස්වශක්තියෙන් ගොඩනැගුවද යම් නිර්මාණයක් වෙළෙඳපොළට දීමට ඒ සඳහා අවැසි පිළිගැනීම අදාළ ආයතනවලින් ලැබෙන්නේ නැහැ.
මෙරට සැම ආණ්ඩුවක්ම කළ වැරදි අප නැවතත් කරනවාදැයි අපේ හදවත්වලින් ඇසිය යුතුව තිබෙනවා. තරුණයන්ට රැකියාවක් ගැනීම සඳහා දේශපාලකයන් පසුපස යෑමේ ක්‍රමය සම්පුර්ණයෙන්ම ඉවත්විය යුතුයි. දැනුම හැකියාව මත පමණක් තරුණයන්ට සමාජයේ දොරටු විවෘත විය යුතුයි. රජයක් ලෙස අපේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදී මේ කාරණයට
ප්‍රමුඛත්වය දිය යුතුයි. තරුණයන්ගේ නිදහස් අදහස් සඳහා විවෘත මනසකින් කටයුතු කිරීමේ පරිසරය අප විසින් නිර්මාණය කළ යුතුයි.


අනාගතය සඳහා තරුණ දැනුම අවශ්‍ය වේලාවට රටට ආයෝජනය කළ යුතුයි. උතුරු නැගෙනහිර පමණක් නොව සමස්ත රටේම
රැකියා විරහිත උපාධිධාරීන්ගේ ප්‍රශ්නය පොදු ගැටලුවක් ලෙස සලකා මේ වසරේදී විසැඳුම් දීමට අගමැතිතුමා ඇතුළු කැබිනට් මණ්ඩලය
සමග සාකච්ඡා කර මෙරට ජාතිත ආර්ථිකය ශක්තිමත් කිරීමේ කාර්යයේදී වැඩි වටිනාකමක් ඇත්තේ තරුණ පිරිසටයි. විදේශ වත්කම් පහත වැටීම, අපනයන ආදායම පහත වැටීම ගැන කතා කරනවා.දේශීය ව්‍යාපාර ශක්තිමත් කිරීමේ කාර්යයේදී තරුණ
පිරිසට කළ හැකි කාර්ය භාරය වෙනුවෙන් ඉඩකඩ දිය යුතුයි.


දේශපාලකයකුගේ නිර්දේශය නොමැතිව තරුණයකුට බැංකුවකට ගොස් ණය ගැනීමට හැකි පරිසරය නිර්මාණය කළ යුතුයි. රටේ නිෂ්පාදන කාර්යයේදී නව අදහස් සිතුම් පැතුම් සමග නව ජවයක් සමග වැඩ කිරීමේ හැකියාව තිබෙන්නේ තරුණ පිරිසටයි.
මෙරට ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට නිෂ්පාදන ක්‍රියාවලිය වැඩි කිරීමට, විදේශ වත්කම් ඉහළ නංවා ගැනීමට, අපනයන කර්මාන්තය වැඩි කිරීමට, විදේශ වෙළෙඳ පොළට අවශ්‍යදේ දීම සඳහා තරුණසම්පත් භාවිතා කිරීමේ කඩිනම් අවශ්‍යතාව තිබෙනවා. ආර්ථික අර්බුදය ජය ගැනීමේ කාර්යයේදී තරුණ පිරිසට ප්‍රමුඛත්වය දිය යුතුයි. දැනුම, ශිල්පීය, ඥානය සහ නවෝත්පාදන ආර්ථිකය සමග ඔවුන්ට අවශ්‍ය මග පෙන්වීම කළ යුතුයි.


මෙරට සියලු ජන කොටස්වල ජාතික සමගිය ගොඩනැගීමේදී යොවුන්කඳවුර වැනි ආදර්ශ ව්‍යාපෘති සේම රට තුළ අප ගෙනයන පොදු
සංවර්ධන කාර්යයන්හිදී තරුණ පරපුරට මූලිකත්වය දිය යුතුයි. තරුණ දරුවනි ඔබට හොඳ අනාගතයක් දීමට අප වගකීමෙන් බැඳී
සිටිනවා. මේ වසර දෙක හමාරක කාලයේදී මුලික වශයෙන් අපට ජයගත යුතු අභියෝග රාශියක් තිබුණා.


ජාත්‍යන්තර හොඳ හිත දිනාගැනීම, රට තුළ නිදහස් සාමකාමී පරිසරයක් ඇති කිරීම ආදී කාර්යයන් සඳහා අප ප්‍රමුඛත්වය දුන්නා.අපට
කුමන චෝදනා පැමිණියද තාරුණ්‍යයට වැඩි වටිනාකමක්දීම සඳහා රජයේවගකීම හා යුතුකම නිසි ලෙස ඉටු කරනවා. තරුණයන්ට යහපත් අනාගතය දීම සඳහා අවැසි සියලු කැපකිරීම් අප විසින් ඉටු කරනවා. රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ඒකාබද්ධ වූ පුළුල්
ජාතික වැඩිපිළිවෙළ තුළ ඔබේ මෙන්ම ජාතියේ අනාගතය ශක්තිමත් කරමින් ලෝකයේ තවත් කෙනෙකුට දෙවැනි නොවන පරිදි රට
ගොඩනැගිය යුතුයි.


දැනුමෙන් ඔබ ලබන බලය පුදුමාකරයි.පාසල් දරුවන් විවිධ තාක්ෂණික නව නිර්මාණ බිහි කරනවා.පාසලෙන් පිටවූ දරුවන්ද එලෙසම
නිර්මාණශීලීයි. සියලුම දෙනාට අවශ්‍ය මගපෙන්වීම් කර සම්පත් දීමට අප කටයුතු කරනවා.


යොවුන්පුර සංකල්පයේ නිර්මාතෘවරයා වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ කටයුතුවලදී දෙන නායකත්වය අගය කළ යුතුයි. හෙට දවස තරුණයන්ගෙයි. ජාතියේ අනාගතය ඔබේයි. ඔබට අවශ්‍ය මග පෙන්වීමට අප සූදානම් යැයිද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.


විපක්ෂ නායක ආර්. සම්බන්දන් මහතා:- අපි ජාතිබේද දුරලා රට ගැන හැඟීමෙන් කටයුතු කරමු. රටක සංවර්ධනය එයයි. මෙවැනි වැඩසටහන් තවදුරටත් ක්‍රියාත්මක කරමින් ස්ථිර සාර සාමය ගොඩනගමු. යුද්ධය අවසන් වුවද පසුගිය රජය දෙමළ ජනාතව වහලුන්සේ ජීව්තවිය යුතු යැයි කල්පනා කළා. යුද්දයෙන් පසුව ඒ රජය යටතේ ජනතාව බලාපොරොත්තු වූ සාමය ලැබුණේ නැහැ.අද ප්‍රධාන පක්ෂ එක්ව ස්ථීර සාර සාමය සඳහා පමණක් අරඹා තිබෙනවා.අප කව්රුත් ශ්‍රී ලාංකිකයන් බව කිසි විටෙක අමතක කළයුතු නැහැ.


ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා:- අනාගත ශ්‍රී ලංකා පිළිබඳව තරුණ පරපුර වැඩිහිටි ජනතාවට ආදර්ශයක් පෙන්වා තිබෙනවා. තාරුණයනට අවශ්‍ය රැකියා ආදායම් මාර්ග, අධ්‍යාපනය ආදී ප්‍රශ්න ගණනාවකට අප උත්තර බැඳිය යුතුයි. ගමේ තරුණ නායකයන්ට ශක්තිමත් දේශපාලන දර්ශනයක් තිබිය යුතුයි. අන්තගාමීන් පරාජය කර සැබෑ ශ්‍රී ලාංකිකයන් ලෙස ඉදිරියට යාමට තරුණයන්ට ශක්තිය සැපයිය යුතුයි. නැගෙනහිර පළාත් ප්‍රධාන අමාත්‍ය නසීර් අහමඞ් මහතා: නැගෙනහිර පළාත කේන්ද්‍ර කර ගනිමින් මෙවැනි උත්සවයක් පැවැත්වීම පිළිබඳව අප අතිශයින් සතුටට පත්වෙනවා. ජාති - ආගම් භේදවලින් තොරව ශ්‍රී ලාංකික තාරුණයය වශයෙන් ඉදිරියට යාමට හැකිවීම රටේ ඉදිරි සුබවාදී වන බව කිව යුතුයි.


ජාතික තරුණ සේවා සභාවේ සභාපති එරංග වැලිඅංගනේ මහතා:- මෙපමණ වටින රට ලෝකයේ බබලවන්න අපටනොහැකි වෙලා. ඒ
චෝදනාව අනාගත පරපුර පිට පටවන්නට නොහැකි පසුබිමක් සැදිම යොවුන් පුරයේ අරමුණයි. ජාතික තරුණ සේවා සභාව තාරුණ්‍යයේ අරටුවයි. දේශපාලනීකරණය වී තිබු ජාතික තරුණ සේවා සභාව නිර්දේශපාලනීකරණය කිරීමට අපට හැකිවුණා. අපකරන එකම දේශපාලනය තාරුණයය අභිවෘද්ධිය ඇති කිරීමයි.


යොවුන්පුර පුරපති කේ.ටී. ඉමේෂ් මහතා:- මේ සංහිඳියාවේ යොවුන් පුරයයි. මෙහි පැමිණි හැම සාදරයෙන් පිළිගන්නවා.මේ යොවුන් පුරයේ සැබෑ හිමිකරුවන් වන්නේ තරුණ පරපුරයි. රටක වර්තමානය මෙන්ම අනාගතය රඳා පවතින්නේ තාරුණ්‍යය මතයි. මේ අවස්ථාවට නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස, මුදල් අමාත්‍ය රවී කරුණානායක යන මහත්වරුන් ප්‍රමුඛ මැති ඇමැතිවරු ඇතුළු විශාල පිරිසක් සහභාගි වී සිටියහ.

 

 

(ඡායාරූප - ඉෂාන් සංජීව)



අදහස් (3)

තරුණයන් දේශපාලකයන් පසුපස නොයවන ස්වාධීනව නැඟී සිටිය හැකි රටක් බිහිකරනවා

sisira Kumara Tuesday, 04 April 2017 03:32 AM

ඔබතුමා ජනාධිපතිකම කරන අපේ ලංකාවේද නැත්නම් වෙන කොහේහරි රටකද?

:       0       16

KM VIJITHA NANDA Tuesday, 04 April 2017 03:39 AM

තරුණයන් දේශපාලනයෙන් ඉවත්වී සිටින්නේ බහුපක්ෂ දේශපාලනයේ තිබෙන දූෂිත ක්‍රියාවලිය සහ සම්බන්දකම් නිසා කල යුත්තේ ගෝලීය ධනවාදයෙන් මිදී සමාජවාදී මාවතකට ප්‍රවිෂ්ට වීමය. නැතිනම් තරුණයින් 87-89 කාලයේ වගේ ඉදිරියට එම වලක්වන්න බැහැ ධනවාදයට ලෝකේ ප්‍රශ්න වලට උත්තර නැහැ

:       1       0

saman Tuesday, 04 April 2017 12:04 PM

අපේ තරුණයන්ට රටක් ඉතිරි උනොත් ,ඔය කියන රට බිහි කරයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

අරගල සමයේ දේශාපාලන පොඩ්ඩෝ වන්දි ගත් හැටි ඇමති හෙළි කරයි
2025 මැයි මස 03 2763 0

2022 අරගල සමයේ සිදු වූ කලබලයත් සමග මැයි 9 වැනි දින සිදු වූ ගිනි තැබීම්වලින් නිවාසවලට වූ හානිය වෙනුවෙන් හිටපු ප්‍රාදේශීය සභා නගර සභා මන්ත්‍රීවරු 92 ක් රුපියල


‘ලූනූ බිකටත් පොර බදින්නේ නැතිව රට හදන්න එක්වන්න‘
2025 මැයි මස 02 602 3

ලූනු බිකටත් පොර බදින්නේ නැතිව රට ගොඩ නගන ගමනට එකතු වන්නැයි වෘත්තිය සමිති ව්‍යාපාරයට ආරාධනා කරන බව ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක


‘‘ආර්ථිකය ආරක්ෂා කරන්න අපි සහාය දෙනවා‘‘
2025 මැයි මස 01 1717 10

වේදිකාවල බොරුවට කෑ මොර නොදී ඇමරිකා බදුවලින් රටේ කම්කරුවාට වන බලපෑම්වලට සහනයක් ලබාදෙමින් ශ්‍රමිකයන් ඇතුළු, රටේ ආර්ථිකය ආරක්ෂා කරන්න අපේ සහාය ලබාදෙනවා



වර්තමාන ආණ්ඩුව ජනතාවට බරක් නොවන බව ඔප්පු කළා
2025 අප්‍රේල් මස 17 967 9

වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය


පච දේශපාලනය රජ වෙලා
2025 අප්‍රේල් මස 17 1207 23

මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 661 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 172 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1201 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site