IMG-LOGO

2025 මැයි මස 05 වන සඳුදා


කුණු කන්ද නාය ගියේ එය ඉවත් කිරීමට හැදූ සැලසුම ක්‍රියාත්මක කරමින් තිබියදී...

මීතොටමුල්ල කුණු කන්ද නාය ගියේ එය ඉවත් කිරීමට සැකැසූ සැලසුම ක්‍රියාත්මක කරමින් තිබියදී යැයිද නොසිතූ විපතකට මුහුණ දුන් ප්‍රදේශවාසී ජනතාවට තම කනගාටුව ප්‍රකාශ කරන්නේ යැයිද අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ජපානයේ සිට විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටී.

අග්‍රාමාත්‍යවරයා පෙරේදා (15) කළ එම විශේෂ ප්‍රකාශය මෙසේය.

අලුත් අවුරුද්ද උදාවීමත් සමග නොසිතූ විපතකට මුහුණදීමට සිදුවූ මීතොටමුල්ල ප්‍රදේශයේ ජනතාවට අපේ කනගාටුව ප්‍රකාශ කරනවා. මීතොටමුල්ල කුණු කන්ද ඉවත් කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කර ක්‍රියාමාර්ග ගනිමින් තිබුණා. එහෙත් එම වැඩ කටයුතු අවසන් වීමට පෙර මේ ඛේදවාචකය සිදුවුණා. ඒ පිළිබඳව රජයේ කනගාටුව ප්‍රකාශ කරනවා.

මේ සිද්ධිය දැනගත් විගස අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳව සියලු පාර්ශ්වයන් සමග සාකච්ඡා කළා.

මේ සම්බන්ධයෙන් මම ජනාධිපතිතුමා සමග සාකච්ඡා කරද්දී ඒ වන විටත් සහනදායී සේවා සම්බන්ධීකරණය ක්‍රියාත්මක කර ඒ වැඩකටයුතු ආරම්භ කර තිබුණා. ප්‍රදේශයේ ආරක්ෂාව පිළිබඳව ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් නීතිය, සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යතුමා සමග සාකච්ඡා කළා. එමෙන්ම කතානායකතුමාත් මේ තත්ත්වය පිළිබඳව සාකච්ඡා කළා.

එදින නිවාඩු දවසක් වුවත්, ඇතිවූ තත්ත්වයට මුහුණදීම සඳහා ස්වදේශ කටයුතු ඇමැතිතුමා නිලධාරීන් ඒකරාශී කරගෙන අවශ්‍ය වැඩකටයුතු සිදු කළා. බිම්මට්ටමේ ක්‍රියාමාර්ග පිළිබඳ පොලිස්පතිතුමාත්, හමුදාපතිතුමාත්, එස්.එම්. මරික්කාර් මන්ත්‍රීතුමා සමගත් සාකච්ඡා කළා. මේ පිළිබඳ මූලික වාර්තා 15 වැනිදා පෙරවරුවේ ලැබුණු විගසම කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව ආපදා කළමනාකරණ අමාත්‍යංශයේ රැස්වී විෂය භාර ඇමැතිතුමා සහ නිලධාරීන් ඉදිරි වැඩකටයුතු ගැන සාකච්ඡා කළා. අනුර ප්‍රියදර්ශන යාපා ඇමැතිතුමා, සුසිල් ප්‍රේමජයන්ත ඇමැතිතුමා, හර්ෂ ද සිල්වා නියෝජ්‍ය ඇමැතිතුමා, මරික්කාර් මන්ත්‍රීතුමා, මුජිබර් රහුමාන් මන්ත්‍රීතුමා ඇතුළු මන්ත්‍රීවරුන් පළාත් සභා මන්ත්‍රීවරුන් ඇමැතිවරුන් සියලුදෙනාම එක්වී අවශ්‍ය ක්‍රියාමාර්ග ගනු ලැබුවා. ජනාධිපතිතුමාත් මේ සියලු පාර්ශව සමග සාකච්ඡා කළා.

විපතින් ජීවිත හානිව,ූ තුවාල ලත්, දේපල අහිමි වූ සියලුදෙනා වෙනුවෙන් සහන ලබාදීමේ ක්‍රියාමාර්ග ගැන එකඟත්වයකට පැමිණ ඒ සම්බන්ධයෙන් පත්කර ඇති කමිටුව ජනතාව දැනුවත් කිරීමට නියමිතයි.

කුණු කන්ද ඉවත් කිරීම සම්බන්ධයෙන් ජනතාවට දුන් පොරොන්දුව කිසිසේත්ම වෙනස් නොකරන බව කිව යුතුයි. ඊට අවශ්‍ය සැලසුම් වේගයෙන් ක්‍රියාත්මක කරමින් සිටින බවත් පැවසීමට කැමැතියි. මේ පිළිබඳව ජනාධිපතිතුමා සමග මා සාකච්ඡා කළ විට ජනාධිපතිතුමා කියා සිටියේ එම කටයුතු වේගවත් කළ යුතු බවයි.

පසුගිය මාස කිහිපය තුළ එස්.එම්. මරික්කාර් මන්ත්‍රීතුමාගේ යෝජනා කිහිපයක් අප පිළිගත්තා. ඒවාත් එම සැලසුම්වලට ඇතුළත් වෙලා තිබෙනවා. මේ කුණු කන්ද ඉවත් කිරීමේ සියල්ල පරිසරයට හිත කර සහ නීතියට අනුකූල ඒවා. කුණු කන්ද ඉවත් කිරීම නිසා ප්‍රදේශයේ පරිසරයට කිසිම හානියක් හෝ පරිසර දූෂණයක් සිදුවන්නේ නැහැ. ඒවා බොරු කතා. මේ නිසා ප්‍රධාන ප්‍රශ්නය විසඳීමට රජය ක්‍රියා කරනවා. එය රජයේ වගකීමක්. අහිංසක ජනතාවගේ ජීවිත වලින් මීට වන්දි ගෙවිය යුතු නැහැ. සමහර පාර්ශ්ව සටන් පාඨ ඉදිරියට දමමින්, කොළොන්නාවේ ජනතාව බිල්ලට දෙන එක මම නම් අනුමත කරන්නේ නැහැ.

අපට තිබෙන්නේ විශේෂයෙන්ම ජනතාව ගැන බලා සහන ලබාදීමයි. විශේෂයෙන්ම මේ නිවාස නැති වුණ අයට, ඉවත් කරන අයට අලුත් නිවාස ලබාගැනීමට සාධාරණ වන්දියක් ලබාදිය යුතුයි. ඇත්ත වශයෙන්ම සෑහීමකට පත්විය යුතු විසඳුමක් ඔවුන්ට දිය යුතුයි. නැත්නම් ඔවුන්ට සිය ජීවිතය ඉදිරියට ගෙන යාමට අමාරු වෙනවා. මට ඕනෑ සෑම කෙනෙකුම සෑහීමකට පත්වන විදිහට එම ක්‍රමවේදය ඉදිරියට ගෙන යාමටයි.

විපතට පත්වූ අය ගලවා ගැනීම සඳහා අලුත් අවුරුදු නිවාඩු කාලයේ සහන සේවා කටයුතු කරගෙන ගිය සියලු දෙනාටම අපි ස්තූති වෙනවා. සම්පූර්ණ වාර්තා ලැබුණු පසු මේ ගැන සවිස්තර ප්‍රකාශයක් කිරීමට රජය බලාපොරොත්තු වෙනවා.



අදහස් (11)

කුණු කන්ද නාය ගියේ එය ඉවත් කිරීමට හැදූ සැලසුම ක්‍රියාත්මක කරමින් තිබියදී...

Ratnamalala Monday, 17 April 2017 08:13 AM

එකනේ කියන්නේ, තව සති 2ක් කලින් වුණානම් නස්පැත්තිය වෙන්නේ නැහැනේ.

:       37       12

vipula Monday, 17 April 2017 08:15 AM

ඔබතුමාගේ සැලසුමේ තිබෙන දෝෂයක් නිසා තමයි මේක වුනේ. සැලසුම් කෙසේ වෙතත් කුණු දාන එකවත් නතර කලේ නැහැනේ...

:       0       80

harsha Monday, 17 April 2017 12:11 PM

මේ ප්‍රශ්නයේදී එකිනෙකා වෙත ඇඟිල්ල දික්කරමින් තර්ක කරනවා වෙනුවට පුද්ගල මට්ටමෙන් කසල ප්‍රශ්නය අවම කිරීම සදහා පියවර ගනිමු. පොලිතින් භාවිතය අවම කරමු. පොලිතින්, බත් කොළ වෙනුවට බත් පෙට්ටියක් භාවිත කරමු. වරක් භාවිත කර විසිකරන දේ වෙනුවට දීර්ඝ කාලයක් භාවිත කළහැකි දේවල් ප්‍රයෝජනයට ගනිමු. ක්ෂණික ආහාර, පැකට් කරන ලද ආහාර භාවිතය අවම කරමු. ගෙදරට ගෙන එන ෂොපිං උර නැවත නැවත භාවිත කරමු. තමන්ගේ ඉඩමේ සුළු ඉඩ ප්‍රමාණයක් හෝ තිබේනම් දිරපත්වන ද්‍රව්‍ය වලලමු. කසල ප්‍රතිචක්‍රීකරණය පිලිබදව දැනුවත් වෙමු. පාරතොටේදී හෝ පොදුස්ථානවල කැලි කසල විසිකිරීම නවතමු. බෝතල් කල ජලය පානය අවම කරමු. නිවසෙන් බැහැරව යන විට තමන්ට අවශ්‍ය ජලය බෝතලයක රැගෙන යමු. නිවසෙන් බාහිරව සිටිනවිටදී එකතු වෙන කුණු කසල බදුනකට දමන්න හුරු වෙමු. අසල කුණු දැමීමට බඳුනක් නොමැතිනම් තමන්ගේ කුණු ටික තමන්ගේ නිවසට රැගෙන ගොස් නිසි පරිදි ඉවතලීමට පුරුදු වෙමු. බොහෝ අනවශ්‍ය දේ මිලදී ගන්නවා වෙනුවට අත්‍යවශ්‍ය දේ පමණක් මිලයට ගනිමු. තමන්ගේ පහසුව ගැන සිතනවා මෙන්ම, තමන් විසින් කරන ක්‍රියාකාරකම් නිසා තම අවට පරිසරයට සිදුවන ඉතා සුළු බලපෑම ගැන වුවද සිතා බලමු.

:       0       264

dahamMonday, 17 April 2017 03:56 PM

ane මේ ඔය බන වැඩක් නැහැ. මේ කුණු කන්දට එරෙහි වෙච්ච මිනිස්සුන්ට ඔහේ කලේ කුණු වතුර විදලා එලවල දාපු එක. අර ගෝඨාබය හදපු සැලැස්මට ගිය ආණ්ඩුව රුපියල් බිලියන ගණනක් අය වනුත් වෙන් කළා. ගිය අවුරුදු දෙකේ එක කළා නම් මේ ප්‍රශ්නේ විසදිලා. ඔහෙලා කරන්නේ ලෝකේ වටේ රවුම් ගහන එක විතරයි. පවු අර අහිංසක ජීවිත. ඔහෙලට සහ ගහනවා.

:       430       813

lalith Tuesday, 18 April 2017 12:20 AM

ඔය සැලසුම නිබන්ධනයක් විදිහට ඉදිරිපත් කලානම් ජපනෙනුත් උපාධියක් අරගෙනම එන්න තිබුන. අපරාදේ දැන් එකට වෙලාව මදි ඇති මගේ හිතේ?

:       0       55

sudesh Tuesday, 18 April 2017 02:00 AM

මොකක් හරිවුනාම තමයි සැලසුම් සැලසුම් කරන්නේ නැත්තම් කරමින් තිබුනා කියන්නේ. ගෝඨාභය මහත්තයා ගෙනාපු සැලසම් ක්‍රියාත්මක කරානම් ඕක වෙන්නේ නැ

:       77       286

Chanak Los Angeles Tuesday, 18 April 2017 06:27 PM

ගෝටලාව මෙතනට ගන්න ඕනේ නැහැ ... ඔවුන්ව ජනතාව ප්‍රතික්ෂේප කරලා හමාරයි . දැක්කා නේද එක්කෙනෙක් මල්වානේ දේපොළට මාට්ටු වෙනවා කියල දැනගත්ත ගමන් ඒක මගේ නොවේ කියලා ලිස්සල ගිය විධිය .

:       569       2

KKPerera Tuesday, 18 April 2017 08:56 PM

නිවාස වලින් ගියානම් එම නිවාසත් කඩලා එතනත් කුණු පුරවනවා. උසාවි නීති කඩලා වැඩ කරපු රජයේ නිලධාරීන්ට දඩුවම් කරන්න. ඒක තමා නීතිය කියන්නේ i

:       33       1

vipula Thursday, 20 April 2017 07:39 AM

හැමෝම කියනවා අර යෝජනාව තිබුන මේ යෝජනාව තිබුන ජනතාවගේ විරෝධය නිසා කරගන්න බැරි වුන. ගිය ආණ්ඩුවේ ගෙවුණු අවුරුදු දහයේ ඉහළකොත්මලේ ජලාශය, නොරෙච්චෝලේ , ත්‍රස්ත වාදී යුද්දය. කොලබ පැල්පත් ඉවත්කර තට්ටු නිවස වල පදිංචි කිරීම් වගේ දේවල් හොදින් හෝ නරකින් කරගන්න පුළුවන් වුන. කරන්න ඕන කමක් තියෙනවා නම් කරන දේ හරිනම් කරන්න පුළුවන් බව මෙයින් කියන්න තියෙන්නේ. හැබැයි මීතොට මුල්ල කුණු ප්‍රශ්නයට ගිය ආණ්ඩුව විසදුම දුන්නත් ඔවුන්ට ඊට වැඩ චන්දෙ නොලැබෙන බව කියන්න ඕනේ.

:       0       70

aravinda Thursday, 20 April 2017 12:46 PM

මේ ප්‍රශ්නයට හොඳම ප්‍රයෝගික විසදුම, පසු ගිය රජයෙන් යෝජනා කල කොළොඹ නගරයේ කසල මඩකලපුවේ ස්ථිරව තැන්පත් කිරීමයි. පෙනෙන හැටියට මේ රජය ඒ යෝජනාව පසුගිය රජයෙ බැවින්, විකල්පයකින් තොරව නවතා දමා ඇත. මේ විපතට වර්තමාන රජය වගකිය යුතු අතර, අදාල ඇමතිවරයා වගකිය යුතු කෙනෙක් හැටියට ඉල්ලා අස්විය යුතුයි.

:       0       13

arunalu Friday, 21 April 2017 10:50 AM

මීතොටමුල්ල කුණු කන්ද වටේ වයි ෆයි කලාපයක් ඇති කරනවා කියල නැහැ.......

:       0       14

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

අරගල සමයේ දේශාපාලන පොඩ්ඩෝ වන්දි ගත් හැටි ඇමති හෙළි කරයි
2025 මැයි මස 03 2719 0

2022 අරගල සමයේ සිදු වූ කලබලයත් සමග මැයි 9 වැනි දින සිදු වූ ගිනි තැබීම්වලින් නිවාසවලට වූ හානිය වෙනුවෙන් හිටපු ප්‍රාදේශීය සභා නගර සභා මන්ත්‍රීවරු 92 ක් රුපියල


‘ලූනූ බිකටත් පොර බදින්නේ නැතිව රට හදන්න එක්වන්න‘
2025 මැයි මස 02 590 3

ලූනු බිකටත් පොර බදින්නේ නැතිව රට ගොඩ නගන ගමනට එකතු වන්නැයි වෘත්තිය සමිති ව්‍යාපාරයට ආරාධනා කරන බව ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක


‘‘ආර්ථිකය ආරක්ෂා කරන්න අපි සහාය දෙනවා‘‘
2025 මැයි මස 01 1714 10

වේදිකාවල බොරුවට කෑ මොර නොදී ඇමරිකා බදුවලින් රටේ කම්කරුවාට වන බලපෑම්වලට සහනයක් ලබාදෙමින් ශ්‍රමිකයන් ඇතුළු, රටේ ආර්ථිකය ආරක්ෂා කරන්න අපේ සහාය ලබාදෙනවා



වර්තමාන ආණ්ඩුව ජනතාවට බරක් නොවන බව ඔප්පු කළා
2025 අප්‍රේල් මස 17 967 9

වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය


පච දේශපාලනය රජ වෙලා
2025 අප්‍රේල් මස 17 1207 23

මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 654 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 169 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1200 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site