
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
කතානායකවරයා පෞද්ගලිකවම වරප්‍රසාද ප්‍රශ්න යොමු කිරීම වැරදි බව සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ සභාවේ කටයුතු ආරම්භයේදී කතානායකවරයා පෞද්ගලිකවම වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කළ අවස්ථාවේදීය.
දයාසිරි ජයසේකර මහතා:
ඔබතුමා අයිස් සහ මත්ද්‍රව්‍ය ගැන ප්‍රශ්නයක් දාලා තිබුණා. 118 ස්ථාවර නියෝග වල තියෙන්නේ මන්ත්‍රීවරයෙකු ඉදිරිපත් කරන යෝජනාවක් ඔබතුමා සෑහීමට පත් වන්නේ නම් වරප්‍රසාද කමිටුවට යොමු කරන්න පුළුවන් කියලයි. ඔය ප්රශ්නය කවුරුහරි මන්ත්‍රීවරයෙකු ලවා ඉදිරිපත් කළා නම් තමයි හොඳ.
කතානායක;
ඔව්. සංවිධායකතුමා ඉදිරිපත් කරාවි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd