ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඝාතනය කිරීම තැත් කළ රයන් රවුත් නමැති 59 හැවිරිදි සැකකරුට ජීවිතාන්ත සිරදඬුවමක් නියම විය. ඒ, ඔහු ට්‍රම්ප් ඝාතනය කිරීමට තැත් කළ බවට එල්ල වුණු චෝදනාවලට වරදකරු වීමෙනි.

ට්‍රම්ප් දෙවැනි වරට ජනාධිපති ධුරයට පත්වූයේ 2024 ජනාධිපතිවරණය ජය ගනිමිනි. ජනාධිපතිවරණයට පෙර, 2024 සැප්තැම්බර් 15 වැනිදා ට්‍රම්ප් ගොල්ෆ් ක්‍රීඩා කරමින් සිටියදී, රයන් රවුත් ගොල්ෆ් ක්‍රීඩා පිටිය අසල ගැවසී ඇත.

ජනපති ආරක්ෂක අංශ නිලධාරීන් සහ පොලිසිය පලා යමින් සිටි රයන් වෙඩි තබා අත්අඩංගුවට ගත්තේය. ගොල්ෆ් ක්‍රීඩාංගනය අසල පදුරක සඟවා තිබුණු දුරදක්නයක් සහ රයිෆල් තුවක්කුවක් ද සොයා ගැනුණි.

නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු අයිලීන් කැතන් අවධාරණය කළේ රවුත්ගේ ක්‍රියාව කිසිසේත් අනුමත කළ නොහැකි බවය.