( සිතුම් චතුරංග)

බඹරුන් දෂ්ඨ කිරීම හේතුවෙන් කිලිනොච්චිය මධ්‍ය මහා විද්‍යාලයේ ගුරුවරුන් දෙදෙනකු අතුළු පාසල් සිසුන් 37 දෙනකු අද(05) රෝහල්ගත කොට ඇතැයි කිලිනොච්චිය පොලිසිය කියයි.

පාසල් කාලය අතරතුරදී විදුහලේ ගොඩනැගිල්ලක් තුල තිබූ බඹර කූඩුවක් ඇවිස්සීම හේතුවෙන් බඹරුන් දෂ්ඨ කොට ඇති බව පොලිසිය සඳහන් කළේය.

බඹරුන් දෂ්ඨ කිරීම හේතුවෙන් සිසු සිසුවියන් පිරිස ප්‍රදේශවාසීන් සමඟ ඒක්ව කිලිනොච්චිය දිසා රෝහලට ඇතුලත් කොට ඇති බවත් පොලිසිය පැවසීය.

පොලිසිය පැවසූයේ බඹරුන් දෂ්ඨ කළ සිසුන්ගේ හෝ ගුරුවරුන් දෙදෙනාගේ තත්වය බරපතල නොවන බවත් බොහෝ පිරිසක් කිලිනොච්චිය දිසා රෝහලෙන් ප්‍රථිකාර ලබා පිටවගොස් ඇති බවත්ය.

කිලිනොච්චිය මධ්‍ය මහා විද්‍යාලයේ පංති කිහිපයක සිසුන් ඒලෙස රෝහල් ගත කොට ඇති බවත් පැවසීය.

පාසල අවට තවදුරටත් තිබෙන බඹර කූඩු කිලිනොච්චිය ආපදා කළමනාකරන ඒ්කකය , යුද හමුදාව සමඟ එක්ව ඉවත් කිරීමට කටයුතු කරන බවත් කිලිනොච්චිය පොලිසිය වැඩිදුරට පැවසීය.