( හිරාන් ප්‍රියංකර ජයසිංහ )

ආණමඩුව වඩිගමංගාව ප්‍රදේශයෙ දී  ලොරි රථයක්  හා යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටි සිදුවු මාරක අනතුරකින් තරුණ දෙදරු පියකු අවාසනාවන්ත ලෙස එම ස්ථානයෙදීම අද( 5)  මරණයට පත්ව ඇති බව ආණමඩුව පොලිසිය කියයි.

මෙලෙස මරණයට පත්ව ඇත්තේ යතුරු පැදි අලුත් වැඩියා කිරීමේ නිරතව සිටි කාර්මිකයකු වන 32 හැවිරිදි එල්.පි දිනුෂාන් ලියනගේ නැමති දෙදරු පියකු බව කියයි.

අනතුරින් මරණයට පත්වු තැනැත්තා ආණමඩුව පෙරියකුලම නිවසේ සිට සේවා ස්ථානයට පැමිණේමින් සිටියදි කුකුලන් රැගෙන යාම සදහා කුලියාපිටියෙ සිට පුත්තලම බලා එමින් තිබු ලොරි රථයක වඩිගමංගාව ප්‍රදේශයේදි  අනතුරට ලක්ව ඇති බව කියයි.

අනතුරීන් බරපතල තුවාල ලබා සිටි දෙදරු පියා ආණමඩුව මූලික රෝහලට ඇතුලත් කරන විටත් මරණයට පත්ව සිට ඇති බව පොලිසිය සිදුකල මූලික විමර්ශන වලදි සනාථ වි තිබුනී.

අනතුර සම්බන්ධයෙන් 41 හැවිරිදි ලොරි රථ රියදුරා ආණමඩුව පොලිසිය අත් අඩංගුවට ගෙන තිබුණි.