
(අංජුල මහික වීරරත්න)
"ළඟම පාසල හොඳම පාසල" ව්‍යාපෘතිය මඟින් ක්‍රියාත්මක කර අතරමඟ නැවතී ඇති උප ව්‍යාපෘති වල වැඩ අවසන් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
වර්ෂ 2016-2020 දක්වා කාලය තුළ 'ළඟම පාසල හොඳම පාසල' නමින් පාසල් වල යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කර ඇත.
2025 වර්ෂය ආරම්භ වන විට, එකී ව්‍යාපෘතිය යටතේ ආරම්භ කරන ලද උප ව්‍යාපෘති අතුරින් ව්‍යාපෘති 29 ක් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ද, ව්‍යාපෘති 3ක් පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු යටතේ ද තවදුරටත් නිම කිරීමට ඉතිරිව පැවතිණි.
මෙම අතරමග නැවතී ඇති ව්‍යාපෘති හේතුවෙන් පාසල් ප්‍රජාව ගැටලු රාශියකට මුහුණ දෙන අතර, එම කාර්යයන් වෙනුවෙන් වියදම් වූ මුදල් ද නිෂ්කාර්යය වියදමක් බවට පත් වී තිබේ. ඒ අනුව, 'ළඟම පාසල හොඳම පාසල' ව්‍යාපෘතිය යටතේ ආරම්භ කර තවදුරටත් ඉතිරිව ඇති ඉදිකිරීම ව්‍යාපෘති වල ඉතිරි ඉදිකිරීම් කටයුතු නැවත ආරම්භ කර 2025, 2026 සහ 2027 වර්ෂයන්හිදී ප්‍රමුඛතා පදනම් මත සම්පුර්ණ කිරීම පිණිස අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
2025 දෙසැම්බර් මස 04
802
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
589
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
466
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ළඟම පාසල හොඳම පාසල කරන වැඩ යළි අරඹයි
සොදකැලුමි පියරත්න Wednesday, 24 September 2025 07:26 PM
ළගම පාසල හොදම පාසල කිරීම හොදයි කියලා මාත් හැමදාම හිතුවා. ඒත් මගේ අත්දැකපු ආකාරයට දරුවන්ට තමන්නෙ ගම්ප්‍රදේශයෙන් බැහැර අධ්‍යාපනය ලැබෙනවිට විවිධ සමාජවල දරුවො සමග එක්වෙලා විවිධත්වයක් ලබා සමාජය හදුනාගැනීමට හැකිවෙනවා. දැනුම වර්ධනය වෙනවා .ළගම පාසලට ගියාම හැමදාම කටයුතු කරන්නම වෙන්නෙ අහල පහල අය සමගම තමයි .එක් අතකින් ළිදක පතුලේ සිටින ගෙම්බො වගේ තමයි. බොහොමයක් දෙනා ආනන්දයේ රසකතා නැතත් අපූරු ඉස්කෝලේ කියවලා ඇතිනේ.තවත් එකක් පළාත් සභා ඇතිකිරීමට පෙර රජයේ නිළධාරි මෙන්ම සේවකයින් ලංකාවෙ සෑම තැනකටම මාරුකිරීම කලා .එයින් ඔවුන් බොහෝ අත්දැකීම් ලබා සාර්ථක සේවය කලා වර්තමානයේ මාරුවීම් ලබන්නෙ දීප ව්‍යාප්ත සේවාවන් පමණයිනේ .එයිනුත් සමහරක් කොහෙවත් යන්නෙම නැහැ .ගෙදරම හිටිය ගමේ පාසැලට ගියා රස්සාවට .ගමේ ආයනයක වැඩ කරන්නෙ හොද සේවයක් කරන්නම දන්නෙ නැහැ .මම අත්දැකපු සත්‍යයම සිදුවීමක් මේක එක් ආයනයක හිටපු නිළධාරියෙක් පත්වීම ගත් දවසේ සිටම එකම තැනක හිටියෙ පාගමනින් යන්න පුලුවන් තැනක ඉතින් අදක්ෂතාව නිසා කොළඹ ආයතනය පුහුණුවලට යොමුකිරීමට ප්‍රධානීන් කටයුතු කලා කැදවීම් ලිපිය ලැබුනු වෙලාවෙම බඩේ අජීර්ණ තත්වයක් ඇති වෙලා සතියක් යනතුරුම බඩයාම පැවති