
(අංජුල මහික වීරරත්න)
විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ වැඩපිළිවෙළ සඳහා ශ්‍රී ලංකා ඩාවුඩි බෝරා ප්‍රජාව රුපියල් ලක්ෂ 100ක මූල්‍ය පරිත්‍යාගයක් කළේය.
ගෝලීය බෝරා ප්‍රජාවේ නායක ශුද්ධෝත්තම සෙයිද්නා මුෆද්දල් සයිෆුඩීන් පියතුමා වෙනුවෙන් ශ්‍රී ලංකා ඩාවුඩි බෝරා ප්‍රජාවේ සභාපති ඊබ්‍රහිම් සයිනි මහතා ඊට අදාළ චෙක්පත ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාට ජනාධිපති කාර්යාලයේදී අද (2) පිළිගැන්වීය.
විපතට පත් ජනතාව මුදා ගැනීම සහ සහන සැලසීම වෙනුවෙන් රජය ගෙන යන වැඩපිළිවෙළට ඉදිරියේදී තවදුරටත් සහාය ලබා දෙන බව මෙහිදී පැවසූ බෝරා ප්‍රජාවේ නියෝජිතයෝ, විපතට පත්වූවන් බේරා ගැනීමට සහ සහන සැලසීමට ශ්‍රී ලංකා රජය ගෙන යන වැඩපිළිවෙළ අගය කරමින් ඒ වෙනුවෙන් කෘතඥතාවද පළ කළහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රනිල් මහත්තයා හිටියා නම් ඕක දවස් 2ක් වාෂ්ප කරලා පෙන්නයි.. ඒ තරම් රටට සේවයක් කරන කෙනෙක්...
බොහෝම ස්තුතියි...