
(විමුක්ති එස් රුද්‍රිගු)
කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ සහ උගන්ඩාවේ පැතිර යන ඉබෝලා වෛරස වසංගත තත්වය ජාත්‍යන්තර අවධානයට ලක්විය යුතු මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ලෙස සළකා කටයුතු කළ යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය පසුගියදා ප්‍රකාශ කළේය.
මේ වනවිට ඉබෝලා වෛරසය වාර්තා වූ රෝගීන් 300 ක් පමණ කොංගෝවෙන් සහ උගන්ඩාවෙන් වාර්තාවී ඇති අතර ඉන් රෝගීන් 88 ක් දැනටමත් මියගොස් ඇත.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ටෙඩ්‍රොස් ඇඩ්හැනොම් ගේබ්‍රියේසස් මහතා සමාජ මාධ්‍ය සටහනක් තබමින් ප්‍රකාශ කර සිටියේ කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ සහ උගන්ඩාවේ පැතිර යන ඉබෝලා වෛරසය ගෝලීය වසංගත තත්වයක් බවට ප්‍රකාශ කිරීමට අවශ්‍ය සාධක සපුරා නැතත් අසල්වැසි රටවල් ඉබෝලා වෛරසය පැතිර යාමේ ඉහළ අවදානමක් තිබෙන බවයි.
කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ සහ උගන්ඩාවේ ඉබෝලා වෛරසය පැතිර යාමට හේතුව බුන්ඩිබුග්යෝ වෛරස් රෝගය (බී.වී.ඩී) බව සෞඛ්‍ය බලධාරීන් හඳුනාගෙන ඇති අතර එය කිසිඳු ප්‍රතිකාරයක් නොමැති දුර්ලභ ඉබෝලා රෝගයකි. ඉබෝලා වසංගත තත්ව 20 කට වැඩි අවස්ථාවන් ගණනක් කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයෙන් සහ උගන්ඩාවෙන් වාර්තා වී ඇතත් බී.වී.ඩී රෝගය වාර්තා වූ තෙවැනි අවස්ථාව මෙය වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd