
(විමුක්ති එස් රුද්‍රිගු)
ඇමෙරිකාව සහ ඊශ්‍රායලය නැවත වතාවක් ඉරානයට ප්‍රහාර එල්ල කිරීමට සූදානම් වන බවත් එම ප්‍රහාර මාලාව බොහෝ දුරට මෙම සතියේදී ආරම්භ වනු ඇති බවත් නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත පසුගියදා වාර්තා කළේය.
ඉරානයට පහර දීම සඳහා ඇමෙරිකාව සහ ඊශ්‍රායලය කඩිනමින් සූදානම් වන බවත් පාකිස්තානයේ මැදිහත් වීමෙන් පසුගිය අප්‍රේල් මාසයේදී සටන් විරාමයක් ඇතිකර ගැනීමත් සමග ඇමෙරිකාව සහ ඊශ්‍රායලය මෙවැනි ආකාරයේ සූදානම්වීමක් සිදු කරන්නේ ප්‍රථම වතාවට බවත් එම පුවත්පත සඳහන් කළේය.
අවශ්‍ය වුවත් ඉරානයට පහරදීම සඳහා ඇමෙරිකාවේ සූදානමක් තිබෙන බව ඇමෙරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් පසුගිය සතියේ ප්‍රකාශ කර තිබෙන බවද එම වාර්තාවේ දැක්විණි. එසේම ඉරානය ඇමෙරිකාව ඉදිරිපත් කළ යෝජනා සියල්ලම ප්‍රතික්ෂේප කර තිබෙන බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මාධ්‍ය වෙත අදහස් දක්වමින් පසුගියදා ප්‍රකාශ කළේය.
ඉරානය ඇමෙරිකාව ඉදිරිපත් කරන යෝජනාවන්ට මුලින් එකඟ වී පසුව ඒවා ප්‍රතික්ෂේප කරන බව ට්‍රම්ප් පැවැසුවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd