
(අංජුල මහික වීරරත්න)
විශ්ව විද්‍යාල වල නිම කර නොමැති ඉදිකිරීම් ව්‍යාපෘතීන්හි සියලු වැඩ නිම කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
විශ්ව විද්‍යාල වලට අවශ්‍ය කරන ගොඩනැගිලි ඉදිකිරීම් සහ අනෙකුත් යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා, රුහුණ, රජරට, සබරගමුව, වයඹ, ශ්‍රී ජයවර්ධනපුර යන විශ්ව විද්‍යාලවල සහ ශ්‍රී ලංකා නැගෙනහිර විශ්ව විද්‍යාලයේ ත්‍රිකුණාමල මණ්ඩපයෙහි ක්‍රියාත්මක කරනු ලැබ ඇති ව්‍යාපෘති කිහිපයක් එකී ව්‍යාපෘති අනුමතව පැවති කාල සීමාවන් තුළ මුහුණ දීමට සිදු වූ විවිධ බාධක හේතුවෙන් සම්පූර්ණයෙන්ම නිම කිරීමට නොහැකිව පවතී.
නව ශිෂ්‍යයන් වැඩි ප්‍රමාණයක් බඳවා ගැනීමටත්, අධ්‍යයන පහසුකම් වැඩි දියුණු කිරීමටත්, 75%කට වඩා වැඩ අවසන් කර ඇති එම ව්‍යාපෘතිවල ඉතිරි වැඩ සම්පූර්ණයෙන්ම අවසන් කළ යුතුව ඇත. ඒ අනුව, 2026, 2027 2027 2027 සහ 2028 යන වර්ෂ වලදී වෙන් කරනු ලබන අයවැය ප්‍රතිපාදන කළමනාකරණය කර ගනිමින් එකී ඉදිකිරීම් කටයුතු ප්‍රමුඛතා පදනම මත සම්පුර්ණයෙන් නිම කිරීම පිණිස අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
2025 දෙසැම්බර් මස 04
802
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
589
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
466
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සරසවි වල නැවතුනු වැඩට යළි පණ එයි