(නිමල කොඩිතුවක්කු)
පාසල් සිසුන් සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය මගින් හදුන්වා දෙනු ලැබූ සුරක්ෂා රක්ෂණාවරණය මේ වනවිට අතරමඟ නතරවී ඇතැයි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා පැවැසීය.
එම රක්ෂණය ඔක්තෝබර් මාසය වනතෙක් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව මගින් ක්‍රියාත්මක කරනු ලැබුවත් රක්ෂණ සංස්ථාවට ලබා දී ඇති කාල සීමාව අවසන් වීමෙන් සුරක්ෂා රක්ෂණයට කුමක් සිදුවන්නේද යන්න පිළිබඳ අධ්‍යාපන අමාත්‍යාංශය මගින් මෙතෙක් කිසිදු පැහැදිලි කිරිමක් සිදුකර නොමැති බවද ස්ටාලින් මහතා සදහන් කළේය.
මෙම රක්ෂණාවරණය සදහා රජය මගින් රුපියල් මිලියන 2700ක් වියදම් කර ඇතත් සිසුන් ඉන් ප්රතිලාභ හිමි කරගෙන ඇත්තේ රුපියල් මිලියන 237ක් පමණක් බවද ඔහු පැවැසීය.
රක්ෂණය වෙනුවට ළමා රෝහල් ඇති කිරීම, පාසල්වල සෞඛ්‍ය සායන හා දන්ත සයන පැවැත්වීම හා රෝග වැළැක්වීමේ ක්‍රියාමාර්ග ගත්නේ නම් මෙයට වඩා ප්‍රායෝගික බවද ජෝෂප් ස්ටාලින් මහතා කීය.
සුරක්ෂා රක්ෂණාවරණය මගින් ලක්ෂ 45ක් වන සියලූම පාසල් සිසුන්ට රුපියල් ලක්ෂ දෙක දක්වා ප්රතිලාභ හිමිවන පරිදි මෙම රක්ෂණාවරණය පසුගිය රජය මගින් හදුන්වා දෙනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සෞඛ්‍ය වෛද්‍ය රක්ෂණයක් කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න බැරි වෘත්තීය සමිති නායකයින්... ජීවිත රක්ෂණයක් වගේ නොවෙයි වෛද්‍ය වියදම් සඳහා වන මෙවැනි වැඩපිළිවෙලකදී ළමයි එක් බිලක් හෝ ප්‍රතිපූරණය කර ගත්තේ නෑ කියලා ගෙවපු මුදල් ආයි ලැබෙන්නේ නෑ. වසරක් තුළ ක්‍රියාත්මක කරන්න හැකි යෝජනාවකට විකල්ප විදිහට දීර්ඝ කාලීන යෝජනා ගේනවා.
පක්ෂ පාට භේදයකින් තොරව පසුගිය ආණ්ඩු කාලය තුළ සිදුකළ හොඳ වැඩ, සුරක්ෂා සිසු ණය රක්ෂණය, සුවසැරිය ගිලන් රථ සේවාව, ස්වාධීන කොමිසන් සභා (පොලිස්, මැතිවරණ...), තොරතුරු දනගැනීමේ පනත, පාසල් අැඳුම සඳහා කූපන් ක්‍රමය (මෙයට විරුද්ධ මත ඇත. නමුත් හොර ව්‍යාපාර කොමිස් නැත) මූල්‍ය අපරාධ අංශය (අඩු පාඩු ඇත්නම් නිවැරැදි කර බලවත් කරනු. වසා දැමීමට කතා කරන්නෝ හොරුමයි) අවංකව යමක් එක්කිරීමට ආරාධනා...
පටන් ගත්තු විදිහට අපිට හිතුනේ නැහැනේ අවුරුද්දට විතරයි ගෙවලා තියෙන්නේ කියලා. ආණ්ඩුවේ මුදල් අවුරුද්දෙන් අවුරුද්දට රක්ෂණ සමාගමට ගෙවන්න ඕනේ නැහැ. ළමයෙක් රක්ෂණයක් ගත්තා නම් ඒ මුදල හා ඒ සම්බන්ධ වැඩ කිරීම වෙනුවෙන් අදාල ගෙවීමක් විතරක් අදාල රක්ෂණ සමාගමට ගෙවන විදිහට පටන් ගත්තා නම් ඉවරයිනේ...