
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
අපි වරායවල් හදන විට විරුද්ධ වෙච්ච උදවිය අද ඊට හොඳ කියනවිට සතුටු යැයි පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැවසීය.
අපි වරායවල් හදනකොට විරුද්ධ උනේ ඔබතුමාලා.අද මෙතුමන්ලාගේ කටින්ම ඒ ඉදිකිරීම් හොඳයි. ඒවා තව ව්‍යාප්ත වෙන්න ඕන වගේ කතා කියන එක ගැන සතුටුයි.ඔබතුමාලා රතු කන්ටේනර් 323 ක් එලියට දාල තියෙනවා.හැබැයි පරීක්ෂණ නැහැ.ජාත්‍යන්තර බුද්ධි අංශ වාර්තා තිබියදීත් කුඩු කන්ටේනර් දෙකක් එලියට දාලා තියෙනවා.ඒවා ගැනත් ඔබතුමාලගේ න්‍යාය පත්‍රය ඇතුලේ පරීක්ෂණ නෑ.අපිට එන්න කියලා ඒවා අහනවා.මෙයාලගේ ආණ්ඩුවෙන් පන්නපු කන්ටේනර් ගැන අපෙන් අහල මොකටද?ඒ වගේම කරුණාකර ආගමික නායකයන් විවේචනය කිරීම නවත්වන්න.ජාතිවාදය අවුස්සන්නේ නෑ කියලා නැති ජාතිවාදයක් හවුස්සන තැනට සමාජය තල්ලු කිරීම නවත්වන්න.
ඒ වගේම පොදු දේපල පනතයි,මුදල් විශුද්ධි කිරීමේ පනතයි ඔක්කොම එකතු කරලා දේශපාලන පලි ගැනීම කියලා අලුත් පනතක් හදාගත්තා නම් හොඳයි.එහෙමනම් පාර්ලිමේන්තුවේ හිටපු ලේකම්තුමා ඇතුළු ඔක්කොම ඒ පනතින් ගෙනියන්න පුළුවන්.එතකොට කතානායකතුමා අමාරුවේ වැටෙන්නෙත් නෑ යනුවෙන්ද රාජපක්ෂ මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පව්ල් පාලන ආණ්ඩුව කාලේ රේගුවට බලපෑම් කරලා කුඩු, එතනෝල්, වගේම වාහන පවා බදු නොගෙවා නිදහස් කෙරුවේ කව්ද කියලා දන්නෝ හොන්දාකාරවම දන්නවා...
මයිනා පැටියා වරාය හැදුවේ කුඩු විකුණලාද? නැත්නම් රජයේ මුදල් සහ ගිනි පොලියට ගත්තු මුදල් වලින්ද? පාර්ලිමේන්තුවට... ලොකු ලැජ්ජාවක් නූගත් හොරුන්ව තියන් මේ වගේ... චූන් කතා කියන්න දෙනවාට... පත්මේත් එක්ක කුඩු... ගනුදෙණු කරපු හැටි විවාදයට ගේන්න. හිතන් ඇති මාගේ කිරිල්ලී වගේ... අපරාද අංශයත් මෙයාගේ. නඩු පොත් විනාශ කරයි කියලා. නාකිමයිනා මේවා බලන් ඉන්න. පව් කරපු නිසා සිරිලියත් ගියා නේද? මොවුන්ට ගිය කලක්... කපුටා දකින්නත් නැහැ. ඇමරිකාවේ දරුනු සීතලට. ගල්වෙලා ඇති...