
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
මිනිසුන් ගැන තෙතමනයෙන් වැඩ කරන සංස්කෘතියක් නාගරික සංවර්ධන අධිකාරියේ නැතැයි ප්‍රවාහන මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේ දී පැවැසීය.
"නාගරික සංවර්ධන අධිකාරියට අයත් හේනමුල්ලේ රන්දිය උල්පත නිවාස සංකීර්ණයේ බදාම ස්ථරයක් ගැලවී යාම නිසා අවුරුදු හතක කුඩා දරුවෙක් මියගොස් තිබෙනවා.ඒ පවුලෙන් අප සමාව අයැද සිටිනවා.
නාගරික පුනර්ජීවන වැඩසටහන යටතේ ඉදි කෙරී ඇති නිවාස ව්‍යාපෘති වල බොහෝ ගැටලු තිබෙනවා. මතට ඇබ්බැහි වූ අය විසින් විදුලි සෝපානවල කැබලි ගලවනවා.ලයිට් ආදිය ගලවා දමනවා.මේවායේ ජීවත්වන්නේ මිනිසුන් බව නොසිතා කළ ඉදිකිරීම් නිසා ආපදාවලට මුහුණ දෙන්නට සිදුවෙනවා.අප අමාත්‍යාංශය බාර ගත් පසුව අත්‍යවශ්‍ය නාගරික නිවාස ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය කිරීම සඳහා රුපියල් මිලියන 325 ක් වෙන් කර තිබෙනවා.අඩු ආදායම් ලාභීන් මිනිසුන්ට ගෙයක් හදලා දීලා ඔහේ අත හැර දාලා තිබෙනවා.පහසුකම් නැහැ.පුළුවන් නම් ඉඳපන් කියලා ගෙවල් විතරක් දීලා තියෙනවා.නාගරික සංවර්ධන අධිකාරියේ සම්පත් බෙදී යාම සහමුලින්ම වෙනස් කළ යුතුයි.මිනිසුන් ගැන තෙතමනයෙන් වැඩ කරන සංස්කෘතියක් නාගරික සංවර්ධන අධිකාරියේ නැහැ"යනුවෙන් අමාත්‍යවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලබාපු ගෙවල් සහිත ගොඩනැගිලිවල පොදු පහසුව තකා ඇති සෝපානක කඩා බිඳ විදුලි පහන් ගලවනව නම් ඔවුන්ට මොනවද තව තෙතමනය පෙන්වන්නේ. කරන අය කවුද කියලා ඒ ගෙවල්වල ඉන්න නිවැසියන්ට රහසක් වෙන්න බෑ නේද?
සහාධිපත්‍ය කලමනාකරන කමිටු නැතිද ඕවායේ. ඇරත් ඉතින් සමහර uda TO මහත්වරු රුපියල් 5,000ට කරන වැඩ දැක්කාම දුක තමා රංජනී.
ඔව් සහෝදරයා මේවා සම්පූර්ණ ලෙස වෙනසක් කරන්න ඕනේ.. ඒ වගේම cctv සවිකරලා ඒවා ආරක්ෂාවට ආරක්ෂක අංශ වලට බාර දෙන්න ඕනේ... නැතිනම් මොනවා කලත් වැඩක් නැහැ..