(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

බොරුවෙන් මුලාවෙන් රට පාලනය කරනවා වෙනුවට රටට ජනතාවට පොරොන්දු වූ දේ ඉටු ඉටු කරන්නැයි ඉල්ලා සිටින බව විපක්ෂ නායක සජිත්  ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

24 පැයේම රජය බොරුව ඇන්දවිල්ල ක්‍රියාත්මක කරනවා.අද අප රටේ විශ්‍රාමිකයන් මෙන්ම වැඩිහිටියන් ලක්ෂ ගණනින් ලොකු අසරණ බවකට ලක්ව තිබෙනවා.ලක්ෂ පහළොවක තැන්පතුවකට සියයට පහළොවක් වූ විශේෂිත පොලී ආදායමක් වැඩිහිටි පරපුරට ලැබුණා.මේ රජය රජය පත්වුණේ වැඩිහිටි පරපුර සුරක්ෂා කරන බවට පොරොන්දුවක් දෙමින්.අද ඒ පොලිය සියයට අටක් දක්වා පහතට වැටී තිබෙනවා.රට ආරක්ෂා කිරීමට සිටින රණවිරුවන්ට ලැබිය යුතු ප්‍රතිලාභ  ක්‍රමයෙන් කප්පාදු කරමින් සිටිනවා. ආබාධිත රණවිරුවන් වෙනුවෙන් පොරොන්දු වූ වරප්‍රසාද කිසිවක් අද වනතුරු ලැබී නැහැ.තමන්ගේ ගම් ප්‍රදේශයේ සේවය කරපු සිවිල් ආරක්ෂක නිලධාරීන් දුර ඈත ප්‍රදේශ වලට මාරු කරලා යවලා.බොරුවෙන් මුලාවෙන් රට පාලනය කරනවා වෙනුවට රටට ජනතාවට පොරොන්දු වූ දේ ඉටු ඉටු කරන්නැයි අප ඉල්ලා සිටිනවා.