
(සුජිත් හේවාජුලිගේ සහ ඔන්න මහික වීරරත්න)
විදුලිබලය සැපයීම සම්බන්ධ සියලු සේවාවන් අත්‍යාවශ්‍ය සේවාවන් බවට පත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිකුත් කළ ගැසට් නිවේදනය අනුමතිය සඳහා හෙට (24) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය විය.
මේ අනුව 1979 අංක 61 දරන අත්‍යාවශ්‍ය මහජන සේවා පනත යටතේ 2025.09.21 වැනිදා නිකුත් කළ අංක 2454/68 දරන ගැසට් පත්‍රයේ ජනාධිපතිතුමා විසින් විසින් කරන ලද ප්‍රකාශනය මෙසේ විවාදයකින් තොරව හෙට අනුමතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ බහුතරයක් මේ ආණ්ඩුවට ඡන්දය දුන්නේ අබල දුබල විපක්ෂයේ රූකඩ වලට ඕනෑ විදිහට නටන්න නොවෙයි. වංචාව දූෂණය හොරකම හා නාස්තිය නවත්තලා රට සංවර්ධනය කරන්නයි. ඒකට කවුරුන් හරි හිතාමතාම බාධා කරනවා නම්, කකුලෙන් අදින්න උත්සාහ කරනවා නම් නීතියට අනුව ගන්න පුළුවන් උපරිම ක්‍රියාමාර්ග ගන්න මේ ආණ්ඩුව පුළුවන් වෙන්න ඕනෑ. ඒ තීරණ සමග ආණ්ඩුවට ඡන්දය දුන්නු 68 ලක්ෂය ඉන්නවා ස්ථිරයි.