
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
රජය විදුලි සේවකයන්ගේ අයිතිවාසිකම් පිළිගත්තත් අසාධාරණ ඉල්ලීම් පිළිගැනීමට සූදානම් නැතැයි නාගරික සංවර්ධන ඉදිකිරීම් හා නිවාස අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
"මේ දින වල විදුලි බල මණ්ඩලයේ සේවකයන් අතර යම් නොසන්සුන්තාවයක් තියෙනවා.පසුගිය කාලයේ විදුලි බල මණ්ඩලය 12කට කඩන වැඩ කටයුත්තක් අරඹා තිබුණා.අප එය නතර කොට සම්පූර්ණ රාජ්‍ය අයිතිය සහිත සමාගම් පහක් සහිත පනතක් ඉදිරිපත් කළා.විදුලි බල සේවකයන්ගේ ඉල්ලීම් 21න් බහුතරයක් අපේ පනත තුළින්ම සම්මත වී තිබෙනවා. නමුත් කිසිදාක ඉටු කළ නොහැකි ඉල්ලීම් ද තිබෙනවා.
විදුලි සේවකයන්ගේ අයිතිවාසිකම් රජය පිළිගත්තත් අසාධාරණ ඉල්ලීම් පිළිගැනීමට සූදානම් නැහැ යනුවෙන්ද අමාත්‍යවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය සජබ පොහොට්ටු අලි හවුලේ හොරුන්ගේ කුමන්ත්‍රණ, ඒවාට ඉඩ දීලා රටේ බලශක්ති කර්මාන්තය විනාශ කරන්න ඉඩ තියන්න එපා.
පහුගිය ආණ්ඩුව ලංවිම විකුණන්න යනවා කියලා උද්ඝෝෂණය කරවලා, පනත ඉරපු අය අද ඒ දේ ඊට වඩා හොඳට කරන ගමන් වර්ජනය කරන සේවකයින්ට මරණ තර්ජනත් කරනවා.