(අංජුල මහික වීරරත්න)
රට ගොඩනගන ජාතික පිළිවෙත එළිදැක්වීමේ උත්සවය සඳහා අතුරලියේ රතනහිමියන්ගේ පන්සලට ගියේ රනිල් වික්‍රමසිංහ නායකතුමන්ගේ අවසරයගෙන බවත් එම උත්සවයට තමාට අරාධනාකර ඇතැයි කී විට රනිල් වික්‍රමසිංහ මහතා තමාට එහි යන ලෙස පැවසු බවත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සේනානායක මහතා මාධ්‍ය හමුවකදී අද (02) පැවැසීය.
එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍යනායක සජිත් ප්‍රේමදාස මහතාටද එම උත්සවයට ආරාධනාකර තිබූ බව කී සේනානායක මහතා හම්බන්තොට රැස්වීමක්හේතුවෙන් ඔහුට එහි පැමිණීමට නොහැකි බව දැනුම්දුන් බවද සඳහන් කළේ ය. කිසිවිටක නැවත යාමට බලාපොරොත්තුවක් නැති බවද මන්ත්‍රීවරයා පැවසීය.
කෙසේවෙතත් යහපාලන ආණ්ඩුවේ අවසානය ගැන සතුටට පත්වන බවද ඒ ආණ්ඩුව නිසා පීඩාවට පත්ව සිටියේ එක්සත් ජාතික පාක්ෂිකයන් බවද පැවසූ සේනානායක මහතා එක්සත් ජාතික පක්ෂ රජයක් බිහිවනවාට අසතුටු බව ඒ කතාවෙන් අදහස් නොකරන බවද කීය.
බහුතරයක් නැති නීත්‍යානුකුල නොවන ආණ්ඩුවේ කුඩැල්ලෙකු සේ එල්ලී සිටීමට නොහැකි නිසා නැවත පැමිණි බවද තමාට ගෞරවයක් කළ මෛත්‍රී- මහින්ද නායකයන් දෙදෙනාට පයින් ගසනවා වැනි දෙයක් සිදුවී දැයි ශෝකයක් තමන් නැවත පැමිණිමේදී ඇතිවු බවද වසන්ත සේනානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
කොළඹ අරලියගහ මන්දිරයේදී මෙම මාධ්‍ය හමුව පැවැත්විණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කව්ද?
මෙහි ඉන්න ඇමති දෙන්නම පාර්ලිමේන්තුවේ නොසිටිය යුතු දෙන්නෙක්, නමුත් මට නම් පෙනෙන්නේ මේ වගේ නළුවෝ තමයි රටට ජවිපය විසින් ලබාදී ඇති ඇ මිනිස්සු. කිසිම රහක් නැති අය, මුහුණ බැලුවහම පේනවා.
කාගෙ මුණුබුරා වුණත්, ලබන පාරනම් මෙයාට එජාප නොමිනේෂන් දෙන්න එපා. මීට වඩා හොඳයි ගෙම්බෙක්...
ලබනපාර 'ගෙම්බා' ලකුණෙන් ඡන්දෙ ඉල්ලන්න.. උඩින් දිනනවා.
ඇත්තටම රටේ වෙන වැදගත් පුවත් නැද්ද? මේ පුද්ගලයාගේ දින චරියාව ඇරෙන්න. එ්කත් රටට වැඩක් ඇති කටයුතු නම් කමක් නැහැ. මෙයාව පුවත් තීරයේ දැකලාම ඇතිවෙලා.
අර සල්ලි බෙදනවා කියලා කතාවක් තියෙනවා... කවදද දිනේ අපිටත් එන්න....
සරලව කියනවා නම් කූඩැල්ලෙකුගේ තත්ත්වයෙන් ඉවත්ව ශෝකයෙන් ගතකරන බවකි. අපි අහලා තියෙන්නේ නම් කූඩැල්ලා මෙට්ටයේ නොසිටින බවකි. සේනානායක පරපුර නැවත කූඩැල්ලන්ගේ තත්ත්වයට පත් නොවේවායි අපි පතමු. කූඩලු ස්වභාවයේ සිටිම පක්ෂ නායකත්වයකට සුදුසු වන්නේද යන්න පාක්ෂිකයන් සිතන්නට පුළුවනි.
මේ ඔබතුමා අර හනුමාගේ ජොබ් එක බාර අරන් එහෙම නෙමෙයි නේද?
කබරගොයාගෙයි, තලගොයාගෙයි වෙනස හොයාගන්තා නම් මෙයාගේ වෙනස හරි ලෙහෙසියෙන් හොයාගත හැකියි.
මෙයා දන්නේ නෑ... ඔලුවෙන්ද, කකුල්වලින්ද හිටගෙන ඉන්නේ කියලා...
සල්ලි බෙදන්නේ කවදද?
කිසිම අරමුණක් නැති කේවට්ටයින්...
ඇයි පිරිත් නූලක් බැඳගන්න ගියා කියලා කියන්න තිබුණානේ..?
මෙයා ඉන්නේ ගන්ධබ්බ අවස්ථාවක. ස්ථිර වශයෙන් නීත්‍යානුකුල ආණ්ඩුවක් පිහිටවූ පැත්තට පනින්න බලාගෙනයි ඉන්නේ.