(කාංචන කුමාර අරියදාස)

දඹුල්ල හබරණ ප්‍රධාන මාර්ගයේ දිගම්පතහා ප්‍රදේශයේදී ඊයේ(04) සවස   පැය කිහිපයක් තිස්සේ වන අලින් දෙදෙනෙකු වරින් වර මහමගට  පැමිණ ගැටුම් ඇතිකර ගන්නා ආකාරයා දැක ගැනීමට හැකි විය.

මහ මඟ ගමන් කරන වාහන බොහොමයක් නවතා  අලි දෙදෙනා අතර ඇතිව තිබූ ගැටුම දැක බලාගන්නා අයුරු දැකිය හැකිවිය.

 දිගම්පතහා ප්‍රදේශයේ නිරන්තරයෙන්ම මෙම වන අලින් දෙදෙනා ස්ථාන දෙකකින් මහ මඟ ගමන් කරන ජනතාවගෙන් ආහාර ඉල්ලා කෑමට පුරුදුව සිටිනබව කියති.