(ඩයනා උදයංගනී)
තමන් පැවති ආණ්ඩුවට විරුද්ධව කටයුතු කරන්නේ එය බලයේ සිටි සෑම දිනකම රට විනාශය කරා ගිය නිසා යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ පැවසූහ.
ජනාධිපතිවරයා ද මහින්ද රාජපක්ෂ මහතාට අග්රාමාත්යධූරය ලබාදෙන්නට ඇත්තේ ඒ නිසා බව ද උන් වහන්සේ කීහ.
එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් වූ තමන් පිනට පත්වූ අයෙක් බව එම පක්ෂයේ අය පැවසුවත් තමාද මැදිහත් වී ජනමතය ගොඩනගා මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිධූරයට පත් නොකලේ නම් එ.ජා.පයේ අයට මැති ඇමැතිකම් කරන්නට නොලැබෙන බව ද රතන හිමියෝ සඳහන් කළහ.
එබැවින් තමන්ගේ මන්ත්‍රීධූරය පිනට ලැබුණු එකක් නොවන බව ද රතන හිමියෝ පැවසූහ.
අතුරලියේ රතන හිමියෝ මේ බව පැවසුවේ රාජගිරියේ පිහිටි ‘සදහම් සෙවණ’ ධර්මායතනයේ දී අද (2) පැවති ශ්‍රී ලංකා ජාතික මහා සභාවේ පළමු සමුළුව අමතමිනි.
රට ගොඩනගන ජාතික ප්‍රතිපත්තියක් සැකසීමේ අරමුණින් එය සංවිධානය කර තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට මුන්වහන්සේ කියන්නේ දානෙ ලැබෙන්නෙත් පිනට නෙමෙයි බණ කියල මිනිස්සු දිව්‍යලෝකෙට යවන හින්දයි කියලද?
ඔබ වහන්සේ යුඇන්පී එකේ මන්ත්‍රී ධුරය ඒ පක්ෂයට බාර දීලා ඕන වැඩක් කරන්න.
අයියෝ අපේ හාමුරුවනේ මන්ත්‍රීධුරය නම් ඔබ වහන්සේගේ පිනට ලැබුණු දෙයක් නෙමේ... මෙය අපේ කරුමෙට ලැබුණු දෙයක්... දැහැමි සිත් ඇත්තෝ මේ වගේ රට අගාධයට යනවා බලාගෙන ඉන්නේ නැහැ .
පිනට දෙයක් ලැබෙන්න ඉතින් පින් කරලා තියෙන්නේ එපායැ...
අනේ නිකන් බොරු නොකර ඉන්න... පිනට නොදුන්නා නම් ඡන්දෙකින් ගනියි කියලද හිතන්නේ? ඊළඟ පාර ඡන්දෙකින් ඉල්ලලා බලන්නකෝ... එතකොට තේරේවි තමන්ගේ වටිනාකම. දුන් දේ අගය කරන්න බුදු දහමේ කියා දුන්නු වග මෙයාලට දැන් අමතකයි. කවුරු වුනත් චීවරධාරීන් දේශපාලනය නොකළ යුතුමයි. එවිට අන් ආගමික පූජක අයට ඇති ගෞරවය මේ අයටද යලි ලබාගත හැක. මේ අය විනාශ කරන්නේ බුද්ධ දර්ශනයයි, චීවරයේ ගෞරවයයි.
නැතුව? පිනට කාලා, පිනට ඇඳලා, පිනට මන්ත්‍රීකමක් ගත්තේ නැද්ද? නිර්මල බුද්ධ ධර්මයේ තියෙන්නේ යමක් ලැබෙන්නේ පින් පව් හැටියට කියලා. එ්කවත් නොදන්නවාද?
මොවුන් බුදු පුතුන් නොවේ! චීවරධාරීන්ය! සියලු දේ නැසෙන සුලුය!
සිවුර ගලවලා පැත්තකින් තියල දේශපාලනයට එන්නකෝ බලන්න අපේ හාමුදුරුවනේ...
අම්බලමේ පිනා
බුදුන් වහන්සේ දේශනාකළ ධර්මයේ කොහෙද තියෙන්නේ භික්ෂුවකට දේශපාලනය කළහැකි බව? නිකන් ශාසනයට පව් නොදී , තමුන් වහන්සේගේ තැන කොතැනද කියා සොයාගතහොත් හොඳයි...
එයා එජාපයෙන් ඇවිත් බොරුත් කියනවා. බුද්ධාගමේද ?
ඔබ අවස්ථාවාදියෙක් බව අප බොහෝ කල් සිට දැන සිටියෙමු. ඔබට එකසත් ජාතික පක්ෂයෙන් ලබා දුන් මන්ත්‍රී ධුරය (නොදිය යුතුව තිබුණු) පිනට ලැබුණත්, නොලැබුණත්, එම මන්ත්‍රීධුරයේ සිට එහි අයිතිය ඇති ජනතාවගේ ජනමතය කෙලෙසීමට ඔබට අයිතියක් නැත. එබැවින් වහාම මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා ඔබට අස්වී කැමති මගුලක් කරගන්න.
ඔබ සියලුදෙනා මෙයා ගැනද කතා කරන්නේ? අනේ වෙන වැඩක් නැත්තම් එ්ක කරන්න... මේ වගේ බොරුකාරයින් මේ තුන් ලෝකෙම නැත. මහින්දගෙන් අරගෙන රනිල් එක්ක ගියා... මෙයා වැඩ කරන්නේ මෙයාට තාන්න මාන්න ලැබෙනවා නම් විතරයි. නමුත් රටට අදක් නැත.
වාසි පෙත්තට හේත්තු වෙච්ච හැමදාම පාර්ලිමේන්තුවේ ඉන්න තියෙන තණ්හාව නිසානේ
පින්පියා තමයි..
අවවාදයයි: බැටළු හම් පොරවාගත් වෘකයින්ගේ සුරංගනා කතාවන්ට සවන්දීම ඔබේ දිවියට අනතුරුදායක විය හැක.
ඔව් අනේ. ගොඩක් භාවනා කරලා ගත්තේ.