
(ජයන්ත සමරකෝන්)
මත්කුඩු අහේනියෙන් පෙලෙන රැඳවියන් පාලනය කිරීම සඳහා බන්ධනාගාර නිලධාරීන්ට දැඩි වෙහෙසක් දැරීමට සිදුවී ඇතැයි එම බන්ධනාගාර ආරංචි මාර්ග අනාවරණය කරයි.
මත්කුඩු නොමැතිව බොහෝ රැඳවියන් කුඩුසික් මතින් රෝගීව සිටින බව මීගමුව බන්ධනාගාරය පවසයි.
මේ හේතුවෙන් බන්ධනාගාර සිරමැදිරි තුළ හා ඉන් පිටත කලහකාරී ලෙස හැසිරෙන කුඩු සික් වැළඳුණු රැඳවියන් මෙල්ල කිරීම අපහසු වී ඇතැයිද පැවසේ.
ඇතැම් රැඳවියන් දිවි නසාගැනීමට පවා පෙළඹී ඇති අතර, එවැනි සිද්ධීන් දෙකක් ගත වූ දින කිහිපය තුළ කොළඹ රිමාන්ඩ් හා බූස්ස බන්ධනාගාරවලින් වාර්තා වී තිබේ. මීගමුව බන්ධනාගාරයේ රැඳවියෙකු වැටීමෙන් මියගොස් ඇතැයිද සඳහන් වේ.
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා බන්ධනාගාරවලින් මත්ද්‍රව්‍ය තුරන් කිරීම සඳහා ආරම්භ කර ඇති වැඩපිළිවෙළ යටතේ බන්ධනාගාර බොහොමයකට ම කුඩු ගෙනයාම වැළකී ඇතැයිද වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙන රටවල්වල නම් මත්ද්‍රව්‍ය වෙනුවට අහිතකර නොවන අදේශක දෙනවා.
කුඩු විකුණලා අහුවෙච්ච අයවත් මේ අය ඉන්න සිර මැදිරි වල රඳවලා තමන්ගේ හපන්කම් බලාගන්න දෙන්න. එතකොට කරගත්ත පාපයේ තරම ඇස් ඉස්සරහා පෙනෙද්දී තේරෙයිනේ...
දැන්වත් මිනිස්සු තේරුම්ගනී සම්පායෝ මහත්තයා මොනතරම් සේවයක්ද කරලා තියෙන්නේ කියලා... ඒ මහත්තයට බන්ධනාගාර ඇමතිකම දෙන්න තිබුනේ...
අනේ එහෙනම් ඉක්මණට නිදහස් කරන්න... මේ අහිංසක මිනිස්සු... නොදැන කළ වරදක් කුඩු ගහපු එක... කැමැත්තෙන් නෙමෙයි බිව්වේ.. අනේ එළියට දාන්න පව්...
මෙච්චර කාලෙකට මේ වගේ ආරංචියක් අහන්න ලැබුණේ නෑ. බන්ධනාගාරෙ විතරක් නෙවෙයි මේ කලුතරත් එහෙම තමයි...
දැන් තමයි හරියටම මත්කුඩු මර්දනය කරලා තියෙන්නේ... මෙච්චර කල් බොරුවක් කරලා තියෙන්නේ...
දැන්නෙ වැඩක් කෙරෙන්නේ...
බන්ධනාගාරය කියන්නේ හිර ගෙදර. හිරගෙදරට යන්නේ හිරකරුවන්... සිරකරුවන්ගේ සිත සනසන්න කවුරුන් හෝ ඔවුන්ට බන්ධනාගාර රැඳවියන් කිව්වා. ඒත් නම එසේ වෙනස් කළත් සිරකරුවන්ගේ ගති ලක්ෂණ වෙනස් වුණේ නෑ. ඒ වුණත් ඔවුන් හඳුන්වන්නේ රැඳවියන් කියායි. වල් අලියා වන අලියා වුණා. ඒත් වල් අලියා වල් අලියාමයි. අලියාගේ පැවැත්මේ වෙනසක් වුණේ නැහැ. වල් අලියා යන්න ඉංග්‍රීසියට wild elephant යනුවෙන් හැඳින්වෙනවා. මෙතන වායිල්ඩ් කියන්නේ වල් හෙවත් වයිල්ඞ් කියන එකයි. මේ වල් යන්නේ එක් අරුතතක් පමණක් දැන සිටි ඒ ගැන හරි හැටි තේරුමක් නොදන්නා කෙනෙක් තමයි මේ යෙදුම දමා තිබෙන්නේ. මේ අනුව ඔවුන් කියන විදිහට වන අලියා නම් එම අලියා forest elephant විය යුතුයි. නමුත් කවුරුන් හෝ එසේ කියන්නේ නැහැ. කිරි ගොවියා යන්නත් මෙසේමයි. කිරි පොළොවේ වගා කොට ගොවියකු විසින් ලබා ගන්නා දෙයක් නොවෙයි. ඒ වුණත් කවුරුන් හෝ නොදන්නා කෙනෙක් එයට කිරි ගොවියා යනුවෙන් නම් කළා. මෙන්න මෙහෙම තමයි මේ රටේ බක පණ්ඩිතකම් කරන නොදන්නා අය වැඩකරන හැටි... කියලා වැඩක් නෑ.