
(ජේ.කේ.එල්.චාමින්ද )
ගාල්ල මාතර ප්රධාන මාර්ගයේ උණවටුන ප්රදේශයේ සිදුවූ අනතුරකින් පාසල් දරුවන් හයදෙනෙකු තුවාල ලබා ගාල්ල ජාතික රෝහලට ඇතුළත් කොට ඇති බැව් කරාපිටිය රෝහල් පොලිසිය පවසයි.
මෙම අනතුරෙන් ගැහැණු දරුවන් පස්දෙනෙකු සහ එක් පිරිමි දරුවකු තුවාල ලබා ඇත. ඔවුන් වයස අවුරුදු 16,17 යන වයස් කාණ්ඩවල පසුවන අය වෙති.
වලස්මුල්ල ප්රදේශයේ සිට ක්ෂේත්ර චාරිකාවක් පැමිණි පාසල් දරු දැරියන් පිරිසක් මෙම අනතුරට ලක්ව ඇත. පාසල් දරු දැරියන් පැමිණි බස් රථය උණවටුන ප්රදේශයේ නතර කොට තිබූ බස් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති බැව් හබරාදූව පොලිසිය පවසයි.
තුවාලකරුවන්ගේ තත්වය බරපතල නොවනවන බව රෝහල් පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd