
ඕමාන විදේශ අමාත්‍ය සයියිඩ් බදර් බින් හමාද් අල් ඉරානයේ නිල සංචාරයක නියැලුණි. ඒ, ඇමෙරිකාවේ දැඩි විරෝධය මධ්‍යයේය.
ඇමෙරිකා ඉරාන ගැටුම හේතුවෙන්, ඉරානය හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර කර ඇත. ලෝකයේ වෙළෙඳ නැව් ගමනාගමනයේ වැදගත් මුහුදු මාර්ගයක් ලෙස සැලකෙන හෝමූස් සමුද්‍ර සන්ධිය වැටී ඇත්තේ ඉරානය සහ ඕමානය අතරිනි.
ඉරානය පවසන්නේ, හෝමූස් විවෘත කිරීමට තමන් ඕමානය සමග පමණක් සාකච්ඡා පවත්වන බවය. මෙයට ඕමානය ද කැමැත්ත පළ කර ඇත. ඕමානය ඇමෙරිකන් හිතවාදී වන අතර, ඇමෙරිකන් හමුදා කඳවුරු ඕමානයේ පිහිටා ඇත.
ඇමෙරිකා ඉරාන අර්බුදයට මැදිහත් නොවන්නැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දිගින් දිගටම ඕමානයට අනතුරු අගවා ඇත. තම කීමට පිටින් යන්නේ නම්, ඕමානයට බෝම්බ හෙලනවා යැයි ද ට්‍රම්ප් ප්‍රසිද්ධියේ අවස්ථා දෙකකදී තර්ජනය කර ඇත.
ඕමාන විදේශ අමාත්‍යවරයා, ඉරානය බලා පැමිණියේ ට්‍රම්ප්ගේ තර්ජන සැලකිල්ලනට නොගෙනය.
හෝමූස් සමුද්‍ර සන්ධිය සහ ඒ හරහා යන නැව්වලින් ගාස්තු අයකර ගැනීම සම්බන්ධයෙන් ඕමාන විදේශ අමාත්‍යවරයා සහ ඉරාන නායකත්වය අතරේ සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබුණු බව ඉරාන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක ඉස්මයිල් බගායි නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd