
(යොහාන් භාසුර)
මෙරට තුළ පසුගිය දශක කීපය තුළ ඉදිරිපත් කළ පනත් අතරින් විශාලත දුර්විපාක ඇතිවන යෝජිත ත්‍රස්ත විරෝධී පනත පසුගිය දෙසැම්බර් මස අධිකරණ අමාත්‍යංශයේ වෙබ් අඩිවියට ඇතුළත් කර ඇති බවත් මෙතෙක් දුරට මෙරට බුද්තිවිදි ප්රජාතන්ත්රවාද සංස්කෘතියට අවසාන තිත මෙම පනත යැයි කිවහැකි බවත් හිටපු අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා අද (12) පැවසීය.
ඒකාබද්ධ විපක්ෂය බොරැල්ල ආචාර්ය එන්. එම්. පෙරේරා කේන්ද්‍රයේදී අද (12) පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවේදී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා එසේ පැවසීය.
එම ප්‍රකාශය අතිශෝක්තියක් නොවන අතර කතා කිරීමේ, අදහස් හුවමාරු කිරිමේ නිදහස, තමන් කැමති සංවිධානයකට බැදීමේ නිදහස, රැස්වීමේ නිදහස එනම් මෙරට ජනතාව දෛනිකව බුක්තිවිදින නිදහස මෙම පනත සම්මත වුවහොත් කිසිසේත්ම ආරක්ෂා කිරීමට නොහැකි බව කී ජී. එල්. පීරිස් මහතා සිතේ බියක් නොමැතිව කිසිවකුට රට තුළ ජීවත්වීමේ අවස්ථාව නොලැබෙන බව ද සඳහ් කළේය.
රට තුළ පමණක් නොව ජාත්‍යන්තර වශයෙන් ද ඉතාම අයහපත් ප්‍රතිඵලවලට මුහුණදීමට සිදුවන බව කී මහාචාර්යවරයා පැවසුවේ ශ්‍රී ලංකාව විවිධ රටවල සමඟ නොයෙක් ගිවිසුම් අස්සන් කර ඇති අතර යුරෝපීය සංගමය සමඟ විශේෂ ගිවිසුම්වලට අස්සන් කර ඇති බවත්ය.
එම ගිවිසුම් නිසා අපනයන භාණ්ඩ, රෙදිපිළි, තේ, මුතු මැණික්, මත්ස්‍ය නිෂ්පාදන සහ සම් භාණ්ඩ ඇතුළු බොහෝ දේ යුරෝපීය වෙළෙඳපොලට තීර බදු නොමැතිව යැවීම ඇතුළු මෙරටට නොයෙක් වරප්‍රාසාද ලැබෙන බවත් යුරෝපා සංගමයෙන් මෙරටට ජීඑස්පී ප්ලස් වරප්‍රසාදය ලැබෙන අතර එය සදාකල් කොන්දේසි රහිතව ලැබෙන දෙයක් නොවන බවත් ඒ මහතා කීය.
මෙරට ජාතයන්තර ගිවිසුම්වලට අනුකූලව කටයුතු කරන්නේ නම් පමණක් ජීඑස්පී ප්ලස් වරප්‍රසාදය ලැබෙන බවත් මෙම පතන සම්මත වන දිනය මෙරට එම ගිවිසුම්වලට පටහැනිව කටයුතු කරන තත්වයකට පත්වන බවත් ඔහු සඳහන් කළේය.
අපේ රටේ අර්ථිකය රැකගැනීම සඳහා එනම් කර්මාන්තශාලාවල සේවය කරන දහස් ගණනක රැකියා සුරක්ෂිත කරගැනීම සඳහා පියවර ගතයුතු බවත් මෙම පනත නිසා සිදුවියහැකි හානිය තක්සේරු කළ නොහැකි බවත් ඒ මහතා පැවසීය.
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම මේ සම්බන්ධයෙන් දැනටමත් වියහැකි දේවල් පෙන්වාදී ඇති බව කී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා දකුණු ආසියානු මාධ්‍ය සංවිධානයත් මේ සම්බ්නධයෙන් ප්‍රබල අනතුරුඇගවීමක් කර ඇති බව ද සඳහන් කළේය.
‘ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත’ ලෙස එම පනත නම් කර ඇති අතර එහිදී ආණ්ඩුව රටේ ජනතාව නොව රාජ්‍ය රාජක්ෂා කිරීමට බලාපොරොත්තු වන බවත් රාජ්‍ය ආරක්ෂා කිරීම සඳහා ජනතාව බුක්තිවිදින අයිතිවාසිකම් කප්පාදු කිරීම එම පනතේ අභිලාශය වී ඇති බවත් ඔහු කීය.
ඕනෑම සමාජයක ත්‍රස්තවාදී ක්‍රියාවලින් ඉතාම භායානක තත්වයක් උද්ගත වුවහොත් සාමාන්‍ය නීතිය ප්‍රමාණවත් නොවීම හේතුවෙන් තාවකිලිකව විශේෂ නීති පද්ධතියක් භායානක තත්වයෙන් ගොඩඑන තෙක් අවශ්‍ය වන්නේ යැයි පිළිගන්නා බව කී ජී. එල්. පීරිස් මහතා පැවසුවේ ත්‍රස්තවාදය කියන තත්වය මෙහිදී පැහැදිළිව නිර්වචනය නොවීම මෙහි ඇති ප්‍රධාන ප්රශ්නය බවත්ය.
ප්‍රධාන ත්‍රස්තවාදී අපරාධ 13 ක් මෙම පනතෙන් පිළිගෙන ඇති අතර ඉතාම පුළුල් ක්ෂේත්රයකට මෙම පනත බලපැවැත්වෙන බවත් ඒවා ත්‍රස්තවාදී ක්‍රියා නොවන සාමාන්‍ය නීතිය යටතේ පිළිගත් ඒවා බවත් හෙතෙම කීය.
උදාහරණයක් ලෙස ත්‍රස්තවාදය ආශ්රිත ක්‍රියා, ත්රස්තවාදයට සම්බන්ධ ක්‍රියා සහ ත්රස්තවාදයට වක්‍ර දිරිගැන්වීම් කරන ක්‍රියා ලෙස අලුත් පනතේ සඳහන් වුවද එම අපරාධවල හරය කුමක්ද යන්න කිසිසේත්ම පපැහැදිළි නොමැති බවත් අපරාධයේ ස්භාවය, අපරාධයේ සාධක මොනවද, අපහැදිලිතාවක් තිබීම ඉතාම භයානක බවත් ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.
එම අපහැදිළිතාව තුළින් මෙරට මූලික අයිතිවාසිකම් අති විශාල තර්ජනයකට ලක්වන බවත් අපරාධ කුමක්ද එහි ස්භාවය කුමක් ද, කිසිම පැහැදළි නිර්වචනයක් නොමැතිව ඕන ඕන නම්යශීලිවිදියට අධිචෝදනා පත්‍ර සකස් කර අවුරුදු 20 ක් හිරේ යැවීමට ප්‍රවේශයක් මෙම යෝජිත පනත තුළින් ඇති බවත් ඒ මහතා සඳහන් කළේය.
සාපරාධි අපරාධයක් වෙන්න මොනයම් ක්‍රියාවක් තිබිය යුතු වුවද මෙම පනත අනුව එවැනි ක්‍රියාවක් අවශ්‍ය නොවන අතර ක්‍රියාවකින් වැලකී සිටීම පනදම් කරගෙන ද ත්‍රස්තවාදී අපරාධයකට වරදකරු ලෙස තීරණය කිරීමට හැකි වන බවත් මෙය ඉතාම භායානක වීම නිසා ඒ පිළිබඳව ජනතාව තුළ අවබෝදයක් තිබිය යුතු බවත් ඔහු කීය.
සන්නද්ධ හමුදාවට, පොලිසියට සහ වෙරෙළ ආරක්ෂක පිරිස්වලට අති විශාල බලයක් ලැබෙන අතර ජනතාවගේ නිවෙස්වලට ගොස් ප්‍රහ්න කිරීම, වැඳගත් ලිපිලේඛණ භාරයට ගැනීමට, මහා මාර්ගයේ නවතා පරීක්ෂණ මෙහෙයුම් කිරීම මෙම ත්‍රස්තවාදී පනතෙන් ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට බලය ලැබෙන බවත් ඔහු සඳහන් කළේය.
මෙම නීතියට අනුව ආණ්ඩුවට රැඳවුම් නියෝග නිකුත් කිරීමට බලය ලැබෙන අතර ඒ අනුව ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයාගේ නියෝගයෙන් අවුරුද්දක් අපි ඕනෑම කෙනෙක් රදද්වාගැනීමට හැකියාව ඇති බව කී ඒ මහතා පැවසුවේ අපේ රටේ මිනිස් ඝාතනවලින් යුත් සෝචනීය ඉතිහාසායක් ඇති බව සියලුදෙනාම දන්නා අතර රැඳවීම් ස්ථානවල වදදීම් ඇතුළු සියල්ලක්ම කරන බව ද සඳහන් කළේය.
මෙම නීතිය යටතේ විධායකට අනුමත රඳවාගැනීමේ ස්ථාන ස්ථාපිත කිරීමට විධායකට බලය ලැබෙන අතර ඒවා සාමාන්‍ය බන්ධනාගාර නොව අපේ රටේ ඉතිහාසය ගැන හිතන්නේ නම් මෙවැනි ස්ථානවල මිනීමැරුම්, මනුෂ්්ය ඝාතන වදදීම් කළ බවත් ඒවා ස්ථාපිත කිරීමට රජයට මෙම පනතින් බලය ලැබෙන බවත් ඔහු පැවසීය.
අධිකරණ භාරයේ සිටින චූදිතයෙක් ආරක්ෂක ලේකම්වරයාගේ නියෝගයෙන් ඉවත් කර පොලිස් භාරයට යැවීමට මෙම පනතේ පුදුම ප්රතිපාදනයක් තිබීම ඉතාම භායානක බවත් මෙම පනත වැඳගත් සංශෝධනවලට ලක්කර ඉදිරිපත් කළ යුතු බවත් හිටපු අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෙහෙළියගේ බේත් වගේ භයානකයිද? අත උස්සලා සහාය දුන්නු අය තමයි හොඳටම දන්නේ...
ප්‍රධාන ත්රස්තවාදීන් තුන් දෙනෙක්ම පින්තූරේ ඉන්නවා
පක්ෂ විස්සක සාමාජිකත්වය දරපු පීරිස් මහත්තයා තමයි මේ ගැන විද්වතා. ඒ කිසිම පක්ෂයක් අබමල් රේණුවක තරම්වත් මිනිස්සුන්ගේ අයිතීන් පැහැරගෙන නෑ. කොටින්ම කියනවා නම් ගෑස් ටැංකි පුපුරවා ගන්න බැරිනම් ගෑස් පෝලිම්වල මැරෙන්න නිදහස දුන්නා.
ඩෝබී නූගතුන් කොතරම් ඇපිල්ලූවද මේකත් රිවස් තමයි.
ඩෝබී නූගතුන් කොතරම් ඇපුල්ලූවද මේකත් රිවස් තමයි...