මෙරට තුළ අපරාධ , මිනීමැරුම් , සහ මත්ද්‍රව්‍ය ජාවාරම් සිදු කර ඩුබායි වෙත පළා ගොස් සැගවී සිටි කන්නන්ගරගේ ලලිත් කන්නන්ගර නොහොත් බස් ලලිත් නොහොත් කුඩු ලලිත් නැමැත්තා 08/25 දින අලුයම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ නිලධාරීවරුන් කණ්ඩායමක් විසින් එරට දී අත් අඩංගුවට ගෙන කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන පැමිණියහ .
කළුතර දකුණ , දූව පංසල පාරේ පදිංචි බස් ලලිත් 36 හැවිරිදි වියේ පසුවන්නෙකි.ඔහු 08/25 දින අලුයම 05.20 ට ඩුබායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන පැමිණ තිබුණි .
මොහු හංවැල්ල , අවිස්සාවේල්ල , කටුකුරුන්ද , පාදුක්ක , මීගොඩ සහ කල්තොට යන පොලිස් වසම් තුළ මනුෂ්‍ය ඝාතන මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වී ඇති අතර සී.- 4 වර්ගයේ අතිප්රබල පුපුරන ද්‍රව්‍ය තොගයක් ද සන්තකයෙහි තබා ගෙන සිටීම පිළිබද චෝදනා මොහුට එරෙහිව එල්ල වී තිබේ .
කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන පැමිණි පසු , අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු , වැඩිදුර විමර්ශන කටයුතු සදහා කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත දැඩි ආරක්ෂක විධිවිධාන මධ්‍යයේ රැගෙන ගියහ .
ටී.කේ.ජී. කපිල



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මරන ඳඩුවම පාතාල සහ මත්ඩ්රව්ය ජාවාරම්කරුවන්ගෙන් ආරම්භ කලොත් හොන්ඩඳයි. නැතිනම් අපිට ඉතුරු වන්නෙ සොම්බි තරුන කැලක් සහ අපරාද කල්ලියක්.
දැන් මෙට්‍රෝ ලලිත් කරලගමු!