
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)
පසුගිය ආණ්ඩුව ගෙනා කොන්දේසි වල සිර නොවී අලුත් කොන්දේසි වලට ගියා නම් ණය ගෙවීම 2033 දක්වා කල් ලබා ගන්න තිබූ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
"මූල්‍ය අරමුදලේ කොන්දේසි වලට යට වෙන්නේ නැතිව ආණ්ඩුව ඔවුන්ගේ වාර්තාව ක්‍රියාත්මක කරන්න. ආර්ථික අර්බුදය නිසා ව්‍යවසායන් දෙලක්ෂ හැටදාහක් පමණ අසීරු තාවයකට ලක් වුණා.
අප කිසිවිටෙක කුහක දේශපාලනයක් කරන්නේ නැහැ.පසුගිය කාර්තු දෙකේ ආර්ථික වර්ධන ඉලක්ක අභිබවා ගිහින් තිබෙන බව ඇමතිවරයා කිව්වා. එය ඉතා හොඳ දෙයක්.ඇමරිකා ඩොලර් බිලියන 5.5ක වර්ධනයක සිට 2028 සිට වාර්ෂික විදේශ ණය ගෙවන්න සූදානම්ද? අප ඒ තත්ත්වයේ ඉන්නවාද?පසුගිය ආණ්ඩුව ගෙනා කොන්දේසි වල සිර නොවී අලුත් කොන්දේසි වලට ගියා නම් ණය ගෙවීම 2033 දක්වා කල් ලබා ගන්න තිබුණා. නමුත් එය කරගන්න බැරිවුණා.
අපේ දරිද්‍රතාවය ජනගහනයෙන් සියයට පනහකට වඩා තිබෙන බව විෂය පිළිබඳ විශ්ලේෂකයන් පවසනවා. අස්වැසුම කියන්නේ පරිභෝජන ආධාරයක්. එයින් සම්පූර්ණ දුප්පත්කම දුරු වන්නේ නෑ. එයින් නිෂ්පාදනයක් ආයෝජනයක් සිදුවන්නේ නැහැ.ඒ නිසා අප රටේ දුප්පත්කම තුරන් කිරීම සඳහා පැහැදිලි වැඩසටහනක් ක්‍රියාත්මක කළ යුතුයි යනුවෙන්ද විපක්ෂ නායකවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කලින් තිබුණ ආණ්ඩුවල තමුන් ඉදගෙන පොල් ගාන එකද කලේ දැන් පණ්ඩිතකමට කියවන්නේ
සජිගේ දේශපාලනය මුළු රටම දන්නවා ඒක ගැන අයේ අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. ඔබගේ මුල්‍ය පාලනය ගැන ඊයේ පාර්ලිමේන්තුවේ කතාවුනා ඉදිරියේදි කේස් පයිල් . පළමුව තමුන් ආදර්ශමත් වෙන්න ඕන....
ඔයාලා දන්නේ ණය ගන්නයි, ණය කල් දාන්නයි, පිං පඩි ගන්නයි, වරප්‍රසාද ගන්නයි, අල්ලස් ගන්නයි විතරනේ. ණය ගෙවන්න අරමුණක් තියාගෙන, ඒ වෙනුවෙන් ප්‍රතිපත්ති හදල වැඩ කරනවානම් වෙලාවට ණය ගෙවන්න පුළුවන්. ඔයාලට බැරි දේවල් ගැන වැඩිය හිතන්න යන්න එපා. ඔයාලට කොහොමත් ණය ගෙවල පුරුද්දක් නැනේ.
මෙයා කවද්ද රට පාලනය කළේ...?
නංගිට කියලා සල්ලි අච්චු ගහ ගත්තා නම් පට පට ගාලා ණයෙන් නිදහස් වෙන්න තිබුණා නේද නායකතුමෝ ?