
(අංජුල මහික වීරරත්න)
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරය හෙට (24) ඇමතීමට නියමිතය.
ඇමරිකා වේලාවෙන් ප.ව 3.15ට ශ්‍රී ලංකා ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතනු ඇත.
එහිදී ජනාධිපතිවරයා රජයේ විදේශ ප්‍රතිපත්තිය සහ ඉදිරි වැඩ පිළිවෙල ගැන පැහැදිලි කිරීමට නියමිතය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කටුනායක ගුවන් තොටින් ඊයේ (22) රාත්‍රී ඇමරිකාව බලා පිටත්ව ගියේය.
මෙම සංචාරය අතරතුරදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා ලේකම්වරයා සහ ලෝක රාජ්‍ය නායකයින් කිහිප දෙනකු සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
ජනාධිපතිවරයා ඇමරිකා එක්සත් ජනපදයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් සමඟ හමුවකටද මෙහිදී සහභාගී වනු ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔක්කොම පාවලා දීලා එයිද දන්නේ නෑ... ඩයස්ගේ සහ ජූලි නෝනාගේ උපදෙස් වලට අනුව...
එංගලන්තයේ දෙමළ ඩයස්පෝරා එකෙන් මෙයාව හොදට බලා ගන්නවා.
මෙයා එක්සත් ජාතින් අමතන කොට, රටේ ජාතින් මෙයාගේ මව අමතනවා !
සිංහලෙන්ද ...?
කජනින්නාලංකාරය කටපාඩමින් කොලයක් බලන් නැතුව පැය ගානක් කියවන්න පුළුවන්.
රතු පලසක් උඩ දුවන්න ආසයි සහෝ
රටට කිසිම වැඩක් නැති සංචාරයක්. පචවෙන එක විතරයි වෙන්නේ.