IMG-LOGO

කොරෝනා ආසාදිත වූ වෛද්‍යවරයකු මරුට

(නිමන්ති රණසිංහ)

රාගම රෝහලේ සේවය කළ වෛද්‍යවරයකු කොවිඩ් ආසාදිතව එම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (18) උදෑසන මියගොස් තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ රාගම රෝහලේ ප්ලාස්ටික් ශල්‍ය ඒකකයේ සේවය කළ මොහොමඩ් ජනන් නමැති 34 හැවිරිදි වියේ පසුවූ වෛද්‍යවරයෙකි.

කොවිඩ් රෝගය වැළැදුන මෙම වෛද්‍යවරයා රාගම රෝහලේ කොවිඩ් වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර රෝගය උත්සන්න වීම හේතුවෙන් දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර සති දෙකක පමණ කාලයක් එහි ප්‍රතිකාර ලබමින් සිට ඇති බව එම රෝහලේ ප්‍රකාශකයෙක් සදහන් කළේය.

දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි මෙම වෛද්‍යවරයා රෝගී තත්ත්වය උත්සන්න වීමෙන් අද (18) උදෑසන මියගොස් ඇති අතර ඔහු කොවිඩ් එන්නත් මාත්‍රා දෙකම ලබා නොගත් අයෙක් බවටද වාර්තා වී ඇතැයි ද එම ප්‍රකාශකයා පැවසීය.

 



අදහස් (4)

කොරෝනා ආසාදිත වූ වෛද්‍යවරයකු මරුට

saman Wednesday, 18 August 2021 01:53 PM

පව්, එන්නතක් එනකම් බලන් ඉන්න ඇති...

:       9       23

lakvidu Wednesday, 18 August 2021 07:14 PM

දන්නා පරිදි ඔහු එන්නත් ගැනීම ප්‍රතික්ෂේප කළ අයෙක්...!!!

:       0       0

janahitha UAE Wednesday, 18 August 2021 02:55 PM

මෙම එන්නත පළමුව ලබාදුන්නේ අදාළ රෝහල් හෙද හෙදියන්ට... ජනතාවනි, දේශපාලන භේද දුරලා දේශපාලකයන් නොසලකා වහාම නගර, කඩ, සාප්පු වසාදමන්න. නිවසේ සිටින්න. පැතිරීම වහා නවතිනු ඇත. මුදල් ගැනම සිතන අය පමණක් කඩ, සාප්පු, ව්‍යාපාර පවත්වාගෙන යන්න. ඔවුන්ගේ ආරක්ෂාව ඔවුන් විසින්ම සලසා ගනු ඇත.

:       11       18

rangi Wednesday, 18 August 2021 04:44 PM

අහිංසක දොස්තර මහතුන්ගේ ජීවිත අහිමිවෙනවා. GMO එක දේශපාලනේ කරනවා..

:       3       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 372 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 926 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1320 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site