(නිමන්ති රණසිංහ)
රාගම රෝහලේ සේවය කළ වෛද්‍යවරයකු කොවිඩ් ආසාදිතව එම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (18) උදෑසන මියගොස් තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ රාගම රෝහලේ ප්ලාස්ටික් ශල්‍ය ඒකකයේ සේවය කළ මොහොමඩ් ජනන් නමැති 34 හැවිරිදි වියේ පසුවූ වෛද්‍යවරයෙකි.
කොවිඩ් රෝගය වැළැදුන මෙම වෛද්‍යවරයා රාගම රෝහලේ කොවිඩ් වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර රෝගය උත්සන්න වීම හේතුවෙන් දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර සති දෙකක පමණ කාලයක් එහි ප්‍රතිකාර ලබමින් සිට ඇති බව එම රෝහලේ ප්‍රකාශකයෙක් සදහන් කළේය.
දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි මෙම වෛද්‍යවරයා රෝගී තත්ත්වය උත්සන්න වීමෙන් අද (18) උදෑසන මියගොස් ඇති අතර ඔහු කොවිඩ් එන්නත් මාත්‍රා දෙකම ලබා නොගත් අයෙක් බවටද වාර්තා වී ඇතැයි ද එම ප්‍රකාශකයා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පව්, එන්නතක් එනකම් බලන් ඉන්න ඇති...
මෙම එන්නත පළමුව ලබාදුන්නේ අදාළ රෝහල් හෙද හෙදියන්ට... ජනතාවනි, දේශපාලන භේද දුරලා දේශපාලකයන් නොසලකා වහාම නගර, කඩ, සාප්පු වසාදමන්න. නිවසේ සිටින්න. පැතිරීම වහා නවතිනු ඇත. මුදල් ගැනම සිතන අය පමණක් කඩ, සාප්පු, ව්‍යාපාර පවත්වාගෙන යන්න. ඔවුන්ගේ ආරක්ෂාව ඔවුන් විසින්ම සලසා ගනු ඇත.
අහිංසක දොස්තර මහතුන්ගේ ජීවිත අහිමිවෙනවා. GMO එක දේශපාලනේ කරනවා..