
(අංජුල මහික වීරරත්න)
‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන සහ රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය එක්ව පළාත් පාලන ආයතන වල ඝන අපද්‍රව්‍ය නැවත භාවිතයට ගත හැකි ද්‍රව්‍ය බවට පරිවර්තනය කිරීමේ පහසුකම් සැලසීම වෙනුවෙන් ඝන අපද්‍රව්‍ය ප්‍රතිසාධන මධ්‍යස්ථාන ආරම්භ කිරීමේ වැඩසටහනක් සැලසුම් කර ඇත.
ඒ අනුව පළාත් නවයම ආවරණය වන පරිදි ඝන අපද්‍රව්‍ය ප්‍රතිසාධන මධ්‍යස්ථානය ඇති කිරිමට සැලසුම් කර ඇති අතර, එහි පළමු වැඩසටහන ලෙස රුපියල් මිලියන 50.8ක වියදමින් කාත්තන්කුඩි නගර සභාවේ ඝන අපද්‍රව්‍ය ප්‍රතිසාධන මධ්‍යස්ථානයේ වැඩ ආරම්භ කෙරිණි.
ඒ සඳහා නොදිරන කසළ ප්‍රමාණයක් ජනනය වන ස්ථාන 6ක් බැගින් ස්ථාන 54ක් තෝරා ගෙන ඇති අතර දැනට එම ස්ථාන අතරින් 25 ක ශක්‍යතා අධ්‍යනය සිදු කර ඇත.
ඒ අනුව, ඉදිරි වසර 3 ඇතුලත සනීපාරක්ෂක බිම් පිරවුම් වෙත යොමුවන අපද්‍රව්‍ය ප්‍රමාණය 30%කින් අවම කිරීම සඳහා ප්‍රජා දැනුවත් කිරීම් හා ප්‍රජා සහභාගිත්වය තුළින් 3R සංකල්පය (Reduce, Reuse, Recycle) ක්‍රියාත්මක කරමින් ජනනය වන අපද්‍රව්‍ය ප්‍රමාණය අවම කිරීමත් නිසි පරිදි වෙන් කරනු ලැබූ අපද්‍රව්‍ය (පොලිතීන්/ වීදුරු / අනෙකුත්) රැස් කිරිම හා කළමනාකරණයට පළාත් පාලන ආයතන සවිබල ගැන්වීමත් මෙමඟින් අපේක්ෂා කෙරේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාම සතුටුයි. මෙය දශක කීපයකට පෙර සිදුවිය යුතු වූ දෙයක්...
ප්ලාස්ටික්,පොලිතීන් භාවිතය පිලිබද ජාතික ප්‍රතිපත්තියක් හදන්න ඕනේ. අද බැලුවොත් ලංකාවේ හැම පාරක් දෙපැත්තෙම ප්ලාස්ටික් බෝතල්. පොලිතීන්. පොහොර උර පිරිලා.. මේවා දාන්නෙත් මිනිස්සුම තමා.. මහා පරිසර විනාශයක්.. මේවා දිරන්න අවුරුදු හාර පන්සියක් යනවලු. බීම බෝතල් ,පොල්තීන් කරන අටට බද්දක් ගහල මේ රට පුරා ඉසිරිලා තියෙන ප්ලාස්ටික් මිනිස්සු ලවාම එකතු කරල ඒවාට මූල්‍ය වටිනාකමක් දෙන්න ඕනේ.. නැත්නම් ලංකාවම ප්ලාස්ටික් වවලින් වැහිලා යනව ඉක්මනටම.. උදාහරණයක් විදියට ඉවත්කරන ලද ප්ලාස්ටික් බෝතල් කිලෝ එක්ක්ට රුපියල් 100ක් ද්‍දෙනව කිව්වොත් මිනිස්සු පොර කකා මේවා එකතු කරයි.. ඒ මුදල් අය කරගත යුත්තේ නිශ්පාදකයින් ග්‍ර්න්.. පාරිභෝගිකයාට පුලුවන් තම පාවිච්චි කරපු දේ නැවත මුදල් බවට හරවල ..ආයෙත් බඩු ගන්න..