IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


කුණු වලින් වැඩ ගන්න තැන් 54ක් හදයි

(අංජුල මහික වීරරත්න)

‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන සහ  රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය එක්ව පළාත් පාලන ආයතන වල ඝන අපද්‍රව්‍ය නැවත භාවිතයට ගත හැකි ද්‍රව්‍ය බවට පරිවර්තනය කිරීමේ පහසුකම් සැලසීම වෙනුවෙන් ඝන අපද්‍රව්‍ය ප්‍රතිසාධන මධ්‍යස්ථාන ආරම්භ කිරීමේ වැඩසටහනක් සැලසුම් කර ඇත.

ඒ අනුව පළාත් නවයම ආවරණය වන පරිදි  ඝන අපද්‍රව්‍ය ප්‍රතිසාධන මධ්‍යස්ථානය ඇති කිරිමට සැලසුම් කර ඇති අතර, එහි පළමු වැඩසටහන ලෙස රුපියල් මිලියන 50.8ක වියදමින් කාත්තන්කුඩි නගර සභාවේ ඝන අපද්‍රව්‍ය ප්‍රතිසාධන මධ්‍යස්ථානයේ වැඩ ආරම්භ කෙරිණි.

ඒ සඳහා නොදිරන කසළ ප්‍රමාණයක් ජනනය වන ස්ථාන 6ක් බැගින් ස්ථාන 54ක් තෝරා ගෙන ඇති අතර දැනට එම ස්ථාන අතරින් 25 ක ශක්‍යතා අධ්‍යනය සිදු කර ඇත.

ඒ අනුව, ඉදිරි වසර 3 ඇතුලත සනීපාරක්ෂක බිම් පිරවුම් වෙත යොමුවන අපද්‍රව්‍ය ප්‍රමාණය 30%කින් අවම කිරීම සඳහා ප්‍රජා දැනුවත් කිරීම් හා ප්‍රජා සහභාගිත්වය තුළින් 3R සංකල්පය (Reduce, Reuse, Recycle) ක්‍රියාත්මක කරමින් ජනනය වන අපද්‍රව්‍ය ප්‍රමාණය අවම කිරීමත් නිසි පරිදි වෙන් කරනු ලැබූ අපද්‍රව්‍ය (පොලිතීන්/ වීදුරු / අනෙකුත්) රැස් කිරිම හා කළමනාකරණයට පළාත් පාලන ආයතන සවිබල ගැන්වීමත් මෙමඟින්  අපේක්ෂා කෙරේ.



අදහස් (3)

කුණු වලින් වැඩ ගන්න තැන් 54ක් හදයි

maalaka Wednesday, 24 September 2025 01:23 PM

ඉතාම සතුටුයි. මෙය දශක කීපයකට පෙර සිදුවිය යුතු වූ දෙයක්...

:       0       47

පැරකුම්Wednesday, 24 September 2025 04:23 PM

ඇයි දන්නවද? නෝ කොමිස්…!

:       0       0

hasith Thursday, 25 September 2025 05:09 AM

ප්ලාස්ටික්,පොලිතීන් භාවිතය පිලිබද ජාතික ප්‍රතිපත්තියක් හදන්න ඕනේ. අද බැලුවොත් ලංකාවේ හැම පාරක් දෙපැත්තෙම ප්ලාස්ටික් බෝතල්. පොලිතීන්. පොහොර උර පිරිලා.. මේවා දාන්නෙත් මිනිස්සුම තමා.. මහා පරිසර විනාශයක්.. මේවා දිරන්න අවුරුදු හාර පන්සියක් යනවලු. බීම බෝතල් ,පොල්තීන් කරන අටට බද්දක් ගහල මේ රට පුරා ඉසිරිලා තියෙන ප්ලාස්ටික් මිනිස්සු ලවාම එකතු කරල ඒවාට මූල්‍ය වටිනාකමක් දෙන්න ඕනේ.. නැත්නම් ලංකාවම ප්ලාස්ටික් වවලින් වැහිලා යනව ඉක්මනටම.. උදාහරණයක් විදියට ඉවත්කරන ලද ප්ලාස්ටික් බෝතල් කිලෝ එක්ක්ට රුපියල් 100ක් ද්‍දෙනව කිව්වොත් මිනිස්සු පොර කකා මේවා එකතු කරයි.. ඒ මුදල් අය කරගත යුත්තේ නිශ්පාදකයින් ග්‍ර්න්.. පාරිභෝගිකයාට පුලුවන් තම පාවිච්චි කරපු දේ නැවත මුදල් බවට හරවල ..ආයෙත් බඩු ගන්න..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 92 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 892 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 619 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site