පුෂ්පකුමාර ජයරත්න
කොළඹ කොටුවේ පිහිටා ඇති ගුවන් ටිකට්පත් නිකුත් කරන ප්‍රසිද්ධ සමාගමක ගුවන් ටිකට්පත් ඇණවුම් කළ මෙරට විදේශ සංචාර සංවිධායකයින් රැසකට සිදුකර ඇතැයි කියන රුපියල් කෝටි 10 කට වැඩි මුල්‍ය වංචාවක් සම්බන්ධයෙන් එම විදේශ සංචාර සංවිධායකයින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර ඇත.
වසර 40 කට වඩා පැරණි බව කියන මෙම සමාගම නොවැම්බර් හා මෙම දෙසැම්බර් මාසය සඳහා විදේශ සංචාර වෙනුවෙන් මුදල් ගෙවා ඇණවුම් කළ ගුවන් ටිකට්පත් ලබා නොදීමෙන් සහ ව්‍යාජ ගුවන් ටිකට්පත් ලබා දීමෙන් මෙම මහා පරිමාණයේ මුදල් වංචාව සිදුකර ඇති බව පැවසේ.
ඉන්දියාව,ඩුබායි,තායිලන්තය,මැලේසියාව,බුරුමය,සිංගප්පූරුව, ඉන්දුනීසියාව ආදී රටවල විනෝද සංචාර සහ වන්දනා සංචාර සංවිධානය කරනු ලබන මෙරට ප්‍රසිද්ධ විදේශ සංචාරක සංවිධායකයින් රැසකට,පුණ්‍ය ආයතන වලට සහ පුද්ගලයින් රැසකට එම සමාගම ගුවන් ටිකට්පත් ලබානොදීමෙන් මෙම වංචාව සිදුකර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකේ නම දැම්මා නම් හොඳයි..
මේ සමාගමේ නම කියන්න බැරි මොකද? තවත් අය අමාරුවේ වැටෙන්න පෙර එ්ක නේද හොඳ?