(අංජුල මහික වීරරත්න සහ නිමල කොඩිතුවක්කු)
එක්සත් ජාතික පෙරමුණේ අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා හැර වෙනත් කිසිවෙකුත් නම් නොකිරීමට එක්සත් ජාතික පෙරමුණේ නායකයන් අද (3) දහවල් අවසන් තීරණයකට එළැබිණි.
එක්සත් ජාතික පෙරමුණේ නායකයින් ඉහත තීරණයකට එළැබියේ අරලියගහ මන්දිරයේ පැවති එක්සත් ජාතික පෙරමුණේ විශේෂ සාකච්ඡාවකදීය.
එක්සත් ජාතික පෙරමුණ විසින් එළැබි ඉහත තීරණය අද සවස පැවති සාකච්ධාවේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට නිල වශයෙන් දැනුම් දීමට ද පියවර ගැණිනි.
එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන පක්ෂ හයේම නායකයෝ ඉහත තීරණය ගත් සාකච්ඡාවට සහභාගී වු බව ප්රජාතන්ත්රවාදී ජනතා පක්ෂයේ නායක මනෝ ගනේෂන් මහතා පැවසීය.
එක්සත් ජාතික පෙරමුණේ හෝ එක්සත් ජාතික පක්ෂයේ හෝ නායකයා තීරණය කිරිමේ බලය කිසි ලෙසකින්වත් ජනාධිපතිට නොදෙන බව අවධාරණය කළ මනෝ ගනේෂන් මහතා ජනාධිපති කැමති වුණත් නැතත් පාර්ලිමේන්තුවේ බහුතර සහය හිමි මන්ත්‍රීවරයා රටේ අගමැතිවරයා ලෙස නම් කළ බවද කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උසාවියෙන් "අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සහ වත්මන් අමාත්‍ය මණ්ඩලයට එම ධූර දැරීමට නීත්‍යානුකූල හිමිකමක් නොමැති බවට" අතුරු නියෝගයක් නිකුත්කරලා. දැන් ඉතින් හැමදෙයක් ගැනම මෙච්චර කාලයක් කිව්වා වගේ "රනිල් අගමැති වුනොත් එක විනාඩියක්වත් ජනාධිපතිකමේ ඉන්නේ නැහැ" කියලා කිව්වේ විහිළුවට කියලා තමයි කියන්න වෙන්නේ...
රට විනාශ වුනත් කමක් නෑ ඔබලාගේ නායකයා තමයි ඕනේ
පාර්ලිමේන්තුවේ බහුතරය නෙමෙයි, දෙමළ සහ මුස්ලිම් බහුතරය කියල දාන්න ඒ අයට ඕනදේ කරගන්න පුළුවන් කෙනාව එපැයි අගමැති කරන්න. ඊට පස්සේ ඒ අයට රජ මගුල්. අපි යන්නම් වෙන රටවලට. ඕකේ ඉන්න කාලකන්නි 225 අහන්නේ රටේ ජනතාවගෙන් අහපල්ලකෝ ඡන්දයක් තියලා. ඕකේ ඉන්න අය රට ගැන හිතල තීරණයක් ගත්තේ කවද්ද? මේ රටේ ජීවත් වෙන මිලියන 21ක ජනතාවගේ අනාගතේ මේ නූගත් කසිප්පු කාරයන් කනවා කියල විතරයි මට හිතෙන්නේ. හොඳක් නම් වෙන්නේ නෑ. අපේ ළමයින්ගේ අනාගතේ කනවට...
ජනාධිපතිගේ කතා දෙකෙන්ම කියැවුනා ඇයි රනිල් අගමැතිකමින් ඉවත්විය යුත්තේ කියලා... මේ රටේ ජීවත් වුණු පුරවැසියන් හැටියට මේ අවුරුදු 4 තුළ මෙරටට කිසිම සෙතක් රනිල්ගෙන් සිදු නොවුණු බව අපි දනිමු. මීට අවුරුදු 6 කට පමණ පෙර මේ බව තේරුම් ගත් එජාප පාක්ෂිකයෝ රනිල්ට ගල්ගසා එලවා දැමීමට ගිය බව අපිට හොඳට මතකයි...
ජාතිවාදී වෙන්න එපා සිංහල, දෙමළ, මුස්ලිම් සියලු දෙනාම ශ්‍රී ලන්කන්....
60 නෙවෙයි, 70 පැන්නත් 2030 වනතුරු මමයි යූඑන්පී ලොක්කා. සජිත් සහ නවීන් අකුලගනු...
නිල් පාට හෝ කුරහන් පාට පොහොට්ටු ලාංඡනය සහිත කණ්නාඩි විකිණීමට හෝ කුලියට දීමට ඇත. වැඩිම ලංසුවට.
රනිල් ආණ්ඩුවේ මන්ත්‍රීවරු 46 දෙනෙක්ම සිංහලයන් නොවන බව ඔබ දන්නවද? එනම් සිංහල රාජධානියේ රජයේ මැති ඇමති මණ්ඩලයෙන් 50% කට ආසන්න ප්‍රමාණයක් සිංහලයන් නොවන බවයි.
ෆාදර් ට්‍රාවිස් ගේබ්‍රියල්ගේ මේ පිටිපස ඇති භූමිකාව වහා සොයා බැලිය යුතුයි. ඔහු හා කෝට්ටේ එකම පාසලේ සිටි ඔහුගේ පවුලේ මිතුරාගේ තීරණ පිටුපස ෆාදර් ට්‍රාවිස් ගේබ්‍රියල්...
විජේවර්ධන කෙනෙක් ඉස්සරහට එනකම් ඔය මනුස්සයා ඕක කීයටවත් අත අරින්නේ නැහැ.
අනේ මෙහෙමත් නාටක? ඔය කට්ටියගේ වෙන කෙනෙක් ඇත්තෙම නැද්ද නායකයෙක් වෙන්න? බැරිද නැත්නම් හැටිද?
ඔය එක ඇමතියෙක් වත් ඔන් නැහැ රාජ්‍ය පරිපාලනය වහාම නිලධාරීන්ට බාරදෙන්න්න පාර්ලිමේන්තුවේ 225 ගෙදර යවන්න ඔ්ය කට්ටිය නැතිව රට පාලනය කර ගත හැකිය