(අංජුල මහික වීරරත්න)
එක්සත් ජාතික පෙරමුණේ නායකයන් සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර අද (02) පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ජාව හෙට (03) දිනය තෙක් කල් තබා ඇතැයි එක්සත් ජාතික පෙරමුණේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් ලංකාදීපයට පැවැසීය.
පවතින දේශපාලන අර්බුදය සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමඟ සාකච්ජාවක් පවත්වා ඉන් අනතුරුව එක්සත් ජාතික පෙරමුණේ නායකයන් සමඟ සාකච්ජාව පවත්වන බව ජනාධිපතිවරයා දන්වා ඇතැයි එක්සත් ජාතික පෙරමුණු ප්‍රකාශකයා වැඩිදුරටත් කීය.
මේ අනුව හෙට පස්වරු 8ට ජනාධිපතිවරයා සහ එක්සත් ජාතික පෙරමුණු නායකයන් සමඟ සාකච්ජාව පැවැත්වීමට නියමිතය.
ඉකුත් සිකුරාදා (30) රාත්‍රියේද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ එක්සත් ජාතික පෙරමුණේ නායකයන් අතර දෙපැයකට ආසන්න කාලයක සාකච්ජාවක් පැවති අතර එම සාකච්ච්ජාවද අවසන් එකඟතාවයකින් තොරව අවසන් විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකත් නිකන් පාර්ලිමේන්තුව වගේ...
මොකද්ද මේ අවුල? හරි හමන් තීරණයක් ගන්න බැරි කෙනෙක් කොහොමද රටක් ගෙනියන්නේ? "පැරදුණා නම් පවුල පිටින් අඩි හයක් පොලව යට" කියලා කීවෙත් විහිළුවට කියලනේ දැන් කියන්නේ.
මෙයත් එක්ක මොන කතාද?
කාඩ් සෙල්ලම් කරන්න යන්න එපා. කුට්ටමේ සියලු තුරුම්පු කුජිත වේගන යන්නේ.
තුන්වන ලෝකයේ දේශපාලනයේ අසික්කිත භාවයේ පූර්වාදර්ශය...