
(නිමල කොඩිතුවක්කු)
එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ වන්දි ලබාගැනීම සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව හරහා කටයුතු කරන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කොළඹ දී ඊයේ(23) පැවසීය.
නීතිපති දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග ඉදිරියේ දී දැනුවත් කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් සිදුකළ විමසීමකදී ඔහු මේ බව පැවසීය.
ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියම කරනු ලැබූ ඇමරිකානු ඩොලර් මිලියන 250ක මූලික ගෙවීම සිදු නොකරන බව එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ, හිටපු ක්‍රියාකාරී එක්ස්ප්‍රස් ෆීඩර්ස් සමාගම නිවේදනය කර තිබේ.
එක්ස්ප්‍රස් ෆීඩර්ස්හි ප්‍රධාන විධායක නිලධායා සඳහන් කර ඇත්තේ මෙම තීන්දුවට අදාළ ඕනෑම ගෙවීමක් අනාගතයේ දී සමුද්‍රීය සිදුවීම් විසඳන ආකාරය සඳහා භයානක පූර්වාදර්ශයක් විය හැකි බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජාත්‍යන්තර උසාවියට යා යුතුයි .
මෙතන ලොකු අභිරහස් වැඩ ගොඩක් පහුගිය කාලේ වෙලා තියෙනවා. මුලින්ම වෙන රටවල් පැත්ත පලාතකටවත් වැද්ද ගත්තේ නැති මේ කරුමෙට මේ රටට එන්න අනුමැතිය දීපු ද්‍රෝහියා වෙන් කරලා ගන්න ඕනෑ. ඒ ඇමැතිද කවුද කියලා. මොකද ලොකු පගාවකට තමයි මේ ද්‍රෝහි වැඩේ කලේ. ඊළඟට මේකට අදාළ තොරතුරු මැකුව අය හොයලා අල්ලන්න ඕනෑ. ඊළඟට තමන්ගේ වගකීම නිසි කලට සාමුහිකව ඉටු නොකර අත ගගා හිටපු නිලධාරි හැත්ත අල්ලගන්න ඕනෑ. ඊළඟට හොරෙන් පගාව ගහලා වන්දි ගැනීම මග හැරෙව්ව ද්‍රෝහින්ව හොයා ගන්න ඕනෑ. මොකද මේ ද්‍රෝහීන් මේ සියල්ල කලේ කවදාවත් ඔය හිටපු රජයවල් මේ ගැන හොයන එකක් නැහැ කියන විශ්වාසයෙන්. එනිසා මේ නඩුව වෙනම යද්දී අර ද්‍රෝහින්ව හොයලා ජීවිතේට මතක හිටින දඬුවමක් දෙන්න ඕනෑ.