
(විමුක්ති එස් රුද්‍රිගු)
ඇෆ්ගනිස්තානයේ කාබුල් නුවර සිට ඉන්දියාවේ දිල්ලි නගරය බලා පියාසර කළ කාම් එයාර් ගුවන් සේවයට අයත් මගී ගුවන් යානයක රෝද සම්බන්ධ වන කුඩා කුටියේ සැඟවී 13 හැවිරිදි ඇෆ්ගනිස්තාන පිරිමි දරුවකු ඉන්දියාව බලා පැමිණි පුවතක් විදෙස් මාධ්‍ය පසුගියදා වාර්තා කළේය.
එම පිරිමි දරුවා ඇෆ්ගනිස්තානයේ කුන්ඩුස් නගරයේ වාසය කරන අයකු බවත් දිල්ලි ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ ධාවන පථයේ ඔබමොබ යමින් සිටියදී ගුවන් තොටුපොළ පොලිසිය ඔහුව සොයාගෙන ඇති බවත් විදෙස් මාධ්‍ය සඳහන් කළේය.
ඇතිවූ කුතුහලය හේතුවෙන් ගුවන් යානයේ රෝදය සම්බන්ධ වන ස්ථානයේ තමන් සැඟවුණු බව ගුවන් තොටුපොළ බලධාරීන් වෙත ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය පැවැසුවේය. එක අවස්ථාවක යානය අඩි 36,000 ක් උඩින් පියාසර කර ඇතත් පිරිමි දරුවට කිසිම අනතුරක් සිදුනොවී ඇති බවත් පැය එකයි විනාඩි තිහක කාලයක් එම දරුවා යානයේ සැඟව සිට ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දකුණු ආසියානු රටවල් සමඟ කෙසේ වෙතත් ස්කැන්ඩිනේවියානු රටවල් හා සසඳමින් ශ්‍රී ලංකාව තුට්ටු දෙකට දාන කට්ටියටත් රට පනින්න අත්හදා බලන්න පුලුවන් ඒ ක්‍රමේට. ඒ පිරිස ඉතා වැඩි දෙනෙක් මාලිමා සපෝටර්ලා නිසා තව ටිකක් ඉවසලා ඉන්න හැබැයි.
මේ සමහර මිනිස්සුන්ට තියෙන්නේ මහා පුදුම මේනියාවක්. පිස්සුවක්. රටේ හරි ලෝකේ මොන දිල්ලියේ හරි මොකක් හරි අන්ජබජලයක් උනොත් ඒක මේ කොහෙවත් තියෙන මාලිමා රජයට පටලවන්න හදනවා. එකෙන්ම තේරෙනවා මේ මිනිස්සු කොයි තරම් තමන්ගේ වාසියට විතරක් නිකම් බත් බැල වහල්ලු වගේ දනින් වැටීගෙන එහෙයි කියාගෙන හිටපු කට්ටියක්ද කියලා. කවදාවත් බුද්ධිමත් මිනිස්සු මේ බාලයන්ගේ විකාර වලට ආයේ නම් අහුවෙන්නේ නැහැ.