(සුජිත් හේවාජුලිගේ)
ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් අනිද්දා (05 ) පැවැත්වෙන පාර්ලිමේන්තු රැස්වීමත් වර්ජනය කරන බව ජාත්‍යන්තර වෙළඳ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
කතානායකවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග හා සම්ප්‍රදායට අනුකූලව කටයුතු කරන තුරු පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගී නොවීමට ආණ්ඩුව ගෙන ඇති තීරණය වෙනසක් නොමැති බව කී ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ සිරිකොත රැස්වීම්වලට සහභාගී වීමේ අවශ්‍යතාවක් නැතැයිද පැවැසීය.
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අත්හිටවු ආකාරයද අගමැතිවරයා සහ ඇමැතිවරුන්ගේ මුදල් කපා හැරීමේ යෝජනා ඉදිරිපත් කළ ආකාරයෙන්ද නීතී විරෝධි යැයි ඇමැතිවරයා කීවේය.
ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් මේ වන විට පාර්ලිමේන්තු රැස්වීම් හතරක් වර්ජනය කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එන්නම එපා...
එක්කෝ පාර්ලිමේන්තු ගිහින් ඔය ගෙනැල්ලා සම්මත වූ යෝජනා පරාජය කරන්න එහෙම නැත්තම් උසාවි යන්න ඕනෑ. බයට පාර්ලිමේන්තු යන්නේ නැති ආණ්ඩුවක් කියාගත්තු කණ්ඩායමක් දැක්කමයි. මේකත් හරියට අපි ආවහම ඩොලරය අඩු කරනවා, සිංගප්පූරු ගිවිසුම අහෝසි කරනවා. හම්බන්තොට වරාය පවරා ගන්නවා. රණවිරුවන්ගෙන් පලි ගන්නේ නෑ කිව්වා.. වගේ අතේ පැළවෙන බොරුම තමයි.
රටේ සාමාන්‍ය ජනතාව විවිධ හිරිහැර බාධක මැද මේ අය පාර්ලිමේන්තු යවනවා. රජයේ සේවකයින් දුෂ්කරතා මැද මැතිවරණ රාජකාරිය ඉටුකර මැතිවරණ ක්‍රියාවලිය සක්‍රීය කරනවා (හරි හමන් දීමනාවක් ගෙවන්නෙත් නෑ) ඊට පස්සේ තම බල අරමුණු වෙනුවෙන් පාර්ලිමේන්තුව මග අරිනවා. කාටද ඉතිං මේවා කියන්නේ...
අනේ මහත්තයෝ එහෙම කරන්න එපා. වෙනදා වගේ කැන්ටිමටයි, බාර්එකටයි ගොඩවෙලා යන්න. අාණ්ඩු කරනෙක ගෙදර ඉඳගෙන කරගන්න බැරිය.
මිලදී ගැනීම තවමත් සාර්ථක නැති නිසා අනිද්දාත් පාර්ලිමේන්තු නොයති. විකිණෙන භාණ්ඩ ගැන තේරුම් ගැනීමට ජනතාවට හොඳ මොහොතකි.
රනිල් ඇවිත් ලංකාව විනාශයි.
මෙතෙක් කල් ලෝකේ වර්ජනය කළේ විපක්ෂය. හේතුව තමන්ට බහුතරය නැති බව ජනතා කැමැත්තක් දී නොමැති බව මේ මිනිස්සු දන්නවා. දේශපාලනයෙන්ම අයින් වෙන්න.. ජාතියම ඔබලාට ගරුකරයි.
හොරු නමැති 225 කින් සමන්විත එකී මෙකී හොරතක්කඩි රෑන සදහටම අපගේ මව්බිමෙන් මක බෑවේවා...!!!
තාම 113 හදා ගන්න බැරි වුණාද?
ඒ වුණාට කැන්ටිමට ගිහිල්ලා කෑම කාල ගෙදර යන්න, පින්පඩිය දෙනවනේ...
පාර්ලිමේන්තු සම්ප්‍රදායට ගරුකලේ කව්ද? පැහැරුවේ කව්ද? කියලා මුළු ලොවම දුටුවා. දිට්ඨධම්මවේදනීය කර්මය පලදීලා...
එහෙම නම් පඩි ගන්නත් බැහැ. පුද්ගලික අංශයේ වැඩ කරන උදවිය මේ විදියට වැඩකලොත් රස්සාවෙන් දොට්ට දානවා. ලජ්ජා නැද්ද මෙහෙම දේශපාලනය කරන්න. ස්වාසිලන්තයේවත් මෙහෙම ඇමතිවරු නැතිව ඇති.
පාර්ලිමේන්තුවට ජනතා ඡන්දයෙන් පත්වන නියෝජිතයනුත් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලවල නිළධාරිනුත් පාර්ලිමේන්තු ගියත් රටේ සාමාන්‍ය ජනතාවත් මංකොල්ල කරුවනුත් පාර්ලිමේන්තු යන්නේ නැහැ.
දියුණු සමාජයක මේ අවිධිමත් ආණ්ඩුවක් හදාගෙන මේ කරන විගඩම් රට ගැන හිතුවොත් මොනතරම් අපරාධයක්ද? මාසයකට වැඩි කාලයක් දැනට රටේ හරි පරිපාලනයක් නැහැ. මහජනතාව මේ පිළිබඳව නිසි අවබෝධයෙන් ඉදිරියේදී තීරණ ගතයුතුයි. මොකද විනයක් නැති රටක කිසිම දියුණුවක් දැකිය නොහැකියි.
බන්දුල මන්ත්‍රීතුමාගේ "ආණ්ඩුවේ ඇමතිවරු" යන්නෙන් ගම්‍යමාන වනුයේ ඔහු බහුතරයක් නොමැති, කතානායකතුමා හා පාර්ලිමේන්තුව නොපිළිගන්නා නෛතික නොවන ආණ්ඩුව පිළිගන්නා බවයි. එමෙන්ම ඔහුගේ උගත්කමේත්, ආචාර්ය උපාධියේත් අඩුලුහුඩුකම් තිබෙනා බව ඉතා පැහැදිලියි. එබැවින්, ඔහුගේ මෙවැනි ප්‍රකාශ වලින් ඔහු වඩාත්ම සුදුසු වන්නේ ආචාර්ය වරයෙකු ලෙස හඳුන්වනවාට වඩා ආචාරියෙකු ලෙස හැදින්වීමටයි. නොඑසේනම් මේ නීත්‍යානුකූල නොවන, බහුතරය නොමැති සියඹලාණ්ඩුව ආණ්ඩුවක් සේ පිළිගැනීමට උගතෙකුට පුළුවන්ද?
දැන් නම් රට විනාශ වෙන්නේ මහින්ද පස්ස දොරෙන් ආපු හින්දයි!
මසුරන් වටිනා කතාවක්. මේ වගේ පතුලක් නැති නිධානයක් තව කොහිද තියෙන්නේ? ගියත් සල්ලි... නොගියත් සල්ලි... නේද මහත්තයෝ?
රෙදි ඇඳගෙන යන්න පුළුවන්යැ. බහුතරේ නැති පින් ආණ්ඩුව...