කිරිවෙහෙර නා හිමිට වෙඩි තැබු තවත් දෙන්නෙක් අල්ලයි කතරගම කිරිවෙහෙර රජ මහා විහාරයේ විහාරාධිපති කොබවක ධම්මින්ද හිමියන්ට හා එහි විහාරවාසී වීදාපොළ සෝභිත හිමියන්ට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ බවට සැක කෙරෙන අඹුසැමි යුවළක් අද (19 ) දහවල් දික්වැල්ලේදි තංගල්ල කොට්ඨාසයේ අපරාධ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් අත් අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. 19 June 2018
කොට්ටාව ව්‍යාපාරික සංවර්ධන සමුපකාර ශාඛාවේ මුදල් කොල්ලකාලා කොට්ටාව හොරණ පාරේ පිහිටි ව්‍යාපාරික සංවර්ධන සමුපකාර සමිතියට අයත් කොට්ටාව ශාඛාවට අද (19) දින දහවල් යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙකු එහි සිටි සේවිකාවන්ට ගිනි අවියක් පෙන්වා බියකර රුපියල් හැත්තෑදහසක මුදලක් පැහැරගෙන පලා ගොස් ඇතැයි කොට්ටාව පොලිසිය පවසයි 19 June 2018
නව වෙළෙඳ ප්‍රතිපත්තිය ලේඛනය ගැන මන්ත්‍රීවරු දැනුම්වත් කරන්නැයි කතානායකට ලිපියක් පාර්ලිමේන්තුවේ මේ වනවිට සභාගත කර ඇති නව වෙළෙඳ ප්‍රතිපත්තිය නමැති ලේඛනය සකස් කළ ආකාරය හෝ ඒ සඳහා යොදා ගත් ක්‍රම වේදයන් හා ඊට දායක වූ පුද්ගලයින් පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කර නොමැති බැවින් මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමට පියවර ගන්නැයි ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා කථානායක කරු ජයසූරිය මහතා වෙත ලිපියක් යවමින් ඉල්ලා සිටී. 19 June 2018
ගුරුකමට දොර අරින්නැයි සංවර්ධන නිලධාරිහු ඉල්ලති රාජ්‍ය සේවයේ සියලූම සංවර්ධන නිලධාරීන්ට ගුරු සේවා තරඟ විභාගය සඳහා ඉල්ලූම් කිරීමේ අවස්ථාව ලබාදෙන්නැයි සංවර්ධන නිලධාරින්ගේ සංගමය අධ්‍යාපන ඇමැතිවරයාට ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටියි. 19 June 2018
ගෝඨාගේ ප්රතිශෝධන පෙත්සම් විභාගය කල් යයි ඇවන්ගාඩ් නඩුවෙන් තමන් ඇතුළු විත්තිකරුවන් නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ ප්රතිශෝධන පෙත්සම ලබන ජුලි 02 සහ 04 වැනිදා සලකා බැලීම අභියාචනාධිකරණය අද(01) නියම කළේය. 19 June 2018
’බන්ධනාගාරයේ ජම්පරය අදින භික්ෂුන් 15 ක් ඉන්නවා’ - නීති සංගමයේ සභාපති බන්ධනාගාර ගතව ජම්පරය අඳින භික්ෂූන් වහන්සේලා 15 නමක් හා අන්‍යාගමික පූජකවරුන් තිදෙනෙකු සිටින්නේ යැයි ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ යූ.ආර්. දි සිල්වා මහතා ‘ලංකාදීප’ යට පැවැසීය. 19 June 2018
සයිටම් විරෝධි පාගමනට කඳුළු ගෑස් ප්‍රහාරයක් සයිටම් වීරෝධි පාගමන විසුරුවා හැරීමට පාර්ලිමේන්තු වටරවුමේදී පොලීසිය විසින් කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කරනු ලැබීය. 19 June 2018
රමිත් රඹුක්වැල්ලට තාවකාලික රියදුරු බලපත්‍රයක් නොසැළකිලිමත් රිය ධාවනයෙන් අනතුරක් සිදු කිරිමට අදාළව අධිකරණය මගින් මාස තුනකට අධික කාලයක් රියදුරු බලපත්‍රය අත්හිටුවා සිටින රමිත් රඹුක්වැල්ල මහතාට තාවකාලික රියදුරු බලපත්‍රයක් ලබාදෙන ලෙසට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චන්දන කලන්සුරිය මහතා නාරහේන්පිට පොලිසියට නියෝගයක් නිකුත් කළේය. 19 June 2018
මව හෝ පියා අහිමි දරුවන් 765 ක් කිලිනොච්චියේ යුද්දෙන් පසුව කිලිනොච්චියේ නැවත පදිංචියට ගිය වැසියන්ගෙන් මව හෝ පියා නොමැති දරුවන් 765 ක් ජීවත් වන බවට දිස්ත්‍රීක්කයේ පිහිටි ළමා නිවාසයන් හී නිලධාරීහු පෙන්වා දෙති. 19 June 2018
යාපනය මල්ලාකම් සිද්ධියට අත්අඩංගුවට ගත් පස් දෙනා 29 තෙක් රිමාන්ඩ් යාපනය මල්ලාකම් ප්‍රදේශයේ සිදුවූ ගැටුම දුර දිග යාමෙන් පොලිස් වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින් පස් දෙනා ලබන 29 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මල්ලාකම් මහෙස්ත්‍රාත් ඒ.ඇලෙක්ස්රාජා මහතා නියෝග කළේය. 19 June 2018
අන්‍යෝන්‍ය සහයෝගය පළ කිරීමේ කෙටුම්පත පිළිබඳ නීතීපතිගේ කරුණු දැක්වීම හෙට රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන සාපරාධී කාරණාවලදී අන්‍යෝන්‍ය සහයෝගය පළ කිරීම පිළිබඳ පනත් කෙටුම්පත ආණ්ඩුකම ව්‍යවස්ථාවට පටහැනි යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ගොනු කළ පෙත්සම් 4ක් සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ කරැණු දැක්වීම හෙට (20) තෙක් කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය. 19 June 2018
ත්‍රීරෝද- යතුරුපැදි වලට නව පෙට්ට්‍රල් වර්ගයක් ත්‍රී රෝද රථ සහ යතුරුපැදි ඉලක්ක කර ඉදිරියේ දී නව පෙට්ට්‍රල් වර්ගයක් හඳුන්වා දීමට කටයුතු කරන බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා කොළඹදී පැවසීය. 19 June 2018
එමිල්- නියෝමාල් යළි රිමාන්ඩ් වැලිකඩ රැඳවියන් ඝාතනය විමේ සිද්ධියට අදාළව තවත් පුද්ගලයන් 12 දෙනෙකුගේ දුරකථන විස්තර ලබා ගැනීම සඳහා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබා දුන්නේය. 19 June 2018
ඥාණසාර හිමිගේ අභියාචනය විභාගය 22 වැනි දා මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරිඳට හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ දී තර්ජනය කිරිම සම්බන්ධයෙන් වරදකරු වී සිරදඬුවම් සහ දඩ නියම කර මහේස්ත්‍රාත් නිකුත් කළ තීන්දුව අභියෝගයට ලක් කරමින් ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන් ඉදිරිපත් කළ අභියාචනය ලබන 22 වැනි දා සළකා බැලීමට හෝමාගම මහේස්ත්‍රාත් උදේශ් රණතුංග මහතා නියෝග කළේය. 19 June 2018
ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානී- දැව සංස්ථා සභාපතිගේ ඇප නියෝගය 26 වැනිදා අල්ලස් සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ආචාර්ය කුසුම්දාස මහානාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති පියදාස දිසානායක යන අය සම්බන්ධ ඇප නියෝගය 26 වැනි දා ප්‍රකාශයට පත් කරන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා නියෝග කළේය. 19 June 2018
හිටපු ඇමැති ප්‍රියංකරගේ නඩුවේ වැඩිදුර විභාගය සැප්තැම්බරයේ හිටපු අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතා සිවිල් හා ගුවන් සේවා අමාත්‍යවරයාව සිටි සමයේ සිය පෞද්ගලික ලේකම්වරයාට ශ්‍රී ලංකා ගුවන් සමාගමේ තනතුරක් ඇති කරමින් ඒ සඳහා පත්කර අල්ලස් පනතේ දූෂණය නම් 19 June 2018
රිය අනතුරකින් සැරයන් මරුට:කොස්තාපල් රෝහලේ මාතලේ පලාපත්වල නිල්දිය උයන ආසන්නයේදී රාත්‍රී මුර සංචාරයේ යෙදී සිටි පොලිස් සැරයන්වරයකු සහ කොස්තාපල්වරයෙකු මෝටර් රියක ගැටී සිදු වු අනතුරකින් සැරයන්වරයා මියගොස් කොස්තාපල්වරයා තුවාල ලබා මාතලේ මුලික රෝහලට ඇතුළු කර ඇතැයි පොලිසිය කියයි. 19 June 2018
බාලවයස්කාර දරුවා අපයෝජනය කළ අය අත්අඩංගුවට දන්කොටුව පිටාගාර ප්‍රදේශයේ 13 හැවිරිදි පාසල් සිසුවෙකුට බරපතල ලිංගික අපයෝජනයක් සිදුකළ 61 හැවිරිදි පුද්ගලයෙක් අත්අඩංගුවට ගත්බව දන්කොටුව පොලිසිය පවසයි. 19 June 2018
කිම් තෙවැනි වරටත් චීනයට උතුරු කොරියානු නායක කිම් ජොන් උන් අද (19) චීනයේ බීජිං නුවරට පැමිණියේය. මේ වසරේදී මාස කිහිපයක් ඇතුළත උතුරු කොරියානු නායකයා චීනයට පැමිණි තෙවැනි අවස්ථාව මෙයයි. 19 June 2018
එජාපෙ රැස්වීමට ඇමතිවරුන් නැති වීම ගැන කනස්සල්ල කොළඹ අරලියගහ මන්දිරයේදී අද (18) පස්වරුවේ පැවති එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට කැබිනට් ඇමතිවරුන් වැඩි පිරිසක් සහභාගි නොවීම පිළිබඳව එජාප මන්ත්‍රීවරුන් පිරිසක් කණස්සල්ල පළකර ඇතැයි වාර්තා වේ. 18 June 2018
පළමු ශ්‍රේණියට අයදුම්පත් ගැනීම ජූලි 10 දක්වා 2019 වසර සඳහා රජයේ පාසල්හි පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත්කර ගැනීමට අදාල අයදුම්පත් භාරගන්නා අවසන් දිනය ජූලි මස 10 වැනි දින දක්වා කල්දැමුණු බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය. 18 June 2018
සාපෙළ හර විෂයන් ගණන 6ට අඩු කරන්න යයි අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අයත් හර විෂයන් 08 විෂයන් 06 ක් ලෙස අඩුකිරීම කෙරෙහි සලකා බලමින් තිබෙන බව අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය. 18 June 2018
ඒකාබද්ධයේ සාකච්ඡාවට 16 කණ්ඩායමත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (19) පැවැත්වෙන ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම සඳහා ආණ්ඩුවෙන් ඉවත්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 කණ්ඩායමද සහභාගීවනු ඇතැයි වාර්තාවේ. 18 June 2018
හරි විගණනයක් කළොත් නිලධාරීන් රැසක් හිරේ - විගණකාධිපති මුදල් රෙගුලාසි කඩ කිරීමේ චොදනාව ට සිරදඬුවම් නියම වූ ලලිත් වීරතුංග මහතාට ඒ දඬුවම ලැබුණු අයුරින්ම නිසි විගණනයන් සිදු කළහොත් රාජ්‍ය නිලධාරීන්ගෙන් භාගයක්ම අද සිටිය යුත්තේ හිරේ යැයි විගණකාධිපති ගාමිණි විජේසිංහ මහතා අද (18) පැවසීය. 18 June 2018
බහාලුම් 107 ක් තිරිඟු ඇට හොරෙන් ගෙන්වයි පෞද්ගලික අංශයේ ව්‍යාපාරිකයෙක් විසින් සත්ව ආහාර සැකසීම සඳහා යැයි පවසමින් නීති විරෝධී ලෙස තිරුඟු ඇට බහළුම් 107ක් මෙරටට ගෙන්වා ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. 18 June 2018
ඥානසාර හිමිට නිදහස ඉල්ලා සත්‍යග්‍රහයක් සිර දඬුවම් නියම වූ බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නිදහස ප්‍රාර්ථනා කරන සත්‍යග්‍රහයක් අද (18) කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී පැවැතිවිණි. 18 June 2018
වසර තුනක ඇවන්ට්ගාඩ් මෙහෙයුමෙන් නාවික හමුදාවට කෝටි 560ක් ඇවන් ගාර්ඩ් සමාගම නාවික හමුදාව යටතට පත්කිරීමෙන් පසු 2015 වසරේ සිට මේ දක්වා කාලයේ රුපියල් කෝටි 560ක මුදලක් උපයා ඇතැයි මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා කොළඹදි අද(18) පැවසීය. 18 June 2018
ඥාණසාර හිමි ගැන ජනපති සමඟ සාකච්ඡාවක් සිරගත කෙරුණු බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සම්බන්ධයෙන් බුද්ධ ශාසන ඇමැති ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා හා ජනාධිපතිවරයා අතර විශේෂ සාකච්ඡාවක් හෙට (19) පැවැත්වීමට නියමිතය. 18 June 2018
නාමල්ට එරෙහි මුදල් විශුද්ධිකරණ පනත් නඩුවේ වැඩිදුර විභාගය කල් යයි හෙළි නොකරන ආකාරයකින් රුපියල් කෝටි තුනක මුදලක් උපයා ගත් බවට මුදල් විශූද්ධීකරණ පනත යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිසකට එරෙහිව මුදල් විශූද්ධීකරණ පණත යටතේ පවරා ඇති නඩුවේ වැඩිදුර විභාගය ලබන ජුලි මස 10 වැනිදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් අබේකෝන් මහතා නියම කළේය. 18 June 2018
රුපියල වාර්තාගත අගයකින් පහළ බසී ඉතිහාසයේ මෙතෙක් වාර්තා කළ පහළම අගය වාර්තා කරමින් ශ්‍රී ලංකා රුපියල අද (18) ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව 161 ක් පහළ ගියේය. 18 June 2018
ඉරාන විදේශ ඇමැති චීනයේ නිල සංචාරයක ඉරානයේ විදේශ අමාත්‍ය අබ්බාස් අරාග්චි චීනයේ නිල සංචාරයක නියැලෙයි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉරාන විදේශ අමාත්‍යවරයා බෙයිජීං අගනුවර බලා පැමිණි බවය... 06 May 2026