කෝටි දෙකක කේරළගංජා සමඟ තුනක් අත්අඩංගුවට රුපියල් කෝටි 2 ට අධික වටිනා කේරළ ගංජා තොගයක් සමග තිදෙනකු යාපනය කෝවිල්කුලම් මුහුදු ප්‍රදේශයේ අද (6) නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගෙන ඇත. 06 July 2021
අතවර නඩුවේ සුළු පියා වසර 90ක් හිරේ: වින්දිත දැරිය දැන් නීති වෘත්තියේ වයය අවුරුදු 15 සහ 12 වන වියෙහි පසු වූ බාල වයස්කාර අක්කා නගෝ දෙදෙනකු වරින්වර බරපතළ ලෙස ලිංගික අපයෝජනයට වින්දිත දැරියන්ගේ සුළු පියා සියලු චෝදනාවනට වරදකරු කරමින් අනුරාධපුර අංක දෙක මහාධිකරණයේ පූර්වගාමි විනිසුරු ආචාර්ය සුමුදු පේ‍්‍රමචන්ද්‍ර මහතා විත්තිකරුට බරපතළ වැඩ සහිත වසර අනූවක (90) සිර දඩුවමක් නියම කළේය. 06 July 2021
කොරෝනා පනතේ වගන්ති පහක් ව්‍යාවස්ථාවට පටහැනියි කොරෝනා වයිරස රෝගය (කොවිඩ් 19) තාවකාලික විධිවිධාන පනත් කෙටුම්පතේ වගන්ති පහක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද (6) දැනුම් දුන්නේය. 06 July 2021
ගාල්ලේ බස් සේවකයෝ පාරට බසිති ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ගාලු දිසාවේ මගී ප්‍රවාහන බස් රථවල හිමිකරුවන් සහ ඒවායේ සේවකයෝ අද (6) උද්ඝෝෂණයක් අම්බලන්ගොඩ බස් නැවතුම් පොළඉදිරි පිටදී පවැත්වූහ. 06 July 2021
අම්බලන්ගොඩ නගරසභාව උණුසුම් වෙයි මාසික සභා රැස්වීම නීත්‍යනුකූල නැතැයි කියමින් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ විරෝධතාව හේතුවෙන් අද (6) උදේ පැවති අම්බලන්ගොඩ නගර සභා මාසික රැස්වීම ආරම්භ කොට විනාඩි 10 කින් පමණ අවසන් කිරීමට සභාපති අරුණ ප්‍රදීප් මහතාට සිදුවිය. 06 July 2021
හිංසාකාරි ලෙස ගවයින් රැගෙන ගිය දෙදෙනක් පොලිස් දැලේ බලපත්‍රයක් නොමැතිව හිංසාකාරි ලෙස ගවයන් දෙදෙනෙකු ප්‍රවාහනය කළ සැකකරුවන් දෙදෙනෙකු කුඩා ලොරි රථයක් සමග අද (06) අත්අඩංගුවට ගත් බව මස්කෙලිය පොලීසිය කියයි. 06 July 2021
කාබනික පොහොර දෙන්න හමුදාවත් පෙරමුණට යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය පලාලි යුද හමුදා ගොවිපොළ කේන්ද්‍ර කරගනිමින් කාබනික පොහොර නිෂ්පාදනය ව්‍යාපෘතියක් ආරම්භ කර ඇති බව හමුදාව පවසයි. 06 July 2021
නාඳුනන මළ සිරුරක් අ‘පුර වැව් බැම්මක අනුරාධපුර ශාන්ත ජෝෂොප් දෙව් මැදුර ඉදිරිපිට වැව් බැම්මේ තිබී සැකකටයුතු ලෙස මියගිය පුද්ගලයෙකුගේ සිරුරක් හමුවූ බව අනුරාධපුර පොලිසිය පවසයි. 06 July 2021
බැසිල්ට තැන දෙන්න කැටගොඩ අස්වෙයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ එහි ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවට පැමිණීමට අවස්ථාව සැලසීම සඳහා පත්කළ මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා එම මන්ත්‍රී ධූරයෙන් ඊයේ (6) ඉල්ලා අස්විය. 06 July 2021
වෙනිවැල්ගැට හොරෙන් ගෙන ගිය අයෙක් අත්අඩංගුවට වෙනිවැල්ගැට ක්‍රිලෝ ග්‍රෑම් තුන්සිය පනහක් ත්‍රී රෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවකු අද (06) අලුයම කලවාන අඩවි වන කාර්යලය මගින් අත්අඩංගුවට ගෙන තිබේ . 06 July 2021
පාසල් ගුරුවරුන්ට එන්නත් ලබාදීම හෙට සිට දිවයින පුරා පාසල්වල ගුරුවරුන් හා අනධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයන්ට කොරෝනා එන්නත් ලබාදීම හෙට සිට අරඹන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි . 06 July 2021
දරුවන් - කාන්තාවන් බිලි ගන්නා වෙබ් අඩවි සොයා මෙහෙයුමක් කාන්තාවන් හා ළමයින් ලිංගික කටයුතු සඳහා අන්තර්ජාලය ඔස්සේ අලෙවිකරනු ලබන වෙබ් අඩවි නිර්මාණකරුවන් අත් අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් ආරම්භ කළ බව පොලිස් කාන්තා හා ළමා කාර්යංශය පවසයි. 06 July 2021
කලවානේ රාජ්‍ය බැංකුවක් තාවකාලිකව වහයි කලවාන ප්‍රදේශයේ රාජ්‍ය බැංකුවක කොරෝනා ආසදිතයකු වාර්තා වීම නිසා එම රාජ්‍ය බැංකුව තාවකාලිකව වසා දැමිමට සෞඛ්‍ය අංශවල උපදෙස් මත කටයුතු කල බව එම බැංකුවේ ඉහළ කළමණාකාරීත්වය ප්‍රකාශ කළේය . 06 July 2021
‘ඇස්ට්‍රාසෙනිකා‘ ගත්ත අයට ‘ෆයිසර්‘ එන්නත හෙට සිට අස්ට්‍රාසෙනිකා එන්නත පළමු මාත්‍රාව ලෙස ලබා ගත් අයට දෙවැනි මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබාදීම හෙට (7)සිට අරඹන බව ඖෂධ නිෂ්පාදන සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය. 06 July 2021
දෙව්දත් පරපුරේ මන්ත්‍රී පුතෙක් අත්අඩංගුවට පියාට අමානුෂික අයුරින් පහර දුන් පුත්තලම නගර සභාවේ නාගරික මන්ත්‍රිවරයකු අත්අඩංගුවට ගත් බව පුත්තලම මුලස්ථාන පොලිසිය කියයි. 06 July 2021
අල්ලස් ඉල්ලූ එස්.අයි ගේ සේවය අත්හිටුවයි එප්පාවල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුගෙන් පැමිණිල්ලක් ඉවත් කිරිම සදහා රුපියල් 5,000 ක අල්ලසක් ඉල්ලු බව කියන එප්පාවල පොලිසියේ උප පොලිස් පරික්ෂකවරයෙකුගේ සේවය අද (06) දින අත්හිටුවා තිබේ. 06 July 2021
නව කෙටුම්පත් හතරක් මේ සතියේ පාර්ලිමේන්තුවට මේ සතියේදී ඉතා වැදගත් පනත් කෙටුම්පත් හතරක් පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනීමට නියමිත බව සභානායක විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. 06 July 2021
පාප්තුමන් දින 7 ක් රෝහලේ උදරයේ සැත්කමකට ලක් කළ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ තත්ත්වය යහපත් බවත් එතුමන්ට දින 7 ක් වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහලේ රැදී සිටීමට සිදුවනු ඇති බවත් වතිකානය අද (6) පැවැසීය. 06 July 2021
රත්රන් තොග සඟවා හිඟයක් මවා පායි රත්රන් මිල ඉහළ යාමට හේතුව රන් ආභරණ නිෂ්පාදකයන් රන්තොග සඟවා ගැනීම යැයි වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි. 06 July 2021
දුම්රිය ගමන් වාර වැඩි කරයි තවත් දුම්රිය කිහිපයක් අද (6) සිට ධාවනය කරවීමට පියවර ගෙන ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. 06 July 2021
මාස 18කට ළමා අපයෝජන දොළොස් දහසක් ළමා අපයෝජන සම්බන්ධයෙන්වු පැමිණිලි දොළොස් දහස් එකසිය හැට පහක්(12,165) පසුගිය වසර එක හමාරේදී ලැබී ඇතැයි ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා පවසයි. 06 July 2021
පළාත් කීපයකට අදත් වැසි බස්නාහිර, සබරගමුව, වයඹ, මධ්‍යම සහ දකුණු පළාත්වල අද (6) දිනයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 06 July 2021
නිරෝධායන නීති යටතේ 343 අල්ලයි නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ගතවු පැය 24 තුළ පුද්ගලයන් 343දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. 06 July 2021
15 දැරිය මුදලට ගත් විශේෂඥ වෛද්‍යවරයෙක් මාට්ටු 15 හැවිරිදි දැරියක් අන්තර්ජාලය ඔස්සේ ලබාගෙන ලිංගික අපයෝජනයට ලක් කිරීමේ සිද්ධියට අදාළව හෘද රෝග විශේෂඥ වෛද්‍ය වරයකු සහ තවත් පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. 06 July 2021
දිස්ත්‍රික් තුනක ගම් තුනක් වහයි කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් අද (06) උදෑසන 6.00 සිට ක්‍රියාත්මක වන පරිදි දිස්ත්‍රික්ක 3 කට අයත් තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. 06 July 2021
සුරුට්ටු ඇද්ද ජේලර්ට වැඩ වරදින ලකුණු අඟුණකොළපැලැස්ස බන්ධනාගාරය තුළට රුපියල් ලක්ෂ දෙකක පමණ වෙළෙඳපොළ වටිනාකමින් යුත් සුරුට්ටු තොගයක් රැගෙන ගියේ යැයි කියන බන්ධනාගාර ජේලර්වරයකු සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවැසීය. 05 July 2021
බ්‍රැන්ඩික්ස් කොරෝනා විමර්ශන අවසන් කරයි මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුර හේතුවෙන් මනුෂ්‍ය ජීවිතයට අනතුරක් සිදු වූ බවට සාක්ෂි මඟින් අනවරණය නොවන බවට සඳහන් නීතිපති උපදෙස් ප්‍රකාරව එම නඩුව අවසන් කිරීමට මිනුවන්ගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත් කේසර.ඩී.ඒ. සමරදිවාකර මහතා අද තීරණය කළේය. 05 July 2021
මාතර ප්‍රා.මන්ත්‍රීවරයෙක්ට කොරෝනා මාතර ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයකුට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමග එම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළුව මන්ත්‍රීවරුන් ස්වයං නීරෝධායනයට යොමු කිරීමට සෞඛ්‍ය අංශ අද (05) පියවර ගත්තේය. 05 July 2021
15 දැරිය අපයෝජනය කළ මාලදිවයින් රාජ්‍ය ඇමැතිත් රිමාන්ඩ් අන්තර්ජාලය ඔස්සේ දැන්වීම් පළ කර ලිංගික කටයුතුවල යෙදවූ බාලවයස්කාර රූමත් දැරියට ලිංගික අතවර කළැයි ළමා හා කාන්තා කාර්යාංශය විසින් අත්අඩංගුවට ගනු ලැබූ මාලදිවයිනේ හිටපු මුදල් රාජ්‍ය අමාත්‍යවරයකු ඇතුළු මෙරට සැකකරුවන් සිව් දෙනකු ලබන 16 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය අද නියෝග කළාය. 05 July 2021
ඇමැති - සෞඛ්‍ය සේවක සාකච්ඡා අසාර්ථකයි සෞඛ්‍ය ඇමැතිවරිය සමඟ පැවැත් වූ සකච්ඡා අසාර්ථක හෙයින් වැඩවර්ජනය අඛණ්ඩව සිදු කරන බව පරිපූරක හා අතුරු වෛද්‍ය සේවාවන්වලට අයත් වෘත්තීය සමිති නායකයෝ පවසති. 05 July 2021
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026