මනුස්සයකුට වගේ දත් තියෙන මාළුවෙක් මනුෂ්‍යයන්ට සමාන ආකාරයට දත් ඇති අසාමාන්‍ය මාළුවකු ඇමෙරිකාවේ උතුරු කැලිෆෝනියාවේ ධීවරයකු විසින් අල්ලා ගනු ලැබ ඇති අතර, මෙම පුදුම විදියේ මාළුවා මේ වනවිට පුවත් මැවීමට සමත් වී අවසන්ය. 07 August 2021
ගම්පහින් පැය 24 කදී ආසාදිතයින් 1762ක් ගම්පහ දිස්ත්‍රික්කයෙහි කොරෝනා ආසාදිතයින් දෛනිකව හමුවීමේ වැඩිවීමක් පෙන්නුම් කෙරෙන අතර අද (7) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල ආසාදිතයින් 1762 දෙනෙකු හමුව ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලයීය වෙබ් අඩවිය සදහන් කරයි. 07 August 2021
ගල්ගමුවේ නිවෙසකින් මළ සිරුරු තුනක් සොයාගනී ගල්ගමුව මහනාන්නේරිය ප්‍රදේශයේ නිවසක තිබී පුද්ගල මළ සිරුරු තුනක් අද සොයා ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. 07 August 2021
දරුවන් සම්බන්ධ අසභ්‍ය දර්ශන දැමූ තරුණයෙක් මාට්ටු ළමයින් සම්බන්ධව අසභ්‍ය හා අශිල දර්ශන 500 ක් විවිධ මාධ්‍ය ඔස්සේ ලබාගෙන අන්තර්ජාලයට මුදා හැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් 25 හැවිරිදි තරුණයෙක් ළමා හා කාන්තා කාර්යාංශය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 07 August 2021
ඩෙල්ටා රෝගීන් රටපුරා දහස් ගණනින් ? ඩෙල්ටා සැර කොරෝනා වයිරසය ආසාදනයවූ රෝගීන් රට පුරා දහස් ගණනින් සිටිය හැකි යැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි. 07 August 2021
මුං ගොවියාට හොඳ කලක් ලංකා ඉතිහාසයේ පළමු වතාවට දේශීය මුං ඇට කිලෝවක් සඳහා රුපියල් 760 ත් 780 ත් අතර ඉහල මිළකට ලබාගැනීමට මේ දිනවල හැකි වී ඇති බව දේශිය මුං ගොවීහු පවසති. 07 August 2021
වසරකදී කෝටි තුනක ගිනුම් පවත්වාගෙන ගිය කතක් අල්ලයි වසරක් තුළ රුපියල් කෝටි තුනකට ආසන්න මුදලක් ගිනුම් තුනක පවත්වාගෙන ගිය කාන්තාවක් කැළණිමුල්ල ප්‍රදේශයේ දී නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 07 August 2021
තැනින් තැන ටික ටික වැසි බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (7) දිනයේදී විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 07 August 2021
නිරෝධායනය කැඩී 94ක් අල්ලයි නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ගතවූ පැය 24 තුළ පුද්ගලයන් 94 ක් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 07 August 2021
ඇස්ට්‍රාසෙනිකා දෙක පොලිස් ක්ෂේත්‍ර මූලස්ථානයෙන් අද ඇස්ට්‍රා සොනිකා 2 වන එන්නත් මාත්‍රාව ලබා නොගත් යම් අයකු වේ නම් අද 7 දින කොළඹ පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථාන භූමිය වෙත පැමිණ ලබාගත හැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය 07 August 2021
කොවිඩ් මරණ 98ක් වාර්තා වෙයි කොවිඩ් ආසාදිතවූ තවත් 98 දෙනකු ඊයේ (5) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (6) තහවුරු කළේය. 06 August 2021
කොවිඩ් ආසාදිතයන් තව 1,910ක් කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 1,910 දෙනකු අද (6) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 06 August 2021
පානදුර රෝහල් මෘත ශරීරාගාරයේ මෘත ශරීර ගොඩ ගැසේ පානදුර මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ කොරෝනා මළ සිරුරු 22 ක් ඇතුලු මළසිරුරු 45 ක් ගොඩගැසී තිබීමෙන් දැඩි දුර්ගන්ධයක් සමග සෞඛ්‍ය තර්ජනයක් පවතින බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි . 06 August 2021
ගම්පහ ගමක 84කට කොරෝනා ගම්පහ මහ නගර සභා බල ප්‍රදේශයට අයත් කෙසෙල්වතුගොඩ ග්‍රාමයෙහි පුද්ගලයන් 84 දෙනකුට කොවිඩ් වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇතැයි ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සදහන් කරයි. 06 August 2021
අපුරෙත් ගුරු විරෝධතා ගුරු විදුහල්පති වැටුප් විෂමතාවය වහා ඉවත් කරන ලෙසත් හා කොතලාවල පනත හකුළා ගන්නා ලෙසත් ආණ්ඩුවට බල කරමින් ගුරු සහ විදුහල්පතිවරුන් දෙදහසකට ආසන්න පිරිසක් අනුරාධපුර නගරයට පැමිණ අද දැවැන්ත උද්ඝෝෂණයක නිරත වූහ. 06 August 2021
කොතලාවල පනතට අදත් විරෝධතා කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත හකුලා ගන්නැයි බලකරමින් කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිට දී අද දහවල් විරෝධතාවක් පැවැත්විණි. 06 August 2021
ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයේ 10ක් නිරෝධායනයට ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයේ ආරච්චි හට කොරෝනා ආසාදනය වී ඇති බවට අද (6) පස්වරුවේදී තහවුරු වීමත් සමග එහි අතිරේක මහෙස්ත්‍රාත්වරයා ඇතුළු දස දෙනකු ස්වයං නිරෝධායනයට යොමුකර අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය තාවකාලිකව වසා දමා ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. 06 August 2021
‘‘මරණවල වගකීම ආණ්ඩුව බාරගත යුතුයි‘‘ දිනපතා සිදුවන කොරෝනා මරණවල වගකීම ආණ්ඩුව භාර ගතයුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. 06 August 2021
තවත් ඖෂධ දෙකක් මෙරටදී නිපදවයි සුලභව භාවිතා කරන ඖෂධ වර්ග දෙකක් වන තයිරොක්සින් සහ ට්‍රැමඩොල් ප්‍රථම වතාවට ශ්‍රී ලංකාවේ නිපදවා එළිදැක්වීම මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද(06) දින රත්මලාන රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේදී සිදු විය. 06 August 2021
අන්තරේ සිසුන් දෙදෙනා රිමාන්ඩ් අයුතු ජනරාශිගතව පෙළපාළියක් පවත්වා රාජ්‍ය දේපළවලට අලාභහානි කිරීම, රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරියකුට බරපතළ තුවල සිදු කිරීම, සංචරණ සීමා කඩ කරමින් සෙනඟ ප්‍රවාහනය ඇතුළු චෝදනා සම්බන්ධයෙන් කඩුවෙළ අධිකරණයට ඉදිරිපත් කළ පස්දෙනාගෙන් දෙදෙනකු රිමාන්ඩ් බාරයේ තබන ලෙසත් තිදෙනකු ලක්ෂය බැගින් ශරීර ඇප මත මුදා හරින ලෙසත් කඩුවෙල මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු මංජුල රත්නායක මහතා නියෝග කළේය. 06 August 2021
එන්නත නොගත් අයට තවත් පහසුකම් වයස අවුරුදු 30ට වැඩි ඕනෑම අයකුට දෙවන එන්නත් මාත්‍රාව ලබාදෙන ඕනෑම මධ්‍යස්ථානයකින් පළමු එන්නත් මාත්‍රාව ලබාගැනීමට පහසුකම් සලසා ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. 06 August 2021
කොතලාවල විශ්වවිද්‍යාලයට මම විරුද්ධ නෑ කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට තමා විරුද්ධ නැතැයි සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේ දී අද (6) පැවසීය. 06 August 2021
මුහුදු කූඩැල්ලන් සමග ඇල්ලු හත් දෙනා නිරෝධායනයට බලපත්‍ර නොමැතිව මුහුදු කූඩැල්ලන් සහා මුහුදු බූරුවන් තොගයක් සමග නාවික හමුදා අත් අඩංගුවට පත් පුද්ගලයන් 07 දෙනකු දින 14 නිරෝධායනය අම්මාතොට්ටන් පිහිටි මධ්‍යස්ථානයට යොමු කරන ලෙසත් අත් අඩංගුවට ගත් මුහුදු කූඩැල්ලන් හා මුහුදු බූරුවන් පිළිබදව විශේෂ විමර්ශනයක් සිදු කර ලබන 24 වන දිනට පුත්තලම අධිකරණයට සැකකරුවන් සමග වාර්ථාවක් ඉදිරිපත් කරන ලෙසත් පුත්තලම අතිරේක දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් ඒ.එස්.අසේල ද සිල්වා මහතා පුත්තලම සහකාර ධීවර අධ්යක්ෂ වරයාට නියෝග කළේය. 06 August 2021
එන්නත් කාඩ් එක නැත්නම් ඌවේ කාර්යාල රැසක දොර වැසේ කොරොනා රෝගය වැළැක්වීම සඳහා ලබා දෙන ප්‍රතිශක්ති එන්නත් ලබා නෙගන්නා පිරිස්වලට ඉදිරියේදි ඌව පළාතේ රාජ්‍ය ආයතනවලට හෝ මුස්ලිම් පල්ලිවට ඇතුලූ විමට අවසර නොදෙන බව ඌව ආණ්ඩුකාර ඒ.ජේ.එම්.මුසාමිල් මහතා පසයි. 06 August 2021
කොච්චිකඩේ පාස්කු බෝම්බකරුගේ පියා නිදහස් පාස්කු ඉරුදින ප්‍රහාර මාලාවේ දී කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ බෝම්බ පුපුරවාගෙන මියගිය අලව්දීන් අහමඩ් මුවාත් නමැති මරාගෙන මැරනු බෝම්බකරුගේ පියා සියලු චෝදනා වලින් නිදහස් කිරීමට කොලඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා අද (06) නියෝග කළේය. 06 August 2021
දූත මණ්ඩලවලට වැය කළ කෝටි 91ක් වතුරේ විදේශ දූත මණ්ඩල පත්වාගෙන යෑම සඳහා රුපියල් කෝටිය 91 කට වැඩි මුදලක් පසුගිය සමයේදී වැය කර ඇතත් ඉන් නිසි පතිඵල ලැබී නැතැයි කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේ දී අද (6) පැවසීය. 06 August 2021
මධ්‍යම අධිවේගයේ දූෂණ හොයන්න කමිටුවක් මධ්‍යම අධිවේගී මාර්ගයේ පසුගිය යහපාලන රජය සමයේදී සිදුවී ඇති දූෂණ වංචා සෙවීමට කමිටුවක් පත් කරන බව මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී අද (6) පැවසීය. 06 August 2021
විදුලි බල මණ්ඩලයේ කොන්ත්‍රාත් සේවකයකු විදුලි සැර වැදි මරුට පොලොන්නරුව,බැඳිවැව ප්‍රදේශයේදී විදුලි රැහැන් සහිත මාර්ගයක මංවර හෙළි පෙහෙලි කිරීමේ යෙදී සිටි පුද්ගලයකු විදුලිය සැර වැදී මරුමුවට පත්වී ඇතැයි පොලොන්නරුව පොලීසිය කියයි. 06 August 2021
ජනපති අමරපුර මහා නිකායේ අභිනව උත්තරීතර මහ නා හිමි බැහැ දකී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රාජගිරිය, කලපළුවාව, තපෝවන භාවන මධ්‍යස්ථානය වෙත ඊයේ (5) පැමිණ අග්ගමහා පණ්ඩිත දොඩම්පහල චන්දසිරි ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ අභිනව උත්තරීතර මහා නායක හිමියන් බැහැ දැක උන්වහන්සේට සිය සුභාශිංසන පුද කළේය. 06 August 2021
විවාහ උත්සවවලට නැවත සීමා කෝවිඩ් 19 වසංගතයේ වත්මන් ව්‍යාප්තිය සැලකිල්ලට ගෙන විවාහ මංගල සහ වෙනත් එවැනි අවස්ථාවන්ට සහභාගී වන ජන සංඛ්‍යාව සීමා කිරීමට තීරණය කර ඇති බව කෝවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ජෙනරාල් ශ්වේන්ද්‍ර සිල්වා මහතා පවසයි. 06 August 2021
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026