
(එච්. චන්දන )
බලපත්‍ර නොමැතිව මුහුදු කූඩැල්ලන් සහා මුහුදු බූරුවන් තොගයක් සමග නාවික හමුදා අත් අඩංගුවට පත් පුද්ගලයන් 07 දෙනකු දින 14 නිරෝධායනය අම්මාතොට්ටන් පිහිටි මධ්‍යස්ථානයට යොමු කරන ලෙසත් අත් අඩංගුවට ගත් මුහුදු කූඩැල්ලන් හා මුහුදු බූරුවන් පිළිබදව විශේෂ විමර්ශනයක් සිදු කර ලබන 24 වන දිනට පුත්තලම අධිකරණයට සැකකරුවන් සමග වාර්ථාවක් ඉදිරිපත් කරන ලෙසත් පුත්තලම අතිරේක දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් ඒ.එස්.අසේල ද සිල්වා මහතා පුත්තලම සහකාර ධීවර අධ්‍යක්ෂ වරයාට නියෝග කළේය.
කල්පිටිය නාවික හමුදා කදවුරේ බුද්ධි අංශ නිළධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව ඉකුත් 05 දින අලුයම උච්චිමුනේ දූපත් ආසන්නයේ දී කල්පිටිය නාවික හමුදා කදවුරේ නිළධාරීන් විසින් සිදු කල වැටලීමකදී ධීවර බෝට්ටු දෙකකින් රැගෙන එමිනි තිබූ විවිධ ලෙස ඇසුරුම් කර තිබූ මුහුදු කූඩැල්ලන් කිලෝ 805 ක්ද , මුහුදු බූරුවන් කිලෝ 90 හා බෝට්ටු දෙකක් , ඇන්ජින් 02 , ජි.පි.එස් යන්ත්‍රයක් හා පුද්ගලයන් 07 දෙනකු අත් අඩංගුවට ගෙන වැඩිදුර පරීක්ෂණ කටයතු සදහා පුත්තලම ධීවර කාර්යාලයට භාර දී තිබුණි.
පුත්තලම ධීවර කාර්යාලයේ සහකාර ධීවර අධ්‍යක්ෂක සුනන්ද ප්‍රභාත් වික්‍රමාආරච් මහතාගේ උපදෙස් පිරිදි කල්පිටිය ප්‍රදේශය භාර සංවර්ධන නිළධාරී වයි. උපුල් සංජීව මහතා විසින් සැකකරුවන් හා නඩු භාණ්ඩ පුත්තලම අධිකරණය ඉදිරිපත් කල අවස්ථාවේ පුත්තලම අතිරේක දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් මෙම නියෝග කලේ .
මෙම සැකකරුවන් මුහුදු බූරුවන් ක්‍රිලෝ එකක් රු 8500/= මුහුදු කූඩැල්ලන් ක්‍රිලෝ එකක් රුපියල් 2000/= අලෙවි කිරීමට සිටි බවත් මෙම තොගය කිසිදු බලපත්‍රයක් නොමැති බවත් මේ පිළිබදව පරීක්ෂණ සිදු කරණ ධීවර නිළධාරින් පවසයි.
දකුණු ඉන්දියාවෙන් බොට්ටු මගින් රැගෙනවිත් මෙම තොගය ශ්‍රී ලාංකික ධීවරයින් හට මහ මහුද මැද දී භාර දී ඇති බවත් නාවික හමුදාව සිදු කල මූලික විමර්ශණ වලදී තහවුරු වී තිබේ.



2025 නොවැම්බර් මස 04
581
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2273
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1706
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මුහුදු කූඩැල්ලන් සමග ඇල්ලු හත් දෙනා නිරෝධායනයට