මෝටාර් උණ්ඩයක කොටසක් පිපිරී සිසුවා රෝහලේ කොස්ගම සාලාව ප්‍රදේශයේ නිවසක මිදුලේ තිබු මෝටාර් උණ්ඩයක කොටසක් පුපුරායෑමෙන් 15 හැවිරිදි පාසල් සිසුවෙක් බරපතළ තුවාල ලබා කොළඹ ජතික රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය පවසයි. 28 January 2022
රට වහල බෑ: පරිස්සම් වෙමු කොවිඩ් පැතිරීම වැඩිවීම නිසා රට වසා දමන්නැයි විවිධ අංශවලින් හා පුද්ගලයන්ගෙන් රජයට සහ සෞඛ්‍ය අමාත්‍යාංශයට ඉල්ලීම් ගණනාවක් ඉදිරිපත්වී ඇත. 28 January 2022
සජිත්ගේ අභියෝගය මා සමග වැඩ කිරීමට හැකියාවක් ඇත්නම් එය කර පෙන්වන්නැයි ජනාධිපතිකමට ඇඳුම් මසා සිටින කාඩ්බෝඩ් වීරයන්ට අභියෝග කරනවා යැයි ජාතික සමගි ජන බලවේගයේ නායක වීපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා දඹුල්ලේ දී පැවසීය. සමගි ජන බලවේගයේ දඹුල්ල ආසන සංවිධායක යු.අර්. දයා නන්දසිරි මහතා දඹුල්ලේ ජනහමුවක් අමතමින් වීපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙම අභියෝගය කළේෙය. දඹුල්ල නිස්සංක පිටියේ දී මෙය සංවිධානය කර තිබුණි. 28 January 2022
ගුවන් හමුදා රෝහලට මුල්ගල් තබයි ගුවන් හමුදාව වෙනුවෙන් ඉදිරිකිරීමට නියමිත ගුවන් හමුදා මුලික රෝහල වෙනුවෙන් නාරාහේන්පිට කිරිමණ්ඩල මාවතේ යෝජිත භූමි ප්‍රදේශයේ දී මුල්ගල තැබීය. 28 January 2022
යුද හමුදාවේ කාබනික වී වගාව සරු වී මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයට අයත් 59 වැනි සොනංකය සහ කන්දකාඩු යුද හමුදා ගොවිපොළේ කාබනික පොහොර යොදා වගා කළ කුඹුරුවල අස්වැන්න නෙළීම මේ දිනවල සිදු කරයි. 28 January 2022
අත් බෝම්බයක් සමග තරුණයෙක් අල්ලයි ජීව අත්බෝබයක් සමග සැකකරුවෙක් දික්වැල්ල අළුත්ගොඩ ප්‍රදේශයේ දී විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගනු ලැබීය. 28 January 2022
‘අර්බුදවලින් ගොඩ ඒමේ කිසිදු හැකියාවක් නෑ‘ රට තුළ සමගියක්, ජාතික ප්‍රතිපත්තිමය එකඟත්වයක් නොමැතිව පවතින අර්බුදවලින් කිසිම ආකාරයකින් ගොඩ ඒමට හැකියාවක් නොමැති බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති හිටපු කථානායක කරු ජයසූරිය මහතා කොළඹදී පැවසීය. 28 January 2022
පෑවිල්ලෙන් උස් බිම්වලට ජල ගැටලු මේ දිනවල පවතින අධික පෑවිල්ල හේතුවෙන් උස්බිම් සහිත ප්‍රදේශවලට ජල සැපයුමේ පීඩනය අඩු වීමට හෝ ජලය නොලැබී යාමට ඉඩ පවතින බව ජාතික ජල ජලසම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී නිෂ්පාදන අජිත් පෙරේරා මහතා ලංකාදීපයට පැවැසීය. 28 January 2022
ආයෙත් ආප්ප කනවද? හිටපු පාර්ලිමේනතු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතාගේ පුත් උදාන්ත සුමතිපාල මහතාගේ විවාහ මංගල උත්සවය කොළඹ හිල්ටන් හෝටලයේ දී නොබෝදා පැවැත්විණි. 28 January 2022
මූදට වැටුණු යානය අත්පත් කරගන්න තරගයක් චීනයට පෙර, දකුණු චීන මුහුදට වැටුණු, ඇමෙරිකන් ප්‍රහාරක යානය සොයා කඩිනමින් මෙහෙයුම් ආරම්භ කළ බව ඇමෙරිකාව කියයි. 28 January 2022
’’විදුලිය අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්න’’ විදුලිය වැඩිම ඉල්ලමක් ඇති පස්වරු 6.30 සිට රාත්‍රී 8.00 ට දක්වා වන කාලය තුළ අද (28) විදුලිය අරපිරිමැස්මෙන් පාවිච්චි කරන ලෙස විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි. 28 January 2022
දුම්රිය අවලංගු කිරීම තව දුරටත් ප්‍රධාන දුම්රිය මාර්ගයේ අද (28) පෙරවරුවේ ධාවනය වීමට නියමිතව තිබූ දුම්රිය කීපයක් අවලංගු කිරීමෙන් ජනතාව අපහසුතාවට පත්වූ බව දුම්රිය සේවකයෝ පවසති. 28 January 2022
වසරකට පරිසරයට ප්ලාස්ටික් හැඳි කෝටි 60ක් භාවිතා කර ඉවතලන ප්ලාස්ටික් හැඳි කෝටි 60ක් පමණ වාර්ෂිකව මෙරට පරිසරයට එක්වන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 28 January 2022
පූගොඩ පොලිස් ස්ථානාධිපතිට පොලු පහරක් වරෙන්තු කරුවකු අත්අඩංගුවට ගිය පූගොඩ පොලිස් ස්ථානාධිපතිවරයාට පහර දීම හේතුවෙන් ප්‍රතිකාර සඳහා ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුලත් කොට ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියයි. 28 January 2022
බසය ප්‍රපාතයේ නවයක් රෝහලේ හැටන් නගරයේ පිහිටි පෞද්ගලික ආයතනයකට සේවකයින් රැගෙන පැමිණි බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 75 පමණ ප්‍රපාතයෙන් පිහිටි ඇළ මාර්ගයකට පෙරලිමෙන් එක් අයකු ජිවිතක්ෂයට පත් වි නව දෙනකු තුවාල ලබා දික්ඔය මුලික රෝහලට ඇතුළත් කර ඇති බව හැටන් පොලිසිය පවසයි. 28 January 2022
හිටපු මැති ඇමැතිවරුන්ගෙන් ගුවන් හමුදාවට පොල්ලක් හිටපු මැති ඇමැතිවරුන් ඇතුළු ප්‍රභූවරුන්ගේ ගමන් බිමන් සඳහා කුලියට ගත් ගුවන් යානා වෙනුවෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අය විය යුතු රුපියල් එක්කෝටි විසි ලක්ෂයකට වැඩි මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය පවසයි. 28 January 2022
කාලගුණයේ යළි වෙනසක් පැවති වියළි කාලගුණ තත්වයේ තරමක වෙනසක් සමඟ අද (28) පළාත් කිහිපයකට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 28 January 2022
අලුත් ආසාදිතයෝ 942 ක් කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 942 දෙනකු අද (26) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. 27 January 2022
නීලාගේ දේහය කටුනායකට ඉතාලියේ ශ්‍රී ලංකා කොන්සල්ජනරාල් , ප්‍රවීන ගායිකා නීලා වික්‍රමසිංහ මහත්මියගේ දේහය අද 27 රාත්‍රී කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබේ . 27 January 2022
පූර්ණ එන්නත්කරුවකු වන්නේ මෙහෙමයි මාස හයක කාලයක් තුළ ‘කොවිඩ්’ මර්දන එක එන්නතක් ලබාගෙන ‘කොවිඩ්’ ආසාදනය වූ සංචාරකයින්, ද්විත්ව පුරවැසිභාවය හිමි පුද්ගලයන් ඇතුළු සියලු දෙනා පූර්ණ එන්නත්කරණයට ලක්වූවන් ලෙස සලකන බව සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කරයි. 27 January 2022
අලුත් කොරෝනා මරණ 23 ක් කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 23 දෙනකු ඊයේ (26) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (27) තහවුරු කළේය. 27 January 2022
ඕනෑකම තියෙනවා නම් කාබනික වගාව සර්ථක කරගන්න පුළුවන් මහන්සිය, කැපවීම ,ඕනෑකම සහ ධෛර්යය ඇති ගොවින්ට කාබනික වගාව සාර්ථක කර ගත හැකි බව මෙතෙක් කරන ලද නිරීක්ෂණවලදී අනාවරණය වූ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය. 27 January 2022
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සැලැස්ම ලබන මස ජනපතිට නව ආණ්ඩුක්‍රම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතට අදාළ මූලික සැලැස්ම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබන මාසයේදී බාරදෙන බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පැවැසීය. 27 January 2022
වසර 43 කට පසු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අලුත් වෙයි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වසර 43 කට පසුව සංශෝධනය කිරීමට පියවර ගෙන ඇතැයි විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා රාජ්‍ය තාන්ත්‍රික ප්‍රජාව දැනුවත් කරමින් පැවසීය. 27 January 2022
අතුරුදන් වූ නිල් මාල ගිරවා මාස 8 කට පසු ඇවිත් දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සිටියදී මීට මාස 8 ට පමණ පෙර අතුරුදන්ව සිටි නිල් මාල ගිරවා නැවත හමු වු බව සත්වෝද්‍යාන පවසයි. 27 January 2022
ඔයාමඩුවේ වී මෝල මඩුවේම දිරයි ඔයාමඩුව දැයට කිරුළ ජාතික ප්‍රදර්ශනයට සමගාමීව ව්ලච්චිය පේමඩුව සමූපාකාර සමිති භූමියේ සවි කළ රුපියල් ලක්ෂ 50ක් පමණ විටිනා වීමෝල වසර 10ක් ගත වුව ද කිසිදු ප්‍රයෝජනයට නොගෙන දිරා පත් වීමට ඉඩ හැර ඇතැයි ප්‍රදේශවාසීහු චෝදනා කරති. 27 January 2022
රටපුරා රෝහල්වල රැපිඩ් ඇන්ටිජන් හිඟයක් රටපුරා රෝහල් ගණනාවකම රැපිඩ් ඇන්ටිජන් කට්ටලවල දැඩි හිඟයක් පවතින බව වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා පැවැසීය. 27 January 2022
ජනවාරි 31 තෙක් ලයිට් කපන්නෑ ලබන ජනවාරි 31 වැනිදා (සඳුදා) දක්වා විදුලිය කප්පාදු නොකරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමේ සසාපති ජනක රත්නායක මහතා පවසයි. 27 January 2022
කොරෝනා සමග ඩෙංගුත් අත්වැල් බැඳගෙන ඩෙංගු රෝගය ද වසංගත තත්වයක් බවට පත්වීමේ අවදානමක් මතුව ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් (මහජන සෞඛ්‍ය සේවා) විශේෂඥ වෛද්‍ය මහේන්ද්‍ර අර්නෝල්ඩ් මහතා පැවසීය. 27 January 2022
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026