නව ආණ්ඩුක්‍රම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතට අදාළ මූලික සැලැස්ම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබන මාසයේදී බාරදෙන බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පැවැසීය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත සකස් කිරීමට පත් කෙරුණු ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවේ එම කටයුතු තව දින කිහිපයකින් අවසන් කරනු ඇතැයිද අධිකරණ අමාත්‍යවරයා සඳහන් කළේය.
ඉන් අනතුරුව ජනාධිපතිවරයා එම සැලැස්ම අධ්‍යයනය කිරීමෙන් පසු සාකච්ඡා කර කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ඇතැයිද ඔහු කීවේය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කිරීමට මෙයට පෙර බොහෝ අය උත්සාහ ගත්තද එය අසාර්ථකවූ බව පැවසූ අධිකරණ අමාත්‍යවරයා ඒ කටයුත්ත සඳහා මැදිහත්වූ පිරිස අතර ජී එල් පීරිස්, චොක්සි, හිටපු අගමැති ඇතුළු පිරිසක්ද සිටි බව සඳහන් කළේය.
බොහෝ කරුණුවලට පොදු එකඟතාවක් පවතින හෙයින් පාර්ලිමේන්තුවේදී මෙයට අදාලව විවාද කළ යුත්තේ සියයට දහයක් පමණක් බව ඔහු වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආයේ ඉතින් මොනවද? ඒකත් ඉවර කරලාම දාවි..!
ඕක ආපුවාම අර තියෙන ආර්ථික ප්‍රශ්න ඔක්කොම විසඳෙනවද?
ඔබතුමා තවත් මේ ආණ්ඩුවේ ඉන්නවද?
පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ප්‍රමාණවත් සංශෝධන ඇති නමුත් අලුත් එකක් කරන්න. අවුරුදු 30ක් ඇතුළත අපි 3ක් හැදුවා. රට දැන් නම් බංකොලොත් වෙලයි තියෙන්නේ...!
අධ්‍යයනය කරන්න ඒ ගැන අවබෝධයක්, දැනුමක් තියෙන කෙනෙක්ට දෙන්න ඕනේ.. මොලේ කළඳක් නැති ශෙඩ් එකක තෙල් ගහපු අයට දීලා තේරුමක් තියේද?
ඕකේ අර කලින් පොරොන්දු වුණු මද්රසා වාහන කතාව, හිජාබ් තහනම් කරන කතාව එහෙම ඇතුළත් කළාද? නැත්නම් ඒකත් අපේ මිනිස්සුන්ට මතක නැතිවෙලා ඇති කියලා බලාපොරොත්තු තියාගෙන ඉන්නවාද?
පාලකයින්ට ඕනේ ඕනේ විදිහට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා හදන්න. ඔහෙලාට කවුරුත් ජන වරමක් දීලාත් නැහැ. එහෙම ඒවා මිනිස්සු පිළිගන්නෙත් නෑ කියලා ඔහේගේ බොස්ට කියනවා. ඒ වගේ ව්‍යවස්ථා තිබුනේ ඉඩිඅමීන්ට, ගඩාෆිට, සදාම් හුසේන් වගේ ඒකාධිපතියන්ට. නැති ප්‍රශ්ණ රටේ ඇති කරන්න එපා... එච්චරයි කියන්නේ...