(යොහාන් භාසුර)

ප්‍රධාන දුම්රිය මාර්ගයේ අද (28) පෙරවරුවේ ධාවනය වීමට නියමිතව තිබූ දුම්රිය කීපයක් අවලංගු කිරීමෙන් ජනතාව අපහසුතාවට පත්වූ බව දුම්රිය සේවකයෝ පවසති.

මෙම තත්වය හේතුවෙන් ගම්පහ ආදි ප්‍රදේශවල කාර්යාලවල සේවයට යන ජනතාවට ‘කොවිඩ්’ තත්වය හමුවේ ද දුම්රියවල දැඩි තදබදයකින් ගමන් කිරීමට සිදුවූ බව දුම්රිය සේවකයෝ කියති.

නියාමකයන් නොමැති යැයි පවසමින් දුම්රිය බලධාරීන් දුම්රිය අවලංගු කළ ද ඇතැම් දුම්රිය සඳහා නියාමකයන් 16 දෙනෙක් යොදවන අවස්ථාව ද ඇති බව කී දුම්රිය සේවකයෙක් තවත් නියාමකයන් පිරිසක් වෙනත් රාජකාරි සඳහා අනියුක්ත කර ඇති බව ද සඳහන් කළේය.

මෙම තත්වය පිළිබඳව දැනගැනීමට දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා දුරකථනයෙන් සම්බන්ධ කරගැනීමට උත්සාහ කළ ද ඒ මහතා ප්‍රතිචාර නොදැක්වීය.