(ඉන්දිකා රාමනායක)
කොස්ගම සාලාව ප්‍රදේශයේ නිවසක මිදුලේ තිබු මෝටාර් උණ්ඩයක කොටසක් පුපුරායෑමෙන් 15 හැවිරිදි පාසල් සිසුවෙක් බරපතළ තුවාල ලබා කොළඹ ජතික රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය පවසයි.
2016 වසරේ සාලාව අවි ගබඩාව පිපිරීමෙන් තැන තැන විසිර තිබු මෝටර් උණ්ඩයක කොටසක් මෙලෙස පුපුරන්නට ඇතැයි පොලීසිය සැක කරයි .
ඊයේ (27) පස්වරුවේ මෙම උණ්ඩ තලමින් සිටියදී එය පුපුරා ගොස් ඇති බවද පොලිසිය කියයි.
සිද්ධියෙන් සිදුවාගේ දෙකකුල්, බඩ ප්‍රදේශයට බරපතල තුවාල සිදුව ඇති අතර ඔහු කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
2016 වසරේ සිට මේක මේ දරුවගේ ගෙදර මිදුලේ තිබුණා නම් ඔහුගේ දෙමව්පියන් මෙය නොදැක්කේ ඇයි...? ආරක්ෂක අංශවල අය මෙය නොදැක්කේ ඇයි...? අවසානයේ අහිංසක දරුවෙකුට වන්දි ගෙවන්න වුණා...