(නිමල කොඩිතුවක්කු)
රට තුළ සමගියක්, ජාතික ප්‍රතිපත්තිමය එකඟත්වයක් නොමැතිව පවතින අර්බුදවලින් කිසිම ආකාරයකින් ගොඩ ඒමට හැකියාවක් නොමැති බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති හිටපු කථානායක කරු ජයසූරිය මහතා කොළඹදී පැවසීය.
රටේ ප්‍රශ්ණ විසඳීමට ජාතික හා ආගමික සමගිය මෙන්ම ජාතික එකගතාවය ඉතාමත්ම අවශ්‍ය බව පාලකයන් තේරුම් ගත යුතුව ඇතැයිද ජයසූරිය මහතා සඳහන් කළේය.
සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයත්, ජාතික ආගමික සංහිඳියාව සඳහා වූ ජාතික එකමුතුවත්, එක්ව සංවිධානය කරන ලද “යහපත් රටක් උදෙසා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්” කුරුණෑගල දිස්ත්‍රික් සමුළුවේ දී අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.
“රටේ ප්‍රශ්ණ විසඳීමටත් ජාතික හා ආගමික සමගිය මෙන්ම ජාතික එකගතාවය ඉතාමත්ම අවශ්‍යයි. මෙහිදී පක්ෂ පාට භේද තිබෙන්නට බැහැ. අප සියලු සියලු දෙනා එක්වී මෙය පාලනය කළ යුතුයි.
විදේශ මුදල් හිඟය, ඩීසල් හිඟය, ආහාර ද්‍රව්‍ය හිඟය, ගෑස් හිඟය, කිරිපිටි හිඟය වහා විසඳිය යුතු දැවෙන ප්‍රශ්න විදියට අපි දකිනවා. අවාසනාවකට විදුලි කප්පාදුවක් ඇතිවුණොත්, එය එදිනෙදා ජන ජීවිතයට තදින්ම බලපානවා. එමෙන්ම සෞඛ්‍ය සේවයට, ජල සැපයුමට, නිෂ්පාදනයට, ජාතික ආරක්ෂාවට මෙයින් දැඩි ගැටලු ඇතිවේවි.
මෙම භයානක තත්ත්වය විසඳීම සඳහා රජයේ පාර්ශ්වයෙන් ස්ථීර යෝජනා අප දැක නැහැ. ආණ්ඩු පාර්ෂවය හා විපක්ෂ පාර්ෂවය අතර සාකච්ඡා ඇතිවී නැහැ. ඇමතිවරුන් අතර වාද විවාද ඇති වෙනවා වෙනුවට රජය සහ මුදල් අමාත්‍යවරයා මෙහිදී මූලිකත්වය ගත යුතුයි. ගැටලුව ඇති වුණාට පසු විසඳීම ලේසි වන්නේ නැහැ යතාර්ථය එයයි.
රටකට ජාතිය එකමුතු කළ හැකි ව්‍යවස්ථාවක් අවශ්‍යයි. සෑම ජන කොටසකටම ආත්ම ගරුත්වයෙන් යුතුව ජීවත්විය හැකි පරිසරයක් නිර්මාණය විය යුතුයි. එම නිසා ජනාධිපතිතුමා රටට පොරොන්දු වූ ආකාරයට ජනතාව හා පාර්ලිමේන්තුව මගින් සකස් වන ව්‍යවස්ථාවක් එළිදැක්වීම තවත් කල් නොදමන ලෙස ඉල්ලා සිටිනවා. එතුමා පොරොන්දු වූ කාලය ඉක්මවා ගොස් තිබෙනවා.
එමෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය සුරකින රටක් වශයෙන් ලෝකයා ගේ ගෞරවය අප උපයාගත යුතුයි. ආයෝජකයන්ගේ විශ්වාසය දිනාගත යුතුයි. 20 වැනි සංශෝධනය නිසා ප්‍රජාතන්ත්‍රවාදයට විශාල හානියක් හා විනාශයක් සිදු වුණා. එය වහා නිවැරදි කළ යුතුයි” යැයිද ඔහු එහිදී පැවසීය.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
‘අර්බුදවලින් ගොඩ ඒමේ කිසිදු හැකියාවක් නෑ‘
duplicate Ralahami Friday, 28 January 2022 03:11 PM
ඔබතුමාත්, ප්‍රධාන විපක්ෂය එක්ක එකතු වෙන්නෙ. මේ වෙලාවේ කළයුත්තේ තවත් බලාගෙන ඉඳීම නෙවෙයි. අපිට පේනවා මේ අවුරුදු 2ට වැඩි කාලයක් මේ අය බලයේ ඉඳන් කරන විනාශය තව අවුරුදු 03ක් මෙහෙම ගියොත් මේ රටේ මහා විනාශයක් ඇතිවෙනවා.
Ramith Friday, 28 January 2022 03:14 PM
මෙයාගේ වැල් බයිලා ඇතිවෙලා..! එකම තැටිය ප්‍රතිවාදනය කරනවා...!
saman Friday, 28 January 2022 04:15 PM
විදෙස් රටක් අපරට ආක්‍රමණය කළහොත් විපක්ෂය ලෙස මොවුන් කුමක් කරයිද?
Bamunuarachchi Friday, 28 January 2022 05:41 PM
ජෙප්පන් ඉන්නකම් ආයෝජකයින්ගේ විශ්වාසය දිනා ගන්න බැහැ. ජෙප්පන් රට තුළ කරන උද්ඝෝෂණ දකින ආයෝජකයින් මේ රටේ පස් පාගන්නේ නැහැ. බංගලාදේශය ආදර්ශයට ගෙන රට හදන්න. මෝදි බංගලාදේශයට එනවාට විරුද්ධ වෙච්චි මුස්ලිම් මිනිස්සු 7 දෙනෙකුගේ බෙල්ල කැපුවා. එන්න සුමානෙකට කළින් ෆේස් බුක් බ්ලොක් කෙරුවා. අන්න එහෙමයි වැඩවෙන්න ඕනේ. ඒ කාලේ සාම්පූර් එපා කියලා පදිලියෝ කිව්ව නිසා ව්‍යාපෘතිය නවතා දැම්ම දැන් කියනවා සාම්පූර් ව්‍යාපෘතිය ඒ වෙලාවේ කළානම් විදුලි අර්බුදයක් නැහැ කියලා.