(සුජිත් හේවාජුලිගේ )
කොවිඩ් පැතිරීම වැඩිවීම නිසා රට වසා දමන්නැයි විවිධ අංශවලින් හා පුද්ගලයන්ගෙන් රජයට සහ සෞඛ්‍ය අමාත්‍යාංශයට ඉල්ලීම් ගණනාවක් ඉදිරිපත්වී ඇත.
එම ඉල්ලීම කර ඇති අංශ අතර ඇතැම් සෞඛ්‍ය වෘත්තීය සමිතිද වෙයි.
මේ සම්බන්ධයෙන් අප නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ රට වසා දමන්නැයි එවැනි ඉල්ලීම් ගණනාවක් ලැබී ඇතත් රට වසා දැමීමට මේ මොහොතේදී කිසිම තීරණයක් ගෙන නැති බවයි.
රට වසා දැමීම මේ ප්‍රශ්නයට විසඳුම නොවන බවත් රට විවෘත කර තියෙද්දීම කොවිඩ් පාලනය කිරීම රජයේ අරමුණ බවත් ඔහු සඳහන් කළේය.
කොවිඩ් පැතිරීම බෙහෙවින් වැඩිවී ඇතත් එම රෝගීන්ට සංකූලතා මතුවීම ඉතාම අඩු මට්ටමක පැවතීම සැනසිල්ලට කාරණයක් බව සඳහන් කළ විශේෂඥ වෛද්‍යවරයා කොවිඩ් රෝගීන්ගෙන් සියයට අසූවක් පමණ නිවෙස්වලම රඳවා ප්‍රතිකාර ලබාදීමට මෙනිසා හැකිවී ඇතැයිද සඳහන් කළේය.
කොවිඩ් පැතිරීම වේගවත් වී ඇති හෙයින් පරිස්සම් වන්නැයි සියලුම ජනතාවගෙන් තමා ඉල්ලීමක් කරන බවද ඔහු පැවසුවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වර්තමානයේ තරම් පුද්ගයින් සහ තනතුරු නාම මේ තරම් හෑල්ලු වුණු කාලයක් තිබුණද මන්දා. මේත් ඒ අවාසනාවන්ත තත්වයට මුහුන දුන් කෙනෙක්. ඔබතුමා කියන දේ හරි. රට වහලා වැඩක් නෑ. මොකද මේක වහනවා කියලා නිරෝධායන ඇඳිරි නීතී වගේම නීතී ගෙනැල්ලා රටටම විහිලුවක් වුණු හැටි මතකයි. එතැනින් වුණු ඒ ජනතා විශ්වාසයේ බිඳවැටීම බහුතරයක් දෙනා තුන්වන එන්නත ලබා නොගන්නා තත්වය වෙනකම්ම පත්වුණා. තාමත් ගහන්නේම ගජබින්න. ඔයාලාගේ තියරිය හරි. මැරෙන කෙනා මැරෙයි. ජීවත් වෙන කෙනා ජීවත්වෙයි. එතකම් ඔයාලා දුන්නු මේ සැණකෙලි සිරියේ අපි විනෝද වෙනවා...
සිම්බාබ්වේ සමග ගහපු ශ්‍රී ලංකා මැච් ටික බැලුවද? අවසර දුන්නු අයට නඩු දාන්න ඕනෑ. දැන් බයිලා කියනවා. වැඩිවෙලා කියලා..
ලෝකයේ කිසිම රටක් මේ ලෙඩේට නැවත වහන්නේ නැහැ. ස්විස් හැර යුරෝපයේ ආර්ථිකයත් විනාශ වෙමින් යන්නේ...
දැන් ලෝකෙම රටවල් වහන්නේ නෑ. රටවල් වහලා ආර්ථික වශයෙන් වැටුණාම ඒක තවත් ප්‍රශ්නයක්. එන්නත් කරගන්න එකත් ආරක්ෂාව සඳහා සියලු සෞඛ්‍ය උපදෙස් පිළිපදින එකත් හැම පුරවැසියෙකුගේම වගකීමක්...!