(අංජුල මහික වීරරත්න)

මහන්සිය, කැපවීම ,ඕනෑකම සහ ධෛර්යය ඇති ගොවින්ට කාබනික වගාව සාර්ථක කර ගත හැකි බව මෙතෙක් කරන ලද නිරීක්ෂණවලදී අනාවරණය වූ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.

කළුතර, බණ්ඩාරගම, මිල්ලනියේ ගොවි බිම් නිරීක්ෂණය කිරීමෙන් පසු කෘෂිකර්ම අමාත්‍යවරයා මෙි බව කීය.

මෙවර මහ කන්නය කාබනික පොහොර භාවිතා කර නිසි කලට වගා කළ අයට අස්වැන්න අඩු වී ඇත්තේ ඉතා සුළු වශයෙන් බව ගොවීන් මෙහිදී  කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සමඟ පැවසී යැයි කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි.

කළුතර බණඩාරගම ප්‍රදේශයේ කුඹුරු අක්කර 2,000 ක පමණ මහ කන්නයේ වී වගාව මෙහිදී අමාත්‍ය වරයාගේ නිරීක්ෂණයට ලක්වී ඇති අතර  යල කන්නයේ නිසි කලට පොහොර ලබා දී නිසි කළට කුඹුරු ඉඩම් වී වගාව සදහා සූදානම් කළ හොත් අස්වැන්න අඩු නැතිව ලබා ගත හැකි බව ගොවීන් අමාත්‍යවරයාට පැවසූ බව ද කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.

මෙහිදී කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ කාබනික වගාව සාර්ථක කර ගත් ගොවීන්ට රජය වෙනුවෙන් සිය කෘතඥතාව පළ කරන අතර වස විසෙන් තොර ආහාර නිෂ්පාදනය දිරිමත් කර සෞඛ්‍යය සම්පන්න ජනතාවක් බිහි කීරිම රජයේ අරමුණ බවයි.