(ඉන්දිකා රාමනායක)

ගුවන් හමුදාව  වෙනුවෙන්  ඉදිරිකිරීමට    නියමිත  ගුවන් හමුදා මුලික රෝහල   වෙනුවෙන්     නාරාහේන්පිට කිරිමණ්ඩල මාවතේ   යෝජිත  භූමි ප්‍රදේශයේ දී මුල්ගල තැබීය.

වසර 71 ක් පුරා  ගුවන්  හමුදාවට අඩුපාඩුවක් ව පැවති  මුලික රෝහල  වෙනුවෙන්  ගුවන් හමුදාපති  ඒයාර් මාෂල් සුදර්ශන පතිරණ  මහතා   ජානාධිපති  ගෝඨාභය  රාජපක්ෂ  මහතාගෙන් කළ ඉල්ලීමකට අනුව   ප්‍රතිචාර දක්වමින්  අනුමැතිය ලබා දී ඇති බව  ගුවන් හමුදාව පවසයි.

යෝජිත නව ගුවන් හමුදා රෝහල   මහල් 12 කි න් සමන්විත   වන අතර   රාජයේ හා ගුවන් හමුදාවේ ප්‍රතිපාදන අනුව  ,   ගුවන් හමුදා සිවිල්   ඉංජිනේරු   අධ්‍යක්ෂගේ පූර්ණ  අධීක්ෂණය යටතේ   ඉදිකරන බවත් ද ගුවන් හමුදාව පවසයි.

යෝජිත මහල් 12 න් සමන්විත රෝහලේ    පළමු අදියර යටතේ වසර  තුනක කාලයක තුළ   මහල් 05 ක්   ඉදිකිරීම සැලසුම් කර ඇත.

නව    රෝහල් සංකීර්ණය   තුළ  රෝගීන් 200  දෙනෙකු   හට නේවාසික ප්‍රතිකාර   ලබා ගැනීමට හැකියාව පවතින අතර, ගුවන් හමුදා සාමාජියන්ට මෙන්ම  විශ්‍රාම ගිය අයට සහ ඔවුන්ගේ පුවල් වලටත්, යුද්ධයේ දී  මියගිය   ගුවන් හමුදා සාමාජිකයන්ගේ පවුල් වලට සමාජිකයාවන්ට ද ප්‍රතිකාර ලබා ගැනීමට හැකියාව ඇති බව ගුවන් හමුදාව පවසයි.

යෝජිත නව ගුවන් හමුදා රෝහලට මුල්ගත තැබීම  ඊයේ  (27)     ආරක්ෂක ලේකම්  ජෙනරාල් (විශ්‍රාමික)  කමල් ගුණරත්න , ගුවන් හමුදාපති එයාර් මාෂල්  සුදර්ශන පතිරණ ,යන මහත්වරුන් අතින් සිදු වුහ.