
(ඩයනා උදයංගනී)
භාවිතා කර ඉවතලන ප්ලාස්ටික් හැඳි කෝටි 60ක් පමණ වාර්ෂිකව මෙරට පරිසරයට එක්වන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
මාසකට ප්ලාස්ටික් හැඳි කෝටි 5ක් පමණ භාවිතයෙන් පසු පරිසරයට මුදා හරින බව ඇමතිවරයා සඳහන් කළේය.
විශේෂයෙන් යෝගට්, අයිස්ක්‍රීම් වැනි ආහාර ගැනීම සඳහා මෙන්ම ආහාර සකස් කරන ආයතන විසින් ද බහුලව ප්ලාස්ටික් හැඳි පාරිභොගිකයින් වෙත නිකුත් කෙරන බවත්, මේවා වරක් භාවිතා කර ඉවතලන ඒවා බැවින් පරිසරයට විශාල හානියක් සිදුවන බවත් අමරවීර මහතා පැවසීය.
එමෙන්ම ප්ලාස්ටික් බීම බට ද එවැනි ම ප්‍රමාණයක් පරිසරයට මුදා හැරෙන බවත්, මේ සියල්ල සඳහා විකල්ප නිෂ්පාදන හඳුන්වා දීමට හැකියාවක් ඇතත් පහසුව සඳහා ප්ලාස්ටික් හැඳි ලබාදීමෙන් වැන්ත පරිසර හානියක් සිදුවන බවත් අමාත්‍යවරයා කිවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිය කිය ඉඳලා වැඩක් නෑ මහත්තයෝ... ඔබතුමා පරිසර ඇමැති විදියට මේකට විකල්පයක් සොයලා ක්‍රියාත්මක කරන්න. කියන්න නම් කට්ටිය ඕනෑතරම් ඉන්නවා. කරන්න කවුරුත් නෑ. කරන්න ඉන්න අයට ඒ සඳහා බලයක් නෑ.