(යොහාන් භාසුර)
මාස හයක (6) කාලයක් තුළ ‘කොවිඩ්’ මර්දන එක එන්නතක් ලබාගෙන ‘කොවිඩ්’ ආසාදනය වූ සංචාරකයින්, ද්විත්ව පුරවැසිභාවය හිමි පුද්ගලයන් ඇතුළු සියලු දෙනා පූර්ණ එන්නත්කරණයට ලක්වූවන් ලෙස සළකන බව සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කරයි.
ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසු ගුවන්තොටුපළ හරහා සිදුකෙරෙන පී.සී.ආර්. පරීක්‍ෂණයේදී සීටී අගය 30 ට අඩු පරීක්‍ෂණ වාර්තා හිමි සංචාරකයෙක් සහ ශ්‍රී ලාංකිකයන්ට දින 7 ක නිරෝධායන කාලයකට යටතේව ගුවන්තොටුපළෙන් පිටවීමටත්, සම්පූර්ණ එන්නත්කරණයට ලක්වූ දෙම්පියන් සමඟ පැමිණෙන වයස අවුරුදු 12 ට අඩු දරුවන් සම්පූර්ණයෙන්ම ‘කොවිඩ්’ පරීක්‍ෂණවලින් මුදාහැරීමටත්, වයස අවුරුදු 12 ත් 18 ත් අතර එක් එන්නතක් පමණක් ලබාගත් දරුවන්ට දෙමව්පියන් සමඟ බැහැරවීමට අවසර දෙන බව නව මාර්ගෝපදේශවල සඳහන් වේ.
කොවිඩ් අවදානය ඇති රටවල්වලින් පැමිණෙන සංචාරකයන්ගේ නිරෝධනය කාලය ඔවුන්ගේ වාර්තා මත තීරණය වන බවත් ඇතැම් විට ඔවුන්ගේ නිරෝධායන කාලය දින 7 සිට 14 දක්වා විය හැකි බවත් එහි සඳහන් වේ.
‘කොවිඩ්’ වයිරසය නැවත හිසඔසවමින් තිබියදී ඊයේ (27) විදේශ සංචාරකයන් වෙනුවෙන් නව කොවිඩ් මාර්ගෝපදේශ මාලාවක් ඉදිරිපත්කරමින් සෞඛ්‍ය අමාත්‍යංශය එසේ පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඩොලර් නැතිකමට කොරෝනා වවාගෙන කෑම...
මේවාවලින් තවත් රට වලපල්ලට යනවා.
එතකොට එන්නත් තුනම ගහගෙන (booster එකත් එක්ක), පැය 72කට කලින් කරපු PCR එක නෙගටිව් කියලා සහතිකය තිබෙන අයට රෝග ලක්ෂණ පෙන්නන්නේ නැත්නම් කොළඹදි PCR කරනවාද? ඒක පැහැදිලි නෑ.
එන්නත්කරුවා යනු එන්නත් ලබාගත් තැනැත්තා නම් එන්නත් ලබා දෙන්නාට කියන්නේ කවුරු කියාද? එන්නත්ලාභියා... නේද?